රතන,ඥානසාර,රනිල් නොහොත් බැටළු හම් පොරවාගත් වෘර්කයෝ

මෙවර මැතිවරණයේ සිදුවූ ආශ්චර්යමත් සිදු වීම් ගණනාවකි. සරත් වීරසේකර ලක්ෂ 6 කට වැඩි මනාප ගැනීම සහ සහ එය යට ගැසීම, මහින්දගේ මනාප ගැන්න හැටි වැනි සිදුවීම් ගණනාවක් ලිවිය හැක. නමුත් ඊට වඩා ආස්චර්යක් මෙම මැතිවරණයේ සිදු විය. එනම් බැටළු හම් පොරවාගෙන ජනයා ‍රවටමින් සිට වෘර්කයන් කිහිප දෙනෙකුගේ වෙස් ගැලවී යාමය.

ජාතියේ මුර දේවතාවුන් සේ පෙනී සිටි රතනලාගේ , ඥානසාලාගේ නියම ස්වරූපය මෙවර ජනයාට දැක ගත හැකි විය. අපේ ජනබල පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හිමි විය. කුණු මස් කෑල්ලකට පොර කන තිරිසනුන් මෙන් රතන සහ ඥානසාර මන්ත්‍රී ධූරයට පොර කෑහ.

මැතිවරණ ප්‍රතිඵල නිකුත්වී සුළු වේලාවකින් රතන හිමි ජනබල පක්ෂයේ ලේකම් විමල තිස්ස හිමි පැහැරගෙන ගියේය. ඒ සමගම ඥානසාර හිමි පන්සල් පීරමින් ලේකම් හිමි සෙවීම ආරම්භ කළේය .

ඥානසාර පාර්ශවය, ප්‍රතිවිරුද්ධ කඳවුරේ අරඹේපොල රතනසාර පැහැරගෙන ගොස් ලේකම් හිමි සඟවා සිටින තැන ප්‍රශ්න කලේය.එහිදී උන්වහන්සේට පහරදී තිබුණි. තමන්ට කළ පහරදීම ගැන රතනසාර ස්විස් තානාපති කාර්යාලයට පැමිණිලි කළ අතර ඥානසාර කඩුවක් අතැතිව පහර දෙමින් තමන්ගෙන් ප්‍රශ්න කළ බව කියා තිබුනි. ජනබල පක්ෂයේ සභාපති සමන් පෙරේරා පිස්තෝලයකින් පහර දී තිබුනි.

ඥානසාර හිමි බේබදු අපරාධකරුවෙකි. අරඹේපොල රතනසාරට එරෙහිව අපරාධ චෝදනා ඇත. පක්ෂයේ ලේකම් විමල තිස්ස නිදන් හොරෙකි. පක්ෂයේ සභාපති සමන් පෙරේරා හිරේ ගිය පාතාල නායකයෙකි.

රතනසාරට හිමිට කළ පහර දීම ගැන කිසිවෙකු අත්අඩංගුවට ගත්තේ නැත. නම ගිය අපරාධකරුවෙකු වූ සමන් පෙරේරා ගෝඨා සහ කමල් ගුනේ සමග සිටින ඡායා රූප සමාජ ජාලා තුල දැකිය හැක.

රනිල් දන්නා කාලයක සිට පෙනී සිටියේ ලෝක දේශපාලනයේ මහා ප්‍රජාතන්ත්‍රවාදියෙකු ලෙසිනි. නමුත් ඔහු තරම් හීන් නුලෙන් ගේම් දෙන එකාධිපතියෙකු මිහිපිට තවත් නොවීය.

දශක තුනක් තිස්සේ රනිල් කළ අපරාධ වලට නියම දඩුවම මෙවර මැතිවරණයේදී ඔහුට ලැබුනි. නමුත්, රනිල් තමනගේ වැරදි පිළිගැනීමට තරම් නිහතමානී අයෙකු නොව මුග්ධ හෘදයසාක්ෂියක් ඇති වසලයෙකි.

2019 ජනාධිපති අපේක්ෂකයා නම් කරන සමයේ රනිල් පෑ ගෝනි සෙල්ලම් අමතක නැත. වරෙක ජනපති අපේක්ෂකයා ලෙස ධම්මික පෙරේරාට ලෑස්ති වෙන්න කීවේය. තවත් වරෙක කරූට ලෑස්ති වෙන්න කීවේය. රනිල් හැකි උපරිමයෙන් පක්ෂය භේද කළේය . සජිත්ට අපේෂකත්වය දුන්නේ ඉන් අනතුරුවය

රනිල් , පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට සහ පක්ෂ නායකත්වයටද ඔය ගෝනී සෙල්ලම පෑවේය.රනිල් ලංකාවේ දැවැන්තම දේශපාලන පක්ෂය බිමට සමතලා කළද ඒ පිළිබද වගේ වගක් නැත .

ගාමිණි දිසානායක බිලිගත් තොට ලග බෝම්බයට රනිල්ගේ සම්බන්ධයක් තිබූ බව හමුදා බුද්ධි අංශ වාර්තා වල දක්වා ඇත. එම ඝාතනයෙන් පසු රනිල්ට අගමැති ධූරය හිමිවිය .විශ්ලේෂණ වාර්තා වලින් ඔබ්බට ගිය සත්‍යයක් එහි තිබිය හැකි බව ලියුම් කරුගේ මතය වෙයි.

පක්ෂය බිමට සමතලා කළ රනිල් හැසිරෙන්නේ මිනියක් මරා ආඩම්බර වන කෲර ඝාතකයෙකු ලෙසිනි.කරුණු එසේ හෙයින්, කොයි කාටත් රනිල් ගැන අළුත් කියවීමකට වේලාව පැමිණ ඇත.

පුලස්ති වීරසේකර