පූජිත ගොනු කළ නඩුවෙන් සිරිසේනගේ රෙදි ගැලවෙයි

හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කල පෙත්සමෙන් සිරිසේනගේ බරපතල නොතකා හැරීම පිලිබද චෝදනා ගනනාවක් සාක්ෂි සහිතව හෙලිදරව් වී ඇත. සිරිසේන බලයට පත්වූ දා පටන් ගාන කැපිය හැකි අමාත්‍යංශ තමන් භාරයට ගත්තේය. තමා හිරේ විලංගුවේ නොවැටීම පිණිස ආරක්ෂක අංශ සන්තකයේ තබා  ගත්තේය. පරණ නැව් යුධෝපකරණ ගෙන්වමින්  ගාන කැපුවේය .තමා බදාගත් සියල්ලෙහි පරිපාලනය අවුල් වී හොරකම රජ වූයේය . ජාතික ආරක්ෂාව සමග සෙල්ලම් කල සිරිසේන අවසානයේ අහිංසක ජීවිත ගනනාවක් ත්‍රස්තවාදීන්ට බිලි දුන්නේය.

පූජිතගේ පෙත්සමේ එන  සිරිසේනගේ දේශද්‍රෝහීත්වය පිලිබද සාක්ෂි

ඊලාම් යුද්ධය පවා මැනෙවින් කලමණාකරනය කල ආරක්ෂක මන්ඩලය වෙනුවට අසාත් සාලි වැනි ජෝකර්ලා ගෙන් ගෙන් සමන්විත ජාතික ආරක්ෂක කවුන්සිලය නම් වූ නව ආයතනයක්  පිහි‍ටුවා ආරක්ෂාව නම් සංවෙදී විෂය හෑල්ලුවට පත් කිරීම

පොලිස්පතිවරයා ජාතික ආරක්ෂක කවුන්සලයට නොකැදවීම .2018 ඔක්තොම්බර් මාසයේ සිට පාස්කු ප්‍රහාරය එල්ලවු 2019 අප්‍රේල් 21 දක්වා පූජිත ආරක්ෂක කවුන්සලය සදහා කැදවා නැත

රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ  නිලන්ත ජයවර්ධන  සහරාන්ලාගේ බෝම්බ ටෙස්ට් කිරීමේ සිට පාස්කු ප්‍රහාරය දක්වා සියළු බුද්ධි  තොරතුරු ජනාධිපති වෙත දැනුම් දී ඇත.නමුත් සිරිසේන ගත් ක්‍රියා මාර්ගයක් නැත

නිලන්ත ජයවර්ධන බුද්ධි තොරතුරු වාර්තා කර ඇත්තේ සිරිසේනට පමනි

සිරිසේනට ලැබුණු බුද්ධි තොරතුරු නිසි කටයුතු සදහා අණ දෙන රේඛාවේ පහලට යොමු කොට නැත

ත්‍රස්තවාදී ක්‍රියා  වැලක්වීමේ අරමුනින් පූජිත සකස් කළ  ”කවුන්ටර් ඇටෑක් ” (ප්‍රති  මෙහෙයුම්)  සිරිසේන විසින් වලක්වා ඇත/ අධෛර්ය කොට ඇත

රෝ බුද්ධි අංශය විසින් ලබා දුන් තොරතුර එනම් සහරාන්ගේ මරාගෙන මැරෙන ප්‍රහාරක සැලැස්ම  පිලිබදව ආරක්ෂක ලේකම් හේමසිරි සහසුද්දයෙන්ම දැනුවත්ය නමුත් එහි බරපතලභාවය සහ වහාම ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කර නැත.

රෝ බුද්ධි අංශ වාර්තාවේ පහර දීමට නියමිත පල්ලි වල නම් පවා සදහන්ව තිබී ඇත. නිලන්ත ජයවර්ධන මේ පිලිබදව දෙවරක් ජනපති සිරිසේනට දැනුම් දී ඇත

තමා සතු වූ අවම තොරතුරු අනුව මරාගෙන මැරෙන ප්‍රහාරය පිලිබදව ප්‍රභූ ආරක්ෂක අංශය අතුලු නි.පො 4දෙනෙකු දැනුවත් කර ඇත්තේ පූජිත විසිනි

2018 අග භාගය වන විට ජනාධිපති-අගමැති අතර සම්බන්ධතා පිරිහීගොස් ඇති බව පූජිත අවබෝධ කර ගත් බව සහ එම බරපතල වියෝගය පරිපාලන කටයුතු අඩාල කල බව පෙත්සමේ දක්වා ඇත  

ඌරා යනු කිසිම කොලිටියක් නැති සතෙකි . ‍තෝරා බේරා ගැනීමකින් තොරව ඕනෑම ජරාවක් බදාගෙන ගිල දැමීම උගේ සිරිතය . මස් පිනිස මිස වෙන කිසිම වටිනාකමක් ඌට නැත. සිරිසේනත් එවැන්නෙකි. ධන තන්හාවට සහ බල තන්හාවට ගිජුවූ සිරිසේන  රටේ සියළු වැදගත් අමාත්‍යංශ තමන් යටතට පවරා ගත්තේය. අනතුරුව පරිපාලනය අඩාල කරමින් පවුලම කළේ සොරකමය. සිරිසේනගේ බලලෝභීත්වය සහ  කුහකකම් නිසා ජාතික ආරක්ෂාව බින්දුවට වැ‍ටුනේය. අවසානයේ එහි වින්දියන් වූයේ රටේ පුරවැසියන්ය.

පාස්කු ප්‍රහාරය එල්ල වන විට ඉහල ඇවරියේ නිලතල හෙබවූ සියල්ලන් එකී ඛේදවාචකයට වග කිව යුතුය. නිරාවරණය කල යුතු පිරිස් මිස ආවරණය  කල යුතු කිසිවෙක් නැත.කිරි පැකැ‍ටුවේ සිට මිනී පෙට්ටියේ ඇණය දක්වා බදු මුදල් වලින් කන පඩි වලටත් මුන් සාධාරණයක් ඉ‍ටු නොකළෝය

විශේෂ ලියුම්කරුවෙකු විසිනි

One thought on “පූජිත ගොනු කළ නඩුවෙන් සිරිසේනගේ රෙදි ගැලවෙයි

  1. ඌරා කපුටා පණුවා වැනි සතුන් පරිසරයේ ඇති අපිරිසිදු දෑ කමින් පරිසරය පිරිසිදු කරයි.
    මෙහි අයෙකු ඌරාට සමාන කිරීමෙන් වරදක් සිදුකර ඇති බව පෙනේ.

Comments are closed.