සජබ මන්ත්‍රී 12ක් බැසිල් සරණ යයි, සජිත් අනාථයි

සමගි ජන බලවේගය පක්ෂයෙන් තේරි පත්වූ මන්ත්‍රීවරු 12 ක් ආණ්ඩුව සමග එක් වීමට කැමැත්ත පල කොට ඇත. මේ අතර මුස්ලිම් මන්ත්‍රීවරු 4 ක් සහ වතු නියෝජනය කරන දෙමල මන්ත්‍රීන් 2 සිටියි. මුස්ලිම් මන්ත්‍රීන් 4 ගේ නම් අප සතු වුවද මේ අවස්ථවේ එය හෙලි කළ නොහැක . ඔවුන් රිෂාඩ හකීම් නොවන බව පමනක් සදහන් කල හැක .

රජය සමග එක්වීමට යන සිංහළ මන්ත්‍රීවරු පිරිසෙන් කිහිප දෙනෙකු මැතිවරනයට පෙරම බැසිල් හමුවී ආන්ඩුව සමග එකතු වීමට කැමැත්ත පල කොට සිටි අය වෙයි.මේ හේතුව නිසා සජිත්ගේ පක්ෂයෙන් පලුවක් ගැලවීයාම කිසිසේත් වැලැක්වීමට නොහැකි තත්වයක පවතියි.මෙම පිරිස අතර තිස්ස අත්තනායකද සිටින බව අප විශ්වාසයෙන් යුතුව වාර්තා කර සිටිමු