මැදපෙරදිග ශ්‍රමිකයන් මැරෙන්ට දමා තමන් ආරක්ෂා වීමට සිතූ ගෝඨාගේ හෙළුව

කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ආරක්ෂිත රටවල් පිළිබදව ෆෝබ්ස් සඟරාව සමීක්ෂණයක් කොට ඇත. එම සමීක්‍ෂණය අනුව රටවල් 100 අතරින් ශ්‍රී ලංකාව 92 ස්ථානයට පත් වී ඇත.
මැද පෙරදිග අපේ මිනිසුන් කාන්තාරයේ මියදෙන්න හැර තමන් ආරක්ෂා වීමට සිතූ ලංකාව සිටින්නේ ඉන්දියාවටත් පහලිනි

ගෝලීය වසංගතය යනු එයාපොර්ට් වසාගෙන කිසියම් රටකට තනිව ආරක්ෂා විමට හැකි තත්වයක් නොවන බව ලංකාවේ මෝඩ පාලකයා දැන්වත් තේරුම් ගත යුතුය

ලෝකයෙන් අන්තිම කොරෝනා රෝගියා තුරන් වනතුරු හෝ කොරෝනාවට ඖෂධයක් සොයා ගන්නා තුරු ලංකාව වැනි රටකට එයා පෝර්ට් වසා ගෙන සිටිය නොහැක.

වසංගතයකින් ආරක්ෂා වීම යනු පුරවැසියන්ගේ විනය , ප්‍රතිශක්තීකරණය , සෞඛ්‍ය පහසුකම් හා බැඳුනු ක්‍රමවේදයකි. වසංගතය සමග මාස 9ක් ගත වුනද මෙරට පාලකයා සෞඛ්‍ය පහසුකම් වැඩි කොට නැත , අප්‍රිකානු රටවල් පවා ලංකාවට වඩා ICU ඇඳන් වැඩි කොට ඇත

තවද, මැදපෙරදිග ශ්‍රමිකයන් 95% මෙරටට පැමිණියේ රු ලක්ෂ 3 කට වඩා සිය පොකැට්‍ටුවෙන් ගෙවා දමමිනි. මෙරට පාලකයා එම අසරණයන්ගෙන්ද ගසා කෑ බව සැඟවිය නොහැකි කරුණකි.

ගුවන් තො‍ටුපොල වසා දමා ඇති නිසා 30000 වැඩි පිරිසක් කාන්තාරයේ අතර මං වී සිටියි.ඉන්දියාව මේ වන විට ලක්ෂ 14ක ශ්‍රමිකයන් සිය රටට ගෙන්වා ගෙන ඇත. මැදපෙරදිග ශ්‍රමිකයෙකු යලි ගෙන්වා ගැනීමට ඔවුන් අය කලේ ඉදියානු රු 20,000 පමනි.

සංචාරක කර්මාන්තය යලි විවෘත්ත කරන්නේ කෙසේද ? මැදපෙරදිග අසරණයන් ගෙන්වාගන්නේ කෙසේද ? කොරෝනාවට වඩා භයානයක අර්ථික අර්බුධයට මුහුණ දෙන්නේ කෙසේද වැනි කරුණු කාරනා ගැන මේ රටේ මෝඩ පාලකයාට සැලැස්මක් නැත.

දැන් ඉතින් මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියල බැනපල්ලා

අදාල ලැයිස්තුව මෙතනින්..