”වන්දේ ගෝඨා” කොරෝනා පැකේජය සහ විපක්ෂයේ බලු කෙඳිරිලි

සත්‍ය හිරු මෙනි. එහි ගැබ් ගත් ශක්තිය කොතෙක්දයත් එක එල්ලේ ඒ දෙස බැලීම පවා දුෂ්කර ප්‍රයාණයකි. එහි ගැබ් ගත් බලයට බලන්නාගේ දෑස් නිලංකාර වනු ඇත.ඇසිපිය වේගයෙන් ගැසෙනු ඇත. හදවත වික්ශිප්ත වනු ඇත මිනිසුන් ස්වභාවයෙන්ම සත්‍ය දෙස බැලීමට බියය

ආලෝකය දු‍ටු විට නරි හූ කීම,බල්ලන් උඩු බිරීම ස්වාභාවික සංසිද්ධියකි. නරි හූ කීවා කියා ආලෝකය අඩු වන්නේ නැත. බල්ලන් උඩු බිරුවාට කඳු පාත් වන්නේ නැත. සත්‍යයේ ආලෝකය අඳුරු වලාවකින් වැසී ගියද එය තාවකාලිකය. මොහොතකට සූර්යා අඳුරු වලාවකින් වැසී යා හැක. එසේ වූවා කියා නුවනැත්තෝ සූර්යාට පි‍ටුපා යන්නේ නැත. මක්නිසාදයත් අදූරු තිරපට අතරින් සූර්යා උදාවන බව ඉදුරාම ඔවුන් දනිති.

ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස සිංහ සෙයියාවෙන් ජනයා අභිමුවේ පෙනී සිටින විට ඔවුන් සායම් බාල්දියට වැ‍ටුනු නරි බව අප කීවෙමු. නමුත් හූ කියන තුරු අප කී කථාව පිලිගත්තේ නැත.කෙසේවුවද වෙස්පෙරලුණු නරි වැඩි කල් නොදිව්හ. වැසි දෙක වහින විට සිංහ සායම හේදී ගියේය. වෙස් පෙරලුනු නරි දැන් හූ කියමින් , උඩු බුරමින් යථාර්තය විද්‍යාමාන කරමින් සිටියි.

සත්‍ය දිය යට ආයාසයෙන් රඳවාගෙන සිටින රබර් බෝලයක් මෙනි. මතු වීම එහි ස්වභාවයයි.මේ ආණ්ඩුව බලයට පත්වූයේ සාහසික ලෙස ජනයා රවටමිනි. වඳ පෙති, වඳ සැත්කම්, දිගන කෝලාහලය , පාස්කු බෝම්බ ඔවුන් විසින්ම රඟ දැක්වූ නාටකයක් බව දැන් පැහැදිලි වෙමින් ඇත.බැඳුම්කර ගණුදෙනුව අතිශෝක්තියෙන් යුතුව නිර්මානය කළ දේශපාලන නාටකයක් බව ඔප්පු වී ඇත.

සෞභාග්‍යයේ දැක්මෙන් පොරොන්දු වූ ” ජනතා කේන්දීය ආර්ථිකය ” උඩු යටිකුරු වී ඇත. වත්මන් රජයේ මුග්ධ ප්‍රතිපත්ති නිසා දැහැමින් සෙමින් ව්‍යාපාර කළ ලක්ෂ ගණනක් මහපාරට ඈද වැටී ඇත. යතුරු පැදි ආශ්‍රිත ‍රැකියා කළ පුද්ගලයන්ට අත්වූ ඉරණම එක් උදාහරණයකි.

සෞභාග්‍යයේ දැක්මේ දස ප්‍රතිපදාවෙන් පිරිසිදු රාජ්‍ය පාලනයක්, විනයගරුක , නීතිගරුක ගුණගරුක සමාජ පොරොන්දු වුවද එය කන පිට පෙරලී ඇත. රටේ ජීවනාලිය බඳු වූ විදෙස් ශ්‍රමිකයන් ඊට සාක්ෂි දරණු ඇත. ලොව අන් සියළු ජාතීන් ශ්‍රමිකයන් යලි සියරටට ගෙන්වා ගන්නා විට ලංකාවේ සත්ගුණවත් වැඩ කරන විරුවා විදෙස් ශ්‍රමිකයන්ට රටට ඇතුල්වීමට නොහැකි වන සේ ගුවන් තො‍ටුපොල වසා දැමුවේය.

