ලන්ඩන් මිත්‍රයා සමග සජිත් කළ හොර සල්ලි ජාවාරම මෙන්න

දිනය 2014 මාර්තු 25, ස්‌ථානය කොළඹ කුරුඳුවත්තේ පිහිටි පෞද්ගලික බැංකුවකි. වේලාව පස්‌වරු දෙක පසුවී විනාඩි කිහිපයක්‌ ගෙවී ගොස්‌ තිබිණි. දිනයේ බැංකු කිටයුතු නිමා කිරීමට ආසන්න ව තිබීම නිසා බැංකුව තුල කලබලකාරි බවක්‌ දිස් විය.

කලබලකාරී පරිසරය තවත් වැඩි කරමින් වේගයෙන් පැමිණි  ලෑන්ඩ් කෲෂර් ජීප් රථයක්  බැංකුවේ දොර අසල නතර විය. ඉන් බැසගත් අව් කන්නඩි දෙකක් පැලද සිටි කාන්තාවක් යුහුසුළුව කවුන්ටරය වෙත  දිව ගියාය.

කළබලකාරී ලෙස බැංකුවට පැමිණි ඇය දුලාංජලී බව බැංකුවේ සමහරෙක් දැන සිටියහ. දුලංජලී තම අත වූ මුදල් බැංකු නිළධාරිණියකට දුන්නාය. එම නිලධාරිනිය නවක නිලධාරිණියක් වූ අතර මුදල් දුන් කාන්තාව සජිත්ගේ නැගෙනිය බව ඇය දැන නොසිටියාය. ඇයට ලැබුනු මුදල මිලියන 2කි.

නවක නිලධාරිණිය ඉතා සියුම් ලෙස මුදල් නෝට්‍ටු පරීක්ෂා කළාය . Fake note detector එකෙන් ලැබුන සංඥාවත් සමග බැංකු නිළධාරිණිය හඬ අවධි කළාය. “මැඩම්, මේ ඔක්කොම ෆේක් නෝට්ස් ”. බැංකු නිළධාරිණිය කලබලයෙන් යුතුව මුදල් ‍රැගෙන ආ කාන්තාවට දැන්වූවාය.

එසැනින් දුලංජලී සිය ජංගම දුරකථනයෙන් කිසිවෙකුට කථා කළාය. කළ යුතු දේ පිළිබදව ඇයට උපදෙස් ලැබුණි. දුලංජලී ‍රැගෙන ආ මුදල මිලියන 2ක් වුවද , පන්දාගේ නෝට්‍ටු වලින් ‍රැගන ආ නිසා එය හෑන්ඩ් බෑගයේ දැමිය හැකි තරම් කුඩා විය.

වහා ක්‍රියාත්මක වූ දුලංජලී බැංකු නිළධාරීන්ට සිතන්නවත් ඉඩක් නොදී මුදල්ද ‍රැගෙන බැංකුවෙන් පලා ගියාය. දුලංජලීගේ පලායාමත් සමග බැංකුව මහත් කම්පනයකට ලක් විය. මක් නිසාදයත් දුලංජලී කාලයක් තිස්සේ මෙම බැංකුවේ මුදල් තැන්පත් කළද, ඇය ජනාධිපති දියනියක් වූ නිසා , මුදල් වල ප්‍රමාණය මැන්නා මිස ගුණය මැනීමට ඔවුන් කටයුතු කොට නොතිබුනි

බැංකුව විසින් මෙම සිද්ධිය රහස් පොලීසිය වෙත පැමිණිලි කලේය. දුලංජලී නිවෙස වෙත යන විට, හේමා ප්‍රේමදාස ඇය සහ සජිත් බේරා ගැනීමට අවශ්‍ය වැඩ කටයුතු යොදා තිබුනි. ප්‍රේමදාස  පවුලට මහින්ද  රාජපක්ෂ හමු වීමට එදින වේලාවක් ලැබී තිබුනි. එය සම්බන්ධීකරණය කළේ ටිරාන් අලස්ය.

සජිත් දුලංජලී පමනක් නොව හේමාද කඳුලු සලමින් මහින්ද ලග වැඳ වැ‍ටුනෝය. මහින්ද යනු බ්ලැක්මේල් කලාව වෘත්තියක් ලෙස කරන අයෙකි. විරුද්ධ පක්ෂයෙන් එල්ල වන විරෝධය සමනය කරනු වස් CIDයට කටඋත්තරයක් ලබා දෙන ලෙස මහින්ද කීවේය.තවද, එසේ කළා කියා මයිල් ගහකටවත් හානියක් නැතැයි මහින්ද කීවේය.

මහින්දගේ වචනය විශ්වාස කළ දුලංජලී පසුදිනම CID  එකට ගියාය. CID එක ඇයගෙන් පැය 4කට වඩා ප්‍රශ්න කළේය. දුලංජලී ලබාදුන් කටඋත්තරය  එදිනම  මහින්දගේ අතට පත් විය . එහි පිටපතක් CID ය සතුව වත් නැති අතර එකම පිටපත් ඇත්තේ කාල්ටන් වලව්වේය.

