ට්‍රෝජන් අශ්වයෙක් ගැන ගෝඨා සීරුවෙන් – ‘දුමින්ද’ අද නෙවේ හෙට

පසුගිය ඔක්තෝම්බර් 20 වැනිදා ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී දුමින්ද සිල්වා නිදහස් කළ යුතු යයි ඉල්ලා සිටින පෙත්සමක් මන්ත්‍රීවරුන්ගේ අත්සන සඳහා බෙදා දී තිබුණි. කෙසේ වුවද  එම පෙත්සම පිලියෙල කළ පුද්ගලයා සහ   බෙදා හැරි හස්ථය අදෘශ්‍ය මාන විය . පෙත්සම මන්ත්‍රීන්  අතර බෙදා හැරියේ ‍රැස්වීම් ශාලාවේ ආවතේව කළ  සුළු සේවකයන් විසිනි. 

ආණ්ඩූ පක්ෂයේ මන්ත්‍රී ‍රැස්වීම අතර තුර පෙත්සම අත්සන් සදහා ඉදිරිපත් වීම නිසා  එය ගෝඨාගේ අනුදැනුම මත ඉදිරිපත් වූවක් යැයි සිතූ මන්ත්‍රීවරු ඊට අත්සන් තැබූහ.  පෙත්සමට හිතුවාටත් වඩා අත්සන් ලබුණි. මේ බව සැලවූ දුම්න්ද සිල්වාගේ පවුල ප්‍රීතියෙන් පිනා ගිය අතර දුමින්දගේ නිදහස සැමරීමට සහ ඉදිරි සැලසුම් සැකසීමට රහස්‍ය සාකච්ඡාවක්  කැඳවීමට කටයුතු කළේය.  එම සාකච්ඡාවට එජාපයේ  ඉදිරි පෙල  නායකයෙකුගේ විශේෂ  නියෝජිතයෙකු  සහභාගි වී තිබුණි.

සාකච්ඡාවට සහභාගිවූ අය නිවෙස් වෙත යාමටත් ප්‍රථම සිල්වා නිවසේ වූ සාකච්ඡාව  පිලිබද තතු ජනාධිපතිවරයාගේ කන වැකී තිබුනි. දුමින්ද සිල්වා නිදහස්  කරන පෙත්සම පි‍ටුපස කොළඹ දිස්ත්‍රික්කයේ එජාප ප්‍රභලයෙකු සිටින බවත් මෙය හුදකලා සිදුවීමක් නොව   වත්මන් රජයට එරෙහි  ට්‍රෝජන් අශ්වයෙකු බවත් හිතෛශීයා ජනපතිට තේරුම් කළේය .  තිරය පි‍ටුපස සිට ඉත්තන් අදින මෙම  දේශපාලකයාගෙන් ප්‍රවේශම් වන ලෙස ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.

දුමින්ද සිල්වා බලල් අතක් ලෙස භාවිතා කරමින් මාකදුරේ මදූෂ් මරා දැමීම පිලිබදව ඔහු හෙළිදරව් කළ  කරුනු  වලින් ජනාධිපතිවරයා වික්ෂිත වූ බව  අපට වාර්තා විය.මාකඳුරේ මදූෂ් ඩුබායි වල සිටියදී ඔහු හමුවීමට ලංකාවේ නියෝජ්‍ය පොලිස් පතිවරයෙකු සහ ප්‍රකට දේශපාලකයෙකු කටයුතු කර තිබුනි. ගෝඨා සහ සිරිසේන ඝාතන කුමන්ත්‍රණයක් ලෙස අඳුරේ අතපත ගෑවේ මෙම ගණුදෙණුවය

එජාප ප්‍රභලයා සහ නියෝජ්‍ය පොලිස්පතිවරය ඩුබායි වලදී මදූෂ් හමුවූ බවට කන්ජි පානී ඉම්රාන් අදටද සාක්ෂි දරයි. කෙසේ වුවද මදූෂ්ගේ ඝාතනයත් සමග  සාක්ෂි මිය  ගිය  අතර මදූෂ් සමග ගණුදෙණු කළ එජාප  දේශපාලකයන් ආරක්ෂා විය. නමුත් ගිය නුවණ යලි ඇතුන් ලවා වත් ඇද්දවිය නොහැක . මදුෂ්ට පණ දිය නොහැක.ගෝඨා පරාජය වී හමාරය.

කරුනු එසේ වූ හෙයින් දුමින්ද නිදහස් කිරීම සමබන්ධව මෙම එජාප ප්‍රභලයා අනුග්‍රහය දක්වන්නේ තවත්  දේශපාලන කුමන්ත්‍රණයක් ලෙසින් විය හැකි බවට ජනාධිපතිවරයා තුල සැක පහල වී ඇත. මේ අතර දුමින්ද සිල්වා නිදහස් කරන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් 150 කට ආසන්න ප්‍රමාණයක් අතසන් කළ පෙත්සම අතුරුදහන් වී ඇති බව වාර්තා වෙයි