ඉන්දියාව ”වන්දේ භාරත්” නමින් මෙහෙයුමක් ආරම්භ කොට විදෙස් ශ්‍රමිකයන් කඩිනමින් සිය රටට ගෙන්වා ගත්තේය. ලංකාවේ මුදලින් රු 35000 පමන ගෙවා මව් රටට පැමිනිය හැකි ක්‍රමයක් ඇති කළේය.ඉන්දියාව මේ වන විට ලක්ෂ 22 පමන විදෙස් ශ්‍රමිකයන් යලි ගෙන්වා ගෙන ඇත. පිලිපීන රජය ඉන් ඔබ්බටත් ගියේය . ඔවුන් මැදපෙරදිග ‍රැකියා අහිමි වූ පිලිපීන ජාතිකයන් නැව් නගින තුරු රු 35000 පමන මාසික දීමනාවක් කළේය . නමුත් ලංකාවේ පාලකයා කලේ කුමක්ද ? විදෙස් ශ්‍රමිකයන් අනාථ කළා පමනක් නොව අමානුෂික ලෙස ඔවුන් සූරා කෑහ.

වත්මන් පාලකයා මැද පෙරදිග ශ්‍රමිකයෙකු ගෙන්වා ගැනීමට තුන්ලක්ෂ පනස් දහසක පමනක මුදලක් අය කළේය. ඊට අමතරව ගුවන් යානයට නැගීමට පෙර පී.සී.ආර් පරීක්ෂණයක් කළ යුතු යයි නීතියක් පැනවූයේය.සෞදි අරාබිය වැනි රට වල පී.සී ආර් පරීක්ෂණයක් කිරීමට අසරණ ශ්‍රමිකයන් රු 65,000 පමන වැය කළ යුතු විය.

වන්දේ ගෝඨාගේ කොරෝනා පැකේජය අනුව ශ්‍රමිකයෙකු හෝටල් කාමරයකට දිනකට රු 15000 පමන ගෙවිය යුතු විය. නමුත් ඔවුන්ට තනි හෝටල් කාමර ලැබුනේ නැත. එක් හෝටල් කාමරයක දෙදෙනෙකු ගාල් කළේය.ඒ අනුව වන්දේ ගෝඨා කොරෝනා පැකේජය අනුව එක් හෝටල් කාමරයකින් දිනකට රු 35000 ලෙසින් ගාන කැපුවේය . ඔවුන්ට තරු පන්තියේ කෑම ලැබුනේ නැත. ඔවුන්ට ලැබුනේ කල්දේරම් බත්ය.වන්දේ ගෝඨා කොරෝනා පැකේජයේ ගැරිල්ලේ තරම සිතා ගැනීම ඔබට බාරය

යම් හෙයකින් කොරෝනා පොසිටිව් වුව හොත් 65000 නැවතත් ගෙවා පී.සී.ආර් පරීක්ෂණයක් කිරීමට සිදු වෙයි. ‍රැකියා අහිමිව ලංකාවට පැමිනීමට බලාපොරොත්තුවෙන් සිටින ලංකාවේ අම්මලා 5000 ආසන්න ප්‍රමාණයක් පන කෙන්ද ගැට ගසා ගන්නේ ලෝකයේ පැරණිම වෘත්තියේ නියලෙමිනි. මැදපෙරදිග ඛේදවාචකයේ දිග පළල විස්තර කිරීමට වචන නොමැත. නමුත් වත්මන් පාලකයා විදෙස් ශ්‍රමිකයන්ගේ රක්ෂණයෙන් හෝ කොරෝනා සහන අරමුදලන් සතයක ආධාරයක් නොකළේය . නමුත් සිය ගජමිතුරු ව්‍යාපාරික සගයන්ට අසරණ ශ්‍රමිකයන් කොල්ල කෑමට රිසි සේ ඉඩ දුන්නේය.

ගෝඨා ප්‍රකාශ කළේ විදෙස් ශ්‍රමිකයට මව්බිමට පැමිණීමට නොහැකි වන සේ ගුවන්තො‍ටුපල වසා දැමුවේ රටේ ආරක්ෂාවට බවය. නමුත් අවසානයේ කළේ කුමක්ද ? මැදපෙරදිග ශ්‍රමිකයන්ට පමනක් නොව රටේ පුරවැසියන්ද කෙලවූයේය. සෞඛ්‍ය බලධාරීනට අනුව කොරෝනා දෙවැනි ‍රැල්ල ආරම්භවී ඇත්තේ ඉන්දියාවේ සිට බ්‍රන්ඩික්ස් ආයතනයට පැමිණි සේවකයන්ගෙනි. ගෝඨාගේ වියත්මගට පලමු බිලියනය ලැබුනේ බ්‍රන්ඩික්ස් හිමිකරුගෙන් බව ප්‍රකට කරුනකි.

