ජනපති පට්ට බොරු කාරයෙක්,වරාය සේවකයන් නන්දසේනගේ රෙදි ගලවයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාව වෙත පැවරීමේ සූදානමක් සම්බන්ධයෙන් පළ වන මාධ්‍ය වාර්තා ගැන ප්‍රශ්න කරමින් සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  වෙත ලිපියක් යොමුකර තිබේ.

සංගමයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ජී නිරෝෂන්  විසින් සියලු ජනමාධ්‍ය වෙත පිටපත් ද සහිතව නිකුත් කර ඇති එම ලිපියේ සදහන් වැදගත් කරුණු මෙසේය

1. පසුගිය කාලය තුළ  නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අනුගමනය කරන ලද ප්‍රතිපත්ති හරහා ගෝඨා ජනතාව  ‍රැවටීමේ සූරයෙකු බව ඔප්පු වී ඇතැයි සදහන් කරමින් ලිපිය ආරමභ කොට ඇත 

2. ගෝඨාගේ රජය නැගෙනහිර පර්යන්තය රහසිගතව ඉන්දියාවට පැවරීම සඳහා 2020 ජූනි මස 09 දින  කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බවත්  වෘත්තීය සමිති විරෝධය හමුවේ  එම කැබිනට් පත්‍රිකාව අසත්‍ය එකක් බව ප්‍රකාශ  කරමින් ජනතාව ‍ගොනාට ඈන්දවූ  බව සදහන් කොට ඇත 

3. පසුගිය දිනෙක ඇමරිකානු රාජ්‍ය ලේකම් පොම්පියෝ  පැමිනි බවත් එදිනම ගහෙන් ගෙඩි එන්නාක් මෙන්  විෂයභාර ඇමති විසින් MSC EMMA නම් ලයීබීරියානු නැවක් යොදවා නැගෙනහිර පර්යන්තයේ වැඩ කටයුතු ආරම්භ කළ බවත් එය ඉතා සැක කටයුතු බව ප්‍රකාශ කොට ඇත.තවද  පොම්පියෝ ගේ පැමිණීමෙන් පසුව සාකච්ඡා වූ කරුණු දෙපාර්ශවය විසින්ම  අනාවරණය නොකළ බව සඳහන් කොට ඇත . 

4. පසුගිය ඉරිදා Sunday Times පුවත්පත සහ සිරස රූපවාහිනිය විසින්  නැගෙනහිර පර්යන්තය ඉන්දියාව වෙත පැවරීමට  රජය තීරණය කර ඇති බව වාර්තා කළේය . එම මාධ්‍ය වාර්තා රජය විසින්  ප්‍රතික්ෂේප කොට නැති බව දක්වා ඇත. ( “India to manage ECT Operations at the colombo port”  Sundaytimes 2020. 11. 01 දින)  

5  පූර්ව රජයන් වරාය දේපළ පුද්ගලීකරණය කරන විට ඒවා වරාය සේවකයාටත් මහජනතාවටත් යම් මට්ටමකින් හෝ විනිවිදභාවයකින් යුතු වූ බවත්  නැගෙනහිර පර්යන්තය සම්බන්ධව ගෝඨා අනුගමනය කරන  පිළිවෙත ගුප්ත බව සදහන් කොට ඇත . 

 මීට මාස කිහිපයකට පෙර කොළඹ වරායේ අනාගතය ගැන නිර්දේශ ඉදිරිපත් කිරීමට පංච පුද්ගල විද්වත් කමිටුවක් ගෝඨා විසින් පත්කල අතර එම කමි‍ටුවේ ප්‍රධාන නිර්දේශ 4 මෙසේය.

1. ගැබුරු පර්යන්තයක් රජයේ (වරාය අධිකාරියේ) පාලනයේ තබා ගැනීම.. (එසේ රජයේ පාලනයේ තබා ගත හැකි එකම ගැබුරු පර්යන්තය මේ නැගෙනහිර පර්යන්තයයි)

2. හැකි ඉක්මනින් නැගෙනහිර පර්යන්තය ක්‍රියාත්මක කිරීම.

3. වරායේ රජයේ පර්යන්ත සහ පුද්ගලික පර්යන්ත අතර සම්බන්ධීකරණ සහ නියාමන වැඩ සටහනක් සකස් කිරීම.

4. නැගෙනහිර පර්යන්තයට උපරිම ධාරිතාවය ලබා දෙන විශාල ගැන්ට්‍රි දොඹකර (Gantry Cranes) ඇනවුම් කිරීම


මේ වන විට ගෝඨා තමා පත්කළ  විද්වත් කමි‍ටුවටද  කොකා පෙන්වා ඇත.ගෝඨා යනු කටින් බතල හි‍ටුවන දේශප්‍රේමියෙකු බව පෙන්නුම් කොට ඇත

වෙළද නැව සහ වරාය සේවා ලෝකයේ වෙළදාමේ කොදු නාරටිය බදුය. එමෙන්ම දිනෙන් දින දියුනු වන වෙළඳ නෞකා ක්ෂේත්‍රය තුල විශාල බහළුම් නැව් වල කාර්ය භාරය අතිශය වැදගත් වී ඇත.

නමුත් විශාල බහළුම් නෞකා පැමිනිය හැකි වරාය පර්යන්ත ලෝකයටම ඇත්තේ සීමිත ප්‍රමාණයකි. උදාහරණයක් ලෙස බහාළුම් 22,000ක් ගෙන යා හැකි විශාල නැවක මෙහෙයුම් කළ හැකි වරාය ලෝකයේම ඇත්තේ 30 ක් පමනි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයද මේ අතර වෙයි

දැන් මහා දේශප්‍රේමී නන්දසේන විකිනීමට යන්නේ එවැනි සම්පතකි.අසමසම දේශප්‍රේමී , ඩීල් නැති සජිත් ප්‍රේමදාස ගොළුවවෙකු ,බිහිරෙකු, අන්ධයෙකු ලෙස සිටින්නේ එවැනි මහා විනාශයක් හමුවේය