ඉන්දියාව විදේශ ශ්‍රමිකයන් ලක්ෂ 10 ක් යලි ගෙන්වාගෙන ඉවරයි

කොරෝනා වසංගතය හේතුවෙන් ‍රැකියා අහිමිව අසරන වූ විදේශ ශ්‍රමිකයන් දසලක්ෂ හැට දහසක් යලි ඉන්දියාවට ගෙන්වාගෙන ඇති බව ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කොට ඇත. ඉන්දියානු රජය විදේශ ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම සදහා ” වන්දේ භාරත් ” නමින් සුවිශේෂ මෙහෙයුමක් දියත් කලේය.ගුවන් යානා පමනක් නොව නාවික හමුදාවට අයත් විශාල නැව් පවා මෙම මෙහෙයුම සදහා යොදා ගත්තේය .

නමුත් ලංකාවේ රජය විදේශ ශ්‍රමිකයන් අරභයා කලේ කුමක්ද ? ලංකාවේ දේශප්‍රේමි රජය ඉතා සාහසික ලෙස විදේශ ශ්‍රමිකයන් අසරණ කළේය. අතේ මුදල් ඇති මිනිසුන්ට වත් යලි පැමිනිය නොහැකි වන සේ ගුවන් තො‍ටුපොල වසා දැමුවේය.

ලංකාවේ වැඩ කරන විරුවා නොහොත් ගෝඨාභය රාජපක්ෂ කළේ යලි පැමිනීමට අතේ මුදල් තිබූ අය පවා හිඟමනට ඇද දැමීමය. අසරනකම නිසා තමන් ගණිකා වරුත්තියට වැටී ඇති බව සදහන් කරමින් මෑතකදී ලංකාවේ මව් වරු පිරිසක් වීඩියෝවක් පවා නිකුත් කොට තිබුනි

ලංකාවේ විදේශ ශ්‍රමිකයන් වැඩිම පිරිසක් සිටින්නේ සෞදි අරාබියේය.එහි ශ්‍රී ලාංකිකයන් 60000 කට වැඩි පිරිසක් සිය රට බලා පැමිණීමට සිටියි . නමුත් මේ දක්වා සෞදි අරාබියට යවා ඇත්තේ එක් ගුවන් යානයක් පමනි.ඔමානයට් සහ බහරේනයටද එක් ගුවන් යානාවකි. ඊශ්‍රායලයට මේ දක්වා එකදු ගුවන් යානාවක් වත් යවා නැත.

පසුගිය දශක කිහිපය පුරා ලංකාවට වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් එව්වේ මොවුන්ය. ත්‍රස්තවාදීන් සමග හමුදාව සටන් කළේ යම් සේද , ආර්ථික යුද්ධයේදී වැඩිම වැඩ කොටසක් ඉ‍ටු කලේ විදේශ ශ්‍රමිකයන්ය.

ලංකාවේ මාධ්‍ය ආයතන කොතෙකුත් තිබේද? දේශපාලන වැඩ සටහන් කොතෙකුත් තිබේද ? එම වැඩ සටහන් වලට නොපැමිනෙන දේශපාලකයෙකු නැත ? නමුත් විදේශ ශ්‍රමිකයන්ගේ ගැටලුව ගැන කිසිම මාධ්‍යයක් ප්‍රශ්න කරන්නේ නැත. විදේශ ශ්‍රමිකයන්ගේ ගැටලුව පිලිබදව ලංකාවේ මාධ්‍ය ආයතන කටයුතු කරන ආකාරය ගුජුප්සාජනයකය .