මීයක් කඩන්නේ අත ලෙව කෑමට නොවේ යයි කථාවක් ඇත. බ්‍රන්ඩික්ස් හිමිකරු වියත්මගට ආධාර කළේ පින් තකා නොව ආණ්ඩුව කඩේ යවා ව්‍යාපාර ඉලක්ක ජය ගැනීමටය.බැන්ඩික්ස් ආයතනයේ ආරක්ෂක ප්‍රධානියා වන හිටපු ගුවන් හමුදා පතිවරයෙකු වන හර්ෂ අබේවික්‍රම , කොරෝනා කාර්ය සාධන බලකායේ ප්‍රධානියා වන ශවේන්ද්‍ර සිල්වා ගොනාට අන්දවා නීරෝධායන නීතිය නවා ඇති බව මේ වන විට ඔප්පු වී ඇත. වඳුරු ආරක්ෂකයෙකු ලග තබාගත් ගොං රාජාට අත්වූ ඉරණම රජාට පමනක් නොව දැන් මුළු රටටම අත්විඳීමට සිදුව ඇත.

ගෝඨාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ” දස ප්‍රතිඥාවේ ” අංක එකට සදහන් වුයේ ජාතික ආරක්ෂාවය. සෞඛ්‍ය බලධාරීන්ගේ සහ අර්ථ ශ්‍රාස්ත්‍රඥයන්ගේ පුරෝකථන අනුව කොරොනා උවදුරින් තිස්වසරක යුද්ධයෙන් සිදුවූ ජීවිත හානියට ආසන්න ජීවිත හානියයක් සිදුවිය හැකි බව ගණන් බලා ඇත. යුද්ධයෙන් සිදුවූව මෙන් දෙගුණයක ආර්ථික පරිහානියක් නොවැලැක්විය හැකි බව ප්‍රකාශ කොට ඇත. වැඩ කරන විරුවා ”ජාතික ආරක්ෂාව” විෂයෙහි අසාර්ථක වූ තරම මින් මොනවට පැහැදිලිය.

ලංකාව මේසා විශාල විනාශයක් අභිමුවට ඇදවැ‍ටුනේ වත්මන් පාලකයාගේ සහ විපක්ෂ නායකයාගේ මුග්ධ භාවය සහ දුර්වල පරිපාලනය නිසාවෙනි. සිය බල තන්හාව වෙනුවෙන් රටේ ප්‍රධානතම දේශපාලන බලකො‍ටුව බිලි දුන් ඓතිහාසික වරද සජිත් ප්‍රේමදාසට යලි කිසි දිනක නිවරදි කළ නොහැකි වනු ඇත.රට විනාශයේ එළිපත්තටම පැමිණ තිබුනද සජිත් ප්‍රේමදාසට කළ හැකි කිසිවක් නැත. සජිත් විපක්ෂ නායකයා සිය භූමිකාවෙහි මුළුමනින්ම අසාර්ථකය සජබ කල්ලිය විපක්ෂය ලෙස උපන්ගෙයිම අසාර්ථකය. සජබ පිලේ වාචාලයන්ගේ බලු කෙඳිරිලි මිස දැක්මක් , වැඩ පිළිවෙලක් නොමැත.

වත්මන් රජය කොරෝනා වසංගතයේ පලමු වටයට මුහුණ දෙන විට , ” අශ්වයන් ගස්නග්ගවා රිලව් දුන්ඩ දමා ඇතැයි අප අනතුරු ඇඟවූයෙමු. මේ වන විට අපගේ කථාව සත්‍ය වී ඇත. රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් පමනක් නොව විපක්ෂ නායකයේ භූමිකාව සම්න්ධයෙන්ද මෙම කථාව අදාලය.

ලංකාව මේ වන විට ඉතිහාසයේ දරුණුතම ඛේදවාචයක අබිමුවට පැමින ඇත. පුරවැසියන්ගේ ආරක්ෂාව , රටේ ස්වෛරීභාවය සහ ආර්ථිකය බරපතල ලෙස අනතුරට ලක්ව ඇත. ගෝඨාභය, සජිත් ප්‍රේමදාස වැනි හිස් මිනිසුන් චරිත මාධ්‍ය විසින් පුම්ඹන විට ඔවුන්ගේ නියම ස්වභාවය සහ ප්‍රතිවිපාක පිළිබදව අප දිගින් දිගටම ලීවේ කට කහනවාට නොවන බව ජනයා තේරුම් ගත යුතුව ඇත.

කරුණු එසේ හෙයින් 2025 ලැබෙන අස්වථාවෙදී වත් දැක්මක් ඇති, පලපුරුද්දක් ඇති , වැඩක් කළ හැකි දේශපාලකයන් පිරිසක් රටේ පරිපාලනයට පත් කළ යුතුව ඇත. ඒ සදහා බිම් මට්ටමේ වැඩ පිළිවෙල දියත් කළ යුතු කාලය එළඹ ඇත .2025 රජුන් තනන තීරනාත්මක දේශපාලන බලවේගය සමග එක්වන ලෙස ලංකා නිවුස් ඇප් ඔබට ආරාධනය කර සිටිමු.

උපුටා ගැනීම ලංකා ඊ නිවුස්