හාමුලාගේ කුමන්ත්‍රණය අසාර්ථකයි, පිරිමි නර්ස් සහ අනාචාරියාගේ රෙදි නෑ

එක්සත් ජාතික පක්ෂ නායකත්වයට රුවන් විජයවර්ධන පත්කිරීමට අද (14) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ගත් උත්සාහය හකුලා දැමීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමත් විය.

එහිදී පක්ෂ නායකත්වය පිළිබද මාතෘකාව ඇදී ආ අවස්ථාවේදී ආශු මාරසිංහ විසින් රුවන් විජයවර්ධනගේ නම යෝජනා කළේය. සමන් රත්නප්‍රිය එය ස්ථිර කළේය.

කෙසේවෙතත් රුවන් විජයවර්ධනගේ නම යෝජනා වීමත් සමග පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ දැඩි ලෙස ඊට විරෝධය පල කොට ඇත.රුවන්ට එරෙහිව ඔවුන් ඉදිරිපත් කොට ඇති චෝදනා පහත පරිදිය

  1. රුවන් ඇමතිවරයෙකු ලෙස කිසිදු වැඩක් ගම්පහට සිදු කොට නොමැති බව

2. එජාප බලකො‍ටුවක් වූ බියගම රුවන් විසින් විනාශ කළ බව

3. රුවන් ගම්පහ ජනයාගේ අප්‍රසාදයට ලක් වූවෙකු බව

4. නායකත්ව ලක්ෂණ කිසිවක් රුවන් තුල නොමැති බව

5.රුවන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධූරය දැරූ සමයේ පාස්කු ප්‍රහාරය එල්ල වූ බව

6. පාස්කු ප්‍රහාර විමර්ශන කමි‍ටුව හමුවේ රුවන් ලදරුවෙක් සේ හැසිරුන බව

7. රුවන් විජයවර්ධන අසාර්ථක දේශපාලන චරිතයක් බව

8. රුවන්ගේ පවුල් ජීවිතය අවුල් ජාලාවක් වී ඇති බවත් එවැනි අයෙක් ජාතික නායකත්වයට පත් කිරීමට සතුරන්ට අයුධ ලබා දීමක් බව

කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිළිබදවද සාකච්ජා වී ඇති අතර එහිදී දින නියමයකින් තොරව එම පත්කිරීම කල් දැමීමට පක්ෂය තීන්දු කර ඇත.

සිරිකොත විශේෂ වාර්තා කරුවෙකු විසිනි