සජිත්-සිරිසේන රහස් කථා බහක්, සිරිසේන විපක්ෂ නායකයා වෙයිද?

හෙට දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සජිත් ප්‍රේමදාස සහ මෛත්‍රීපාල සිරිසේන අතර පැවැත් වී ඇත. සජිත් සහ සිරිසේන දුරකථනයෙන් සම්බන්ධිකරණය කොට ඇත්තේ දෙදෙනාම හඳුනන නීතිවේදියෙකු විසිනි. 

20 වන සංශෝධනයට පක්ෂව ඡන්දය දෙනවාද නැද්ද යන්න තීරණය කරන්නේ නව ව්‍යවස්ථාවෙන් තමන්ට හිමි වන තනතුර අනුව නොව රටේ යහපාලනයට සිදුවන බලපෑම අනුව බව සිරිසේන පවසා ඇත.

නව ව්‍යවස්ථාවෙන් තමාට නාමික තනතුරක්  පුදා ශ්‍රීලනිප ඡන්ද ඩැහැ ගැනීමට බැසිල් සැලසුම් කරන බව තමා දන්නා බව සිරිසේන සජිත්  හමුවේ පවසා ඇත.

මේවන විට රනිල් දේශීයව පමනක් නොව ජාත්‍යන්තරවද අවලංගු කාසියක් බවට පත්ව ඇති බවත් , අද ලොව පිලිගන්නා ශ්‍රි ලංකීය  දේශපාලන සළකුණ තමා බව සිරිසේන පවසා ඇත.

අද කොළඹ සිටින තානාපති නිලධාරීන් 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යස්ථාව ගැන සාකච්ඡා කරන්නේ තමන් සමග බව එහිදී පවසා ඇත.මේ වන විට ප්‍රභල තානාපති කාර්යාල 4 ක් තමාට කථා කොට ඇති බවත්, තමා තනතුරු වලට යට නොවන යහපාලනය ගරු කරන දේශපාලකයෙකු බව ඔවුන්ටද ප්‍රකාශ කල බව සජිත්ට කියා ඇත

එවැනි තත්වයක් තුල රාජපක්ෂලා ඇමක් ලෙස ලබාදෙන  නාමික තනතුරකට සිය ආත්මය  පාවා නොදෙන බව සිරිසේන  දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව සඳහන් කොට ඇත.

සජිත් සිරිසේනගේ අදහස් දැඩි ලෙස අගය කොට ඇති අතර ඒ පිළිබදව හෘදයයාංගම කෘතවේදීත්වය පල කොට ඇත. එපමනක් නොව් 9 පාර්ලීමේන්තුවේ විපක්ෂ නායකයා වන ලෙස ඇරයුම කොට ඇත. 

රාජපක්ෂලා ශ්‍රීලනිපට කළ කෙනහිලිකම් නිසා ඔවුන්ගේ කණ්ඩායම් හැගීම බලවත් වී ඇති අතර යම් හෙයකින්  20 සංශෝධනයට සිරිසේන විරුද්ධ වුවහොත් එය හකුලා ගැනීමට සිදු වනු ඇත. 

එපමනක් නොව, සජිත්- සිරිසේන එක් වුවහොත් එය රාජපක්ෂ දේශපාලනයේ ගමනක අවසානයේ ආරම්භය වනු ඇත.

සජිත් – සිරිසේන එක් වුව හොත් ගමේ ගොඩේ පොඩි මිනිසුන් රාජපක්ෂලාගේ ආවට්ටනී මායාවන්ට වසඟ වූ කාලය නිසැකවම අවසන් වනු ඇත.රාජපක්ෂලා විසින් හයි ජැක් කොට ඇති සිංහළ බෞද්ධ ‍රැල්ල නිසැකවම සජිත් සහ සිරිසේන වටා රොක් වනු ඇත.