සංඝ රත්නය වැඩ බැරි ගෝඨා සර්ගේ රෙද්ද කඩයි

ජඹුරෙවෙල චන්ද්‍රරතන හිමි යනු මැදපෙරදිග අසරණ විදේශ ශ්‍රමිකයන්ගේ ගැටළුව සම්බන්ධව කතා කල හිමි නමකි. ( කතා කලා කියා දුක් විදින මිනිසුන්ට අත් වූ සෙතක් නැත )ගැටළුව ගැන සාකච්ඡා කිරීමට උන් වහන්සේ කිහිප වරක් කමල් ගුනේ , ශවේන්ද්‍ර , ජයනාත් කොළඹගේ වැනි නිලධාරීන් හමු විය.

ජබුරේවල හිමිට දුක් විදින මිනිසුන් ගැන කථා කිරීමට අවස්ථාවක් නොලැබුනු අතර ගෝඨාගේ වැඩ බැරි නිලධාරීන් පැවැත්වූ කථා අසා සිටීමට පමනක් සිදුවිය . එහෙයින් අසරණ මිනිසුන්ට ” ඉවසන්න පිංවතුනි ” කීම හැර ඉන් එහා දෙයක් කිරීමට ජබුරේවල හිමිට නොහැකි විය

මැතිවරණ සමයේ මැදපෙරදිග පවුල් කූල් ඩවුන් කොට ඡන්දය කඩා ගැනීමට බලල් අතක් ලෙස ජඹුරේවල හිමි වැනි අතරමැදියන් භාවිතා විය. මැතිවරණයෙන් පසු විදේශ ශ්‍රමිකයන් සියල්ලන්ට යලි පැමිනිය හැකි බව උන්වහන්සේ සහතික විය.උන් වහන්සේගේ වචනය විස්වාස කල මැදපෙරදිග ශ්‍රමික පවුල් ගෝඨා සර් ට කතිරය ගැසූහ

නමුත් දැන් මැතිවරණය අවසන් වී මාස 4ක් ගතව ