කොරෝනා මාධ්‍යවේදීන් 20 විවාදය ට ඇවිත්,ජනාධිපති ඇතුලු සියළු මැති ඇමතින් අනතුරේ

පාර්ලිමේන්තු වාර්තා කරනයේ යෙදුණු මාධ්‍යවේදීන් හතර දෙනකුට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ. පසුගියදා පාර්ලිමේන්තුවේ විසිවෙනි සංශෝධනය විවාදයද ආවරණය කිරීම සදහා මෙම සිවු දෙනා පාර්ලිමේන්තු ගොස් ඇත.

මේ වන විටත් එම දිනවල පාර්ලිමේන්තුවට පැමිණි සියලු මාධ්‍යවේදීන් නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර තිබේ. එදින විවාදය සදහා පාර්ලිමේන්තුවේ සියලුම මැති ඇමතිවරුන් පැමිණ සිටි අතර ජනාධිපතිවරයාද පැමිණ සිටියේය.

මේ අතර සෞඛ්‍ය අංශ විසින් සිදිකල අහඹු පරීක්ෂණ සිලල්කින්ම පාහේ කොරෝනා රෝගීන් වාර්තා වුන බව සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කොට ඇත.

අද වන විට ශ්‍රී ලංකාව තුළ කොරෝනා පාලනය කොරෝනා ව්‍යාප්තිය පාලනයෙන් ගිලිහී අවසන් බව මෙරට හිටපු වසංගත රෝග ප්‍රධාන විශේෂඥ වෛද්‍ය නිමල් අබේසිංහ සඳහන් කළේය.

කොරෝනා පලමු රැල්ලෙන් පසුව රජයේ බලධාරින්ගේ පාර්ශවයෙන් වූ නොසැලකිල්ල එයට හේතු වූ බවද ඔහු පෙන්වා දී ඇත