දුලංජලීගේ කට උත්තරයේ  ඇය සඳහන් කොට ඇති කරුණු පහත පරිදිය.

  1. රුපියල් පන්දහසේ නෝට්ටු ලැබුනේ ක්‍රිෂාන්ත රෝලීන් නැමති අයෙකුගෙන් බව
  2. ක්‍රිෂාන්ත රෝලීන්, සජිත්  එංගලන්තයේ  සිටි සමයේ ඔහුගේ හොදම මිතුරා බව
  3. ක්‍රිෂාන්ත රෝලීන් සජිත්ගේ බිස්න්ස් පාර්ට්නර් බව
  4. සජිත්ගේ දේශපාලන සහ පුන්‍ය ව්‍යාපාර වලට මුදල් ලබා දෙන ප්‍රධානතම පුද්ගලයා ක්‍රිෂාන්ත රෝලීන් බව
  5. දුලංජලීට,  ක්‍රිෂාන්ත රෝලීන් සමග කිසිදු ගණුදෙනුවක් නොමැති බව

    මෙම සිද්ධියෙන් පසුව ක්‍රිෂාන්ත රෝලීන්ගේ නිවස පරික්ෂා කළ අතර එහි තිබී 5000 ව්‍යාජ නෝට්‍ටු 2383 ක් සොයා ගෙන තිබුනි. ව්‍යාජ මුදල් ජාවාරම වසර ගණනාවක් තිස්සේ කරනගෙන යන එකක්  බව ක්‍රිෂාන්ත රෝලීන් CIDට  දුන් කටඋත්තරයේ සදහන්ය. රුපියල් වලට අමතර විදේශ මුදල් නෝට්‍ටු ගණනාවක් මුද්‍රණය කරන බවද ඔහු පිලිගෙන තිබුනි. ව්‍යාජ නෝට්‍ටු වලින් සැකසු කෝටි ගණන් මුදල් විටින් විට  සජිත් වෙත දී ඇති බව කටඋත්තරයේ සදහන්ය

2002 කාලයේ සජිත්  හම්බන්තොට දේශපාලනය කළේ  රත්නවීර  පාතාල කණ්ඩායමේ සහායෙනි. රත්නවීර පාතාල කණ්ඩායමේ නිළ අනුග්‍රාහකයා වූයේ සජිත් ප්‍රේමදාසය. ලංකාවේ හෙරොයින් ජාවාරමට සම්බන්ධ නොවූ එකම පාතාල කණ්ඩායම මොවුන්ය. ඔවුන්ට මුදල් ලැබුනේ හොර නෝට්‍ටු අච්චු ගැසීමෙනි.

එකල හොර සල්ලි අච්චු ගැසීමේ දියුණුම තාක්ෂණය සතුවූයේ මොවුන්ටය. ලංකාවේ මුල්වරට ඇමෙරිකන් ඩොලර්  අච්චු ගැසීම පටන් ගත්තේ මොවුන්ය. මෙම කණ්ඩායමේ සිටි රාහුල රත්නවීර තවමත් ජීවතුන් අතර වෙයි. ඔහු ප්‍රකාශ කරන පරිදි හොර සල්ලි ජාවරමේ මහ මොළ කරු සජිත් ප්‍රේමදාසය.රතනවීරලාට හොර සල්ලි අච්චු ගසන තාක්ෂණය දුන්නේ ක්‍රිෂාන්ත රොලීන්ය

කෙසේ වුවද  මහින්ද,  ප්‍රේමදාස පවුලට පොරොන්දු වූ පරිදි සජිත් හෝ  දුලංජලී  යන කිසිවෙකුට හානියක් නොකලේය . හොර නෝට්‍ටු කේස් එක යට ගසන ලෙස සැම මාධ්‍ය ආයතනයකටම නියෝග දුන්නේය . නමුත් අද වන විට සජිත්ගේ හොර නෝට්‍ටු කේස් එකේ ලිපි ගොණුව ඇත්තේ නාමල් බාරයේය.

ප්‍රේමදාස පවුලේ හොර නෝට්‍ටු ‘කේස් එක මාට්‍ටු’  වීමත් සමග සජිත්ගේ දේශපලන ව්‍යාපෘති  සහ පුන්‍ය කටයුතු නතර වුනි. බොර දියේ මාළු බෑ බෝන් අගේන් නම් ක්‍රිස්තියානි නිකාය සජිත්ගේ දැලේ දමා ගත්තේ මෙවන් පසුබිමකය . සජිත්ගේ දේශපාලන සහ සමාජ සත්කාර වලට ඔවුන් මුදල් දුන්නේය. දුලංජලී ප්‍රසිද්ධියේ බෝන් අගේන් සරණ ගියාය. සජිත් අප්‍රකාෂිතව බෝන් අගෙන් සරණ ගියේය.