විනාශයේ අනුප්‍රාප්තිකයා ලෙස රුවන් පත් කිරීම සහ සිරිකොත අරක්ගත් පිසාචයෝ  

අද ලංකාවේ දේශපාලන පක්ෂ අතර දැවැන්තම ඛේදවාචකයට මුහුණ දී ඇත්තේ එජාපය බව රහසක් නොවේ.නමුත්  එජාපයේ විනාශයට වගකිව යුත්තේ පාක්ෂිකයන්වත් , රාජපක්ෂලාවත් , සිරිසේනවත් නොවේ. මා එසේ කියන්නේ ඇයි ? ඊට පිළිතුරු ලිවීමේදී, පලමුව  ජනතා කේන්ද්‍රීය දේශපාලන පක්ෂයක රුව ගුණ හදුන්වා දීමට කැමැත්තෙමි.

පොහොට්‍ටුව පාක්ෂිකයා කේන්ද්‍රීය දේශපාලන සංවිධානයකි


මේ වනවිට රාජපක්ෂලා ලංකාවේ දේශපාලන බ්‍රෑන්ඩ් එකක් බවට පත් වී ඇත. එය නිකම්ම නිකන්  බ්‍රෑන්ඩ් එකක් නොව අභිමානවත් බ්‍රෑන්ඩ් එකකි. පහ වසර  කුඩා දරුවාගේ සිට  වෘත්තීය වේදීන් දක්වා වැළදගෙන ඇත්තේ රාජපක්ෂ බ්‍රෑන්ඩ් එකය. රාජපක්ෂලා මෙතරම් සාර්ථක වූයේ ඔවුන්ටම අන්‍ය වූ සංවිධාන ව්‍යුහය නිසාවෙනි.  පොහොට්‍ටුව බිම් මට්ට්ම නොහොත් අත්තිවාරමේ සිට ගලින් ගල  ඉහලට ගොඩනැගූ පක්ෂයකි. එහි ප්‍රධානියා ජනමූල නායකයෙකි.


පොහොට්‍ටුවේ අසමසම  බලය 

යාචකයා, පොල් කඩන්නාගෙන් පවා වැඩක් ගැනීමට සැලසුමක් ඇත. මැතිවරණ කාල වලදී මොවුන් ඉ‍ටුකරන සේවය සුළුප‍ටු නැත.  සමාජ ජාලා තුල පොහොට්‍ටුව සතු බලය කිසිවෙකුට සම කළ නොහැක. ලෝකයේ බලවත්ම  සමාජ ජාලා යාත්‍රණය පොහොට්‍ටුව සතු බව පැවසීම අතිශයයොක්තියක් නොවේ.

ප්‍රතිවාදී සමාජ ජාලා ක්‍රියා කරුවන් සහ FB පි‍ටු වල සම්පූරණ ලැයිස්තුවක් පොහොට්‍ටුව සතුය. එක් ප්‍රතිවාදී   සමාජ ජාල ක්‍රියාකරුවෙක් සමග සටන් වැදීමට පොහොට්‍ටු පාර්ශවයෙන් නිත්‍ය ලෙස දෙදෙනෙකු පත් කොට ඇත. රාජපක්ෂලා දුර බැහැර ජනහමුවක් පවත්වන විට ෆේස් බුක් බලකායද කැ‍ටුව යයි.  ෆේස් බුක් බලකාය ජනයා හමුවට ගොස් සතු‍ටු සාමීචියේ යෙදී රාජපක්ෂවාදය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරයි

රනිල්ගේ පාලනය නායකයා කේන්ද්‍ර ගත වූවකි, පාක්ෂිකයා නොසලකා හැර ඇත

එජාපය යනු අධිකාරිමය බලයකින් පත්වූ නායකයෙකු විසින් අත්තනෝමතික  ලෙස පාලනය කරන පක්ෂයකි. ඔනෑම ආයතනයක් ගොඩ නැගිය යුත්තේ බිම් මට්ට්මේ සිට ඉහලටය. නමුත්
රනිල්ගේ නායකත්වය යටතේ එජාපය ගොඩ නැගුනේ, පහල සිට ඉහලට නොව  ඉහල සිට පහලටය. මෙම විකුර්තිය නිසා  එජාපයට ජනමූල පදනම අහිමි විය . එජාපය නම් වූ පිරමීඩයේ ඉහලම කොතේ සිටින රනිල් බිම් මට්ට්මෙන් විසන්ධි වූ අයෙකි. සජිත් එජාපයෙන් පළුවක් ගලවාගෙන යාමට මූලික වූ එක් ප්‍රධාන හේතුවක් වූයේද මෙම තත්වයයි. 


