බැසිල්ගේ ප්‍රහාරයෙන් මහදැන මුත්තාගේ රෙදි නෑ,ගෝලයෝ සී සී කඩ දුවයි

පසුගිය කාලය පුරාවට නලින් සිල්වා සහ ඔහුගේ ගෝලයෝ ‍රැල බැසිල්ගේ කඳවුරට ප්‍රභල ප්‍රහාරයක් එල්ල කළහ . නමුත් බැසිල් කිසිවිටෙක නලින් සිල්වාට ප්‍රහාර එල්ල නොකිරීමට වග බලා ගත්තේය. බුරන බුරන බල්ලන්ට ගල් ගැසීම වෙනුවට පොහොට්‍ටුව නඩයේ ගමන ජයග්‍රාහීව අවසන් කිරීමට බැසිල් කැපවී ක්‍රියා කළේය.

ක්‍රිකට තරඟයක ජය පරාජය තීරණය වන්නේ ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා කෞෂ්‍යල්‍ය අනුවය. බැසිල් රාජපක්ෂ යනු පොහොට්‍ටුවේ ජයග්‍රහණය වෙනුවෙන් ඉවසීමෙන් යුතු අනගි ඉණිමක් ක්‍රීයා කළ අයෙකි. නලින් සිල්වා යනු විචාරක අට්ටාලයේ සිට ක්‍රිකට් තරඟය ගැන කථා පැවැත්වූ අයෙකි.

තරගය ජයග්‍රහණය කළ විට විචාරක අට්ටාලයේ සිට කථා පැවැත්වූ එකා ” මෑන් ඔෆ් ද මැච් ” ලෙසින් පෙනී සිටින්නේ නම් එය විහිළුවකට එහා ගිය විගඩමකි. අද නලින් සිල්වා සහ ඔහුගේ ගෝලයේ පිරිසෙන් දැකිය හැක්කේ එවැනි හැසිරීමකි.

නලින් සිල්වා යනු මහ දැන මුත්තා වැනි ප්‍රපංචයකි. ඊටම නොදෙවෙනි ගෝලයෝ පිරිසක් ඔහු වටා වෙයි. බැසිල් පාර්ශවය මෙතෙක් කල් නලින් සිල්වාගේ කුහක කම් ඉවසා සිටියද එම පිළිවෙත දැන් වෙනස් කොට ඇත.

පසුගියදා බැසිල්ගේ තින්ක් ටෑන්ක් සාමාජික මහින්ද පතිරණ සිය ෆෙස් බුක් ගිණුම හරහා නලින් සිල්වාට හොම්බෙන් යන ප්‍රහාරයක් එල්ල කොට තිබුනි. බැසිල්ගේ පාර්ශවයෙන් එල්ල වූ අනපේක්ෂිත ප්‍රහාරය හමුවේ නලින් සිල්වාගේ ගෝලයෝ ‍රැල කර කියා ගත දෙයක් නොමැතිව අසරවී සිටියි