ගමගේ පවුලටත් රනිල් එපා වෙයි

පසුගිය කාලය පුරාම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත්ව සිටි දයා-අනෝමා ගමගේ යුවලටද මේ වනවිට වික්‍රමසිංහ මහතා එපා වී ඇති බව වාර්තා වේ.

පසුගියදා පැවැති පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී හිටපු අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය ප්‍රකාශ කොට ඇත්තේ වික්‍රමසිංහ මහතා දැන්වත් දේශපාලනයෙන් සමුගත යුතු බවත්, රටම බලා සිටින්නේ වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් වන තුරු බවත්ය.

අනෝමා ගමගේ මහත්මියට අමතරව ලක්ෂ්මන් විජේමාන්න මහතාද වික්‍රමසිංහ මහතාට එරෙහිව දැඩිව අදහස් දැක්වීමට පියවර ගෙන ඇති බව දැනගන්නට ඇත.

Mawbima