රනිල් පිරිසිදු දේශපාලකයෙක්ක්ද ?  

යහපාලන ආණ්ඩු කාලයෙදී රනිල් සිය බලය පවත්වාගෙන යාමට එජාප පසු පෙල මත්‍රීන්ට කෝටි ගණනින් වරදාන දුන්නේය. ඒවා දුන්නේ රනිල්  ගෙදරින් ගෙන ආ මුදලින් නොවේ, නමුත්  මහජන මුදලිනි.  2015 මැතිවරණයට ඇවන්ට් ගාඩ් මුදලාලිගෙන් කෝටි 400 ක් ලබා ගැනීමට මූලික වූයේ රනිල්ය. ඇලෝසියස් කොල්ලාට බල්ල්ලාට හැම එකාටම මුදල් බැදුවේ රනිල්ගේ උපදෙස් අනුවය.බැදුම්කර චෝදනාව එල්ල වන  විට මහ මැංකුව තිබුනේ  රනිල් යටතේය. මහ බැංකු අධිපති වූයේ රනිල්ගේ පාසැල් මිත්‍රයාය.නමුත් බැඳුම්කරය  දේශපාලන චණ්ඩ මාරුතයක් වන විට  රවි බිල්ලට දී රනිල් ආරක්ෂා විය.

රනිල්  ලොව පිළිගත් රාජ්‍ය තාන්ත්‍රිකයෙක්ද  ?

2015දී මහින්ද පරාජය කිරීමට ඉන්දියාව සහ  බටහිර කඳවුර විශාල මෙහෙයක් කළේය. ඉන්දියාව චීන හිතවාදී මහින්ද පරාජය කිරීමට සහාය වූයේ රනිල් හරහා සම බලයක් ගොඩ නගා ගැනීමේ අපේෂාවෙනි. නමුත් රනිල් හම්බන්තොට වරායද චීනයට දී  කලාපයේ බල තුලණ අපේක්ෂා බොඳ කළේය. ඉන්දියාව සුවසැරිය ගිලන්රථ  සේවාය ලංකාවට දුන්නේ නිකම් නොව කොළඹ වරායේ  නැගෙනහිර පර්යන්තය ලබාගැනීමට සන්තෝසමක් ලෙසිනි. අවසානයේ පොරොන්දු කඩ කළ රනිල් ලෝක බොරු කාරයෙක් වී ජාත්‍යන්තරවද අවලංගු කාසියක් බවට පත් විය.  

එජාපය දෙකඩ කළේ සජිත්ද ,  රනිල්ද ?

සජිත්, එජාපය දෙකඩ කිරීමට පෙර  රනිල් සමග සාකච්ඡා වාර 30 කට වඩා පැවැත්වූයේය. සජිත්ගේ පාර්ශවයෙන් විවිධ කොන්දේසි ඉදිරිපත් වූ අතර , මහ මැතිවරණයෙදී සජිත් කොළඹින් තරග කිරීම ඒ අතර ප්‍රධාන විය. නමුත් සජිත් කොළඹින් තරග කරනවාට රනිල් අකමැති විය. සජිත්  තමාට වඩා මනාප ගනීවි යන බිය රනිල් තුල විය.  නාමල්ගේ ප්‍රහාරාත්මක  දේශපාලනය හමුවේ හම්බන්තොටින් තරඟ කළ හැකි පසුබිමක් සජිත්ට නොවීය. මේ හේතුව නිසා රනිල්-සජිත් සාකච්ඡා අසාර්ථ්ක විය . එජාප දෙකඩ විය.රනිල් මොළයක් ලෙස සැලකිය හැකිද ?

