එපා කී රාජ්‍ය ඇමතිකම යලි ඉල්ලා විජේදාස වැඳ වැටෙයි

පසුගියදා කැබිනට් ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරු නම් කිරීමේදී විජේදාසට හිමි වූයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරයය.

තමාට හිමිවූයේ රාජ්‍ය අමාත්‍ය ධූරයක්  බව දැනගත් විජේදාස ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග අමතා චෝදනා මුඛයෙන් කථා කොට පත්වීමේ ලිපිය ප්‍රතික්ෂේප කළේය.

තමන් කැබිනට් ඇමතිකකම් මිස රාජ්‍ය ඇමතිකම් දරා නැතැයි විජේදාස කියා තිබුනි. රාජ්‍ය ඇමතිවරුන් සඳහා කිසිදු ආයතනයක් ගැසට් පත්‍රයක් මගින් පවරා නැති බවත් එම නිසා බොරු ඇමති ධූර බාර ගන්නේ නැතියි කියා විජේදාස කීවේය.

නමුත්, ලොරි ටෝක් දුන් විජේදාස පෙරේදා සිට, එපා කී රාජ්‍ය ඇමති ධූරය ඉල්ලා පණිවිඩ පිට පණිවිඩ එවන බව ජනාධිපති ලෙකම් කාර්යාලයේ ආරංචි මාර්ග වලින් අපට දැන ගැනීමට ලැබුණි.

කෙසේ වුවද ජනාධිපතිවරයා විජේදාසගේ ඉල්ලීමට මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.ඊට හේතුව විජේදාස සිරිසේනගේ කල්ලිය සමග සිටීම බව තොරතුරු දුන් පුද්ගලයා අපට හෙලිදරව් කළේය