අධිකරණයේ ඉහල ඇවරියෙන් සිරිසේනට රතු එළියක්

අද නීතියේ කන්‍යාවිය දූෂණයට ලක්වන්නේ අමානුෂික අයුරිනි. ඇය දූෂණය කරන්නේ එකෙකු නොවේ. මහ දවල් දෙනෝ දාහක් අතින් ඇය සමූහ දූෂණයට ලක් වෙයි . නමුත් සියල්ලන් නෑසු කන්ව බලා සිටියි . පුරවැසියන් ඒ පිලිබදව මුනිවත ‍රකින්නේ එක්කෝ ඔවුන් මේ දූෂිත යාන්ත්‍රණයේ සාමාජිකයන්ය නැතහොත්  ඔවුන්ගේ වින්දිත වාරය තවම පැමින නැත. විධායකය ව්‍යවස්ථාදායකය අධිකරණය සහ  ජනමාධ්‍ය යන මූලික  ආයතන කෙරේ ඇති  ජනතා විශ්වාසය සහමුලින්ම පලුදු වී ඇත. ප්‍රධාන  ධාරාවේ සියලු මාධ්‍ය සිය හාම්පුතුන්ට රෙදි නැතිව කඩේ යද්දී සිහින් කෙදිරිල්ලක් හෝ නැගීමට ජනයාට ඉතිරිව ඇත්තේ සයිබර් අවකාෂය පමනි  

සහජීවනය වෙනුවට වෛරය වපුරන්නන් අතර ඉදිරියෙන්ම සිටින්නේ ජන මාධ්‍ය සහ යුක්තිය පසිදලන ආයතන නොවේදැයි ප්‍රශ්න කිරීමෙහි අතිශයොක්තියක් නොමැත .මෑතකදී සහජීවනය ගැන කථා කල අයෙකුට මුහුනු පොත හරහා ඇඹිලිපිටිය මහේස්ත්‍රාස් වරයා තිත්ත කුනුහරපයෙන් බැන වැදුනි.අදාල පුද්ගලයාගේ පොස්‍ටුව අමු වැඩි වූවා විය හැක . නමුත් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් විණිසුරන්ට ෆේස් බුක් ගිනුම් පවත්වාගෙන යාම තහනම් කර ඇති සමයක ඇඹිලිපිටියේ මහේස්ත්‍රාත්ගේ කලකිරියාව ප්‍රශ්නාර්ථයක් විය. එකී අවකල් ක්‍රියාව ලංකා ඊ නිවුස් ඇතුලු වෙබ් අඩවි කිහිපයක් වර්තා කිරිමත් සමගම විනය ක්‍රියා මාර්ගයක් නොගෙන සිටීමට බැරි තැනට පත් විය

පෙරේදා  ඇඹිලිපිය මහේස්ත්‍රාත්ගේ සේවය අත්හි‍ටවූ බව වාර්තා විය.  අවකල්ක්‍රියා වෙබ් අඩවි හරහා හෙලිදරව් වීමෙන් පසු සේවය අහිමි වූ තුන්වන විණිසුරා මොහුය .ව්‍යවස්ථාවේ කඩතුරාවක් හරහා ජනාධිපතිවරණය කල් දැමීමට සිරිසේන කුමන්ත්‍රනය කරන බව  ප්‍රධාන වෙබ් අඩවි ගනනාවක් මෑතකදී වාර්තා කලේය. මුලින් සිරිසේන විමසුවේ ධූර කාලය 5 ද 6 ද කියාය . සිරිසේනගේ කාලය අවු 5 බව ශ්‍රේෂ්ඨාධිකරනය කීවේය.  දැන් සිරිසේන විමසීමට යන්නේ එම අවු 5 ආරම්භ වන්නේ කවදාද යන්නය. පසුගියදා අධිකරණයේ ඉහලම ඇවරියේ  කිහිපදෙනෙකු එකවූ සාදයක්දී  මේ පිලිබදව කතිකාවක් විය. සිරිසේනගේ සිහිනය එහි සිටි එක් නිති ප්‍රභලයෙකු බිදහෙලුවේ කෙස් පැලෙන තර්ක වලින් නොව දෙකේ කොලයෙනි. මේ ඔහුගේ තර්කයයි

  1. 2015 ජනවාරි 08 සිරිසේන දිවුරුම් දුන්නේ ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 06 ක් ලෙස පවතින  වකවානුවකය. (19 සංශෝධනය නොතිබූ විටකය )
  2. ධූර කාලය අවු 5 ද 6ද කියා විමසූ විට පිළිතුර වූයේ අවු 5කි යන්නය
  3. එනම් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අතීතයට බලපැවැත්වෙන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ පිලිගැනීම විය 
  4. ජනපතිගේ ධූරකාලය වසර 5කට සීමා කරමින් 19 වන සංශෝධනය  නීති ගත වූයේ 2015  ජූනි මාසයෙදීය
  5. දැන් සිරිසේන ධූර කාලය ආරම්භ වන්නේ කවදාද යන්න විමසන්නේ අන් කිසිවකට නොව එය ආරම්භ වන්නේ 19 න සංශෝධනය සම්මත වූ දින සිට යයි කියවෙන තීන්දුවක් අපේෂාවෙනි
  6. කලින් මත විමසුමේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය වූයේ 19 වන සංශෝධනය කවදා සම්මත වුවද දිවුරුම් දුන් දා සිට එය සිරිසේනට අදාල වන බවය.
  7. එනම් සිරිසේනගේ ධූරකාලය ආරම්භ වන්නේ ජන 8 ය
  8. අධිකරණ පූර්ව නිදර්ශන න්‍යාය කෙලෙසිය නොහැක

පෙර තීන්දුවක් හෑල්ලුවට ලක් කිරීම උඩ බලා ගෙන කෙල ගැසීමක් වන හෙයින්  ඊට  සූදානම් නොමැති බව  ප්‍රභලයා කියා සිටින විට එහි සිටි අනෙක් උන්ද එය අනුමත කළෝය. (එහි සිටි කිහිප දෙනෙකු අදාල තීන්දුව දෙන බංකුවේ වාඩි වෙන උන්ය )

විශේෂ ලියුම්කරුවෙකු විසිනි