මුලතිව් කඳවුර පාවාදුන් කැප්ටන් සුරේෂ් රාජ් කොටි සමග එක් වූ හැටි

1996 ජූලි 18 වන බදාදා ය. අළුයම 1ට පමණ අඳුර මැදින් වෙඩි වරුසාවක් සමග LTTE ත්‍රස්තවාදීන්ගේ මුලතිව් යුධ හමුදා කඳවුර වෙත කඩා පැන්නා. හතර වටින්ම මුලතිව් කඳවුර වටකර පහර දුන්නා. දින 12 ක් පැවති සටන අවසානයේ කොටි මුලතිව් හමුදා කඳවුර ඕව රන් කළා

LTTE එක මුලතිවු කැම්ප් එකට ගහලා ජීවග්‍රහයෙන් අල්ලාගත් සෙබළු පුච්චලා මැරුවේ හරියටම අද වගේ දවසක. තිස් වසරක ඊලාම් යුද්දයේ ලංකාවේ හමුදාව ලද දරුණුම පරාජය මෙය විය. මේ සටන දින 12 ක් පුරා පැවැතියා.


1989 බලයට පත්වුන  ආර්. ප්‍රේමදාස කොටින්ට අවි ආයුධ දුන්න, සිමෙන්ති කන්ටේනර් ගණන් දුන්නා. කෝටි ගණන් මිල මුදල් දුන්න. ප්‍රේමදාස ඒ කාලේ කොටින් වෙනුවෙන් හිල්ටන් හෝටලයේ තට්‍ටුවක් මුළුමනින්ම වෙන් කරලා තිබුන. ඒ තට්‍ටුවට VVIP ආරක්ෂාව දුන්නා. 

ලංකා ඉතිහාසයේ සතුරා එක්ක කිසිදු සටනක් නොකර , තම රාජ්‍ය කාලය පුරාවට සතුරාට අවි ආයුධ මිල මුදල් දෙමින්  සතුරා පෝෂණය එකම පාලකයා සජිත්ගෙ තාත්තා. 89 බලයට ආපු සජිත්ගේ තාත්තා 93 දී මිය පරලොව යනකන් එල්.ටී.ටී.ඊ සංවිධානය ඉල්ලන හැම දෙයක්ම දුන්නා . 

සජිත්ගේ තාත්තා කොටින්ට එරෙහිව එක යුධ මෙහෙයුමක්වත් කරන්ඩ අවසර දුන්නෙ නෑ. කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව දැවැන්ත මෙහෙයුමක් කරන්න සූදානම් වුන ඩෙන්සිල් කොබ්බ්බෑකඩුව අරාලි තුඩුවෙදී ඝාතන කලේ සජිත්ගේ තාත්තා.

89 සජිත්ගේ තාත්තා බලයට පත්වෙන වෙන කොට එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයන් හිටියේ 800 කට ආසන්න පිරිසක් . ඒ වගේම තමා ඔවුන්ට තිබුනෙ ටී 56 වගේ සිල්ලර අවි කිහිපයක්.

නමුත් සජිත්ගේ තාත්තා මිය යනවිට එල්.ටී.ටී.ඊ එකේ සාමාජිකයන් 6000 කට වඩා හිටියා.ගුවන්යානා නාෂක මිසයිල පවා තිබුනා. මුහුදු කොටි බලකාය හදලා තිබුනා. සජිත්ගේ තාත්තගෙන් ලැබුන හයියෙන් තමා කොටි නොනවතින ‍රැල්ල පටන් ගත්තේ. 

සජිත්ගේ තාත්තා හිල්ටන් හෝටලයේ හිටපු කොටින්ට , හමුදාව දාල VVIP ආරක්ෂාව දුන්න. කැප්ටන් සුරෙශ් රාජ්  කියන්නේ මහනුවර කිංග්ස්වුඩ් විදුහලේ අධ්‍යාපනය ලැබ හමුදාවට බැඳුන නිලධාරියෙක්. මේ නිළධාරියා තමා හිල්ටන් හෝටලයේ කොටින්ට ආරක්ෂාව දුන්න හමුදා ඛන්ඩය බාරව සිටියේ.

සුරේෂ් රාජ්ට දෙමළ සම්භවයක් තිබුනා. සුරේෂ් රාජ් හිල්ටන් එකේ ඉන්න කාලෙදී කොටි නායකයන් එක්ක මිත්‍ර වුනා. ප්‍රේමදාසගේ මරණින් පස්සේ කැප්ටන් රාජ්ට මුලතිව් කඳවුරට ස්ථාන මාරුවක් ලැබුනා. මුලතිව් කඳවුරේ රහස් කොටි අතට පත් කළේ කැප්ටන් සුරේෂ් රාජ් .

කොටින්ට හිල්ටන් එකේ තියාගෙන  VVIP සැලකිලි දීම ඓතිහාසික වරදක් . එවැනි නරක පූර්වාදර්ශ නිසා තමා කැප්ටන් රාජ් කොටි එක්ක සෙට් වුනේ. (දෙමල සම්භවයක් තියෙන හමුදා නිළධාරීන් ඕනෑ තරම් හමුදාවෙ හිටියා , ඉන්නවා) සජිත්ගේ තාත්තා කොටි පෝෂණය නොකලා නම් මුලතිව් ප්‍රහාරය වගේ දැවැන්ත ප්‍රහාර එල්ල කරන්ඩ බෑ.  

ප්‍රහාරය ආරම්භ වන විට මුලතිවු කදවුරේ සෙබළුන් 1407ක් සිටියා . ප්‍රහාරයෙන් දිවි ගලවා ගත්තේ නිලධාරීන් 2 සහ සෙබළුන් 60 දෙනෙකු පමණි .

ඒ වගේම ත්‍රිවිධ පහර ක්‍රියාන්විතයෙන් කඳවුර මුදාගැනීමට උත්සාහ කිරීමේදී සෙබළුන්ගෙන් 100ක් මිය ගියා. ඒ අනුව සෙබළුන් 1443 ක් මුලතිවු සටනේදී අපට අහිමි වුණා .

ජීවග්‍රහයෙන් අල්ලගත් අපේ හමුදා සාමාජිකයන් මරා පුළුස්සා දැමුවෙ 1996 අගෝ 1 දින. හරියටම මීට අවු 24 කට පෙර අද වගේ දිනක