පොලිස් බල ඇණියක් රතන සාදුගේ අසපුව වටලයි

අපේ ජනබල පක්ෂයට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය බෙදා ගැනීමට ඥානසාර සාදු සහ රතන සාදු අතර මාරාන්තික සටනක් සිදුවන බව රහසක් නොවේ. මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමත් සමගම පක්ෂයේ ලේකම් වේදිනිගම විමලතිස්ස සාදු රතන සාදුගේ මෝටර් රථයෙන් පැහැර ගෙන ගිය බව පොලිස් පරීක්ෂණ වලදී අනාවණය වී ඇත.

රතන සාදුගේ මෝටර් රථයට වේදිනිගම විමලතිස්ස සාදු නංවා ගෙන තිබුනේ ජනපති හමු වීමට යනවා කියා බොරුවක් කියමිනි. මීට දින 2කට පෙර රතන සාදු මැතිවරණ කොමිසමේ රහස් දොට‍ටුවකින් ඇතුල් වී , ගණුදෙණුවක් කරන අයුරු කිසිවෙකු විසින් කැමරා ගත කොට තිබුනි.

දින කිහිපයකට පෙර ඥානසාර සාදු පක්ෂයේ සභාපති සමන් පෙරේරා සමග එක්ව ලේකම් සාදු සැඟවී සිටින තැන ගැන ප්‍රශ්න කරමින් තවත් හිමිනමක්ට පිස්තොලයකින් පහරදී තිබුනි.

අද දින එනම් (22 ) මීට සුළු මොහොතකට කලින් තිස් දෙනෙකුගෙන් පමන සමන්විත පොලිස් බල ඇණියක් රතන සාදුට අයත් බො‍රැල්ල ගෝතමී පාරේ සදහම් සෙවන අසපුව වටලා ඇත. මෙම වැටලීම් සඳහා පොලිස් සුනඛයන්ද ‍රැගෙන විත් තිබුනි

වේදිනිගම විමලතිස්ස සාදු පැහැර ගැනීම සහ රතන සාදු රහසේ මැතිවරණ කොමිසමට යාම පිළිබදව ඥානසාර සාදු ජනපතිවරයාට පැමිණිලි කොට ඇති අතර පොලිස් මෙහෙයුම ක්‍රියාත්මක වී ඇත්තේ ඉන් අනතුරුවය.