 රනිල් යනු ඇමති භූමිකාවට එහා  ‘කැපෑසිටියක්’ නැති අයෙකි  


රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ඇමති ලෙස , තරුණ කටයුතු ඇමති ලෙස රටට විශිෂ්ඨ සේවාවක් කළ බව අවිවාදිතය. නමුත් රනිල්  රටේ අගමැති වූ පසු ඇමතිවරයෙකු ලෙස කළ සේවාවත් කිරීමට අපොහොසත් විය. එජාප නායකයා ලෙස ඔහු මුළුමනින්ම අසාර්ථක විය.රනිල්ට අවස්ථා දෙකකදී අගමැති ධූරය ආරක්ෂා කර ගත නොහැකි විය. 

රනිල් එජාප නායකයා ලෙස සිටියදී ජාතික තලයේ දේශපාලකයන් 400 කට වඩා පක්ෂය හැර ගියහ. නායකයෙකු ලෙස රනිල්ගේ අසාර්ථක භාවයට මීට වඩා සාක්ෂි අවශ්‍ය නැත. රනිල් යනු ඇමති තනතුරකට එහා  ‘කැපෑසිටියක්’ නැති අයෙකි. එවැනි අයෙකුට  පක්ෂ  නායකත්වය සහ අගමැති ධූරය ලබා දී සිදු කරගත් විනාෂය අති මහත්ය.


අද රනිල් වෙනුවෙන් හඬ නගන්නේ කවුද?

මේ වන විට  ලංකාවේ සාමන්‍ය පුරවැසියන් කිසිවෙකු  රනිල් ඉල්ලන්නේ නැත. අද රනිල් ඉල්ලා හඬ නගන අයෙක් වෙත් නම් එම පුද්ගලයා සිරිකොත හරහා බඩ වියත ‍රැක ගන්නා අයෙකි. එවැනි අම්බලම්පාළුවන් ‍පිරිසක් තවමත් සිරිකොත අරක් ගෙන සිටියි.  රනිල් ඉල්ලා අස්වෙන්නේ නම් ඒ වෙනුවට රනිල්ගේ මස්සිනා වන රුවන් විජේවර්ධන පත්කළ යුතු යයි කියා සිටින්නේ මෙම පිරිසමය .රනිල් වෙනුවට රුවන්  ඉල්ලා සිටින්නේ පක්ෂයට ඇති ආදරයට නොව තම බඩ වියත ‍රැක ගැනීමටය. 


සිරිකොත වැඩ වසන නිඝන්යන්ට  බඩ වියත මිස ජනතා අභිලාෂ වලින් වැඩක් නැත 

රනිල්ට ඇමති ධූරයකට එහා කැපෑසිටියක් නැත්තේ යම් සේද  රුවන් විජේවර්ධනට මන්ත්‍රී ධූරයට එහා කැපෑසිටියක් නැත. අද රනිල් නැත්නම් රනිල්ගේ මස්සිනා ඉල්ලා සටන් කරන්නේ  ආශු මාරසිංහ, සමන් රත්නප්‍රිය වැනි  පැරෂුට්  කාරයන්ය. මොවුන් එක්සත් ජාතික පාක්ෂිකයන්ද ? කොහෙත්ම නැත,  මොවුන් රනිල්ට හේත්තු වී  කෝටි ගණනින් වත්කම් උපයා ගත් අවස්ථාවාදීන්ය. තිත්ත ඇත්ත කථා කරන විට ගැරඬින්ට භූමිතෙල් වැ‍ටුනා සේ මොවුන් කළබල වී ඇත. එජාපයේ  වට්ස් ඇප් ගෘප් සියල්ලෙන්  මා ඉවත් කොට ඇත. වට්ස් ඇප් ගෲප් වලින් මා ඉවත් කිරීම හරසුන් ක්‍රියාවකි. අතිසාරය වැලදී ඇති රනිල්ට අඹුඩ ගැසීමෙන් ඵලයක් ලැබේද ?

වෙබ් අඩවි, සමාජ ජාලා කෙරුමන්  පැන දුවන විට අවසාන මොහොත දක්වා මා සටන් කළෙමි

2014 වසරේ සිට මා එජාපයට හිතැති සමාජ ජාලා ක්‍රියාකාරිණියක ලෙස වැඩ කරමි. එදා පටන් අද දක්වා අතින් වියදම් කරගෙන  පක්ෂය වෙනුවෙන් දිවා රෑ වෙහෙසී වැඩ කටයුතු කරමි.සජිත්ගේ ජනාධිපතිවරණ කැම්පේන් එකේදී අවධානමේ උපරිමයට ගොස් ඔහු වෙනුවෙන් වැඩ කළෙමි. පක්ෂය තීන්දුවක් ගත් විට  රනිල්ද , සජිත්ද , රවීද කියා වෙනසක් නැත. ලංකාවේ වෙබ් අඩවි  කිසිවක් ඉදිරිපත් නොවන විට ගෝඨාගේ පුරවැසිභාවය  ආන්දෝලනාත්මක ලෙස ප්‍රශ්න කළේ මා විසිනි. එහි ප්‍රතිවිපාක ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ගත වීමට මා හට සිදු විය. එහිදී නීතිවේදින්ගේ සහාය ලබා දීමට ඉදිරිපත් වූයේ රවි කරුණානායක පමනි. පක්ෂය වෙනුවෙන් මා හැකි උපරිමයෙන් කැප වී ඇත. මා කිසිවෙකුට ණයත් නැත, බයත් නැත  

එජාප හිතැති සියළු දෙනාගෙන් කරන ඉල්ලීම 

1. රනිල් නැත්නම් රුවන් ඉල්ලන පිරිසෙන් 99% බඩවියත ‍රැක ගැනීමට පක්ෂය සහ රනිල් භාවිතා කරයි
2. රුවන් විජේවර්ධන යනු මන්ත්‍රී ධූරයක් දැරීමට තරම් වත් කැපෑසිටියක් නැති අයෙකි
3. එජාපය විනාශ කළ රනිල්ගේ අනුප්‍රප්තිකයා ලෙස රුවන් පත් කිරීමේ මෙහෙයුම පරාජය කළ යුතුය

4. පවුල් බලය පරාජය කරමින් ජනමූල නායකයෙකු එජාප අභිනව නායකයා ලෙස පත් කර ගැනීමට හඬ නගන්න

5. පාක්ෂකයන් බහුතරය ඉල්ලා සිටින්නේ  සජිත් සමග  සංධාන ගත වීම නම් බහුතරයේ මතයට සවන් දිය යුතුය 

හාමුලාගේ බත් ගොට්ටන් විසින් පවත්වාගෙන යන වට්ස් ඇප් ගෲප් වලින් මට ඇති වැඩක් නැත. වට්ස් ඇප් ගෲප් වලින් මා ඉවත් කොට මාගේ හඬ නැවැත්විය නොහැක. කුණු හරුපකියමින් , අභූත චෝදනා නගමින් මාගේ හඬ නැවැත්විය නොහැක. මා පුද්ගල වන්දනාවේ යෙදෙන්නෙකු නොව ප්‍රතිපත්ති වන්දනා කරන අයෙක්මි.

මෙම ලිපියෙන් එජාපයේ විනාශයට වග කිව යුත්තේ කවුද කියා සාක්ෂි සහිතව පෙන්වා දී ඇත. බත් ගොට්ටන් රනිල් සහ රුවන් වෙනුවෙන් පෙනී සිටින්නේ ඇයි කියා පැහැදිලි කොට ඇත.

පාක්ෂිකයෙකු ලෙස ‍තෝරා ගැනීමේ අභිමතයයක් ඔබ සතුය. ඔබට එජාපය විනාශය කල උන් ආරක්ෂා කිරීම හෝ පන්නා දැමීම යන දෙකෙන් එකක් ‍තෝරා ගත හැක.

තුෂාරා වන්නිආරච්චි