ඩයනාට එරෙහිව පැමිණිල්ලක් – සජිත්ට තවත් මරාලයක්

ඩයනා ගමගේ සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයුස්තුවට ඇතුල් කළේ ඇය තමන්ට අයත් වූ පක්ෂය සජිත්ට ලබා දීමට හිලව් වශයෙනි. නමුත් ඇය ද්විත්ව පුරවැසිභාවය හිමි කාන්තාවක් බව මේ වන විට හෙලිදරව් වී ඇත .මෙම හේතුව නිසා ඩයනාට ජාතික ලැයුස්තු මන්ත්‍රී ධූරය ලබා නොදෙන ලෙස තිස්ස , රංජිත් ඇතුළු පිරිසක් සජිත්ගෙන් ඉල්ලා ඇත

සජිත් ප්‍රේමදාස එම මතය පිළිගෙන ඇති අතර, ද්විත්ව පුරවැසිභාවය දැන දැනම ඇය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට පත් කිරීම සාදාර බැදියාව පිලිබද ප්‍රශ්නයක් යයි ඩයනාගේ පාර්ශවයට දැනුම් දීඇත.

මේ පිලිබදව ඩයනාගේ පාර්ශවය සමග සාකච්ඡා සිදුවෙමින් පවතින අතර , ඇයගේ පාර්ශවයෙන් ඉදිරිපත් කොට ඇති විකල්ප යෝජනා සමබන්ධව සජිත්ගේ පාර්ශවය එකග වී නොමැත,

මේ අතට අද හෝ හෙට තවත් සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් ඩයනාගේ ද්විත්ව පුරවැසිභාවය පිලිබදව පෙත්සමක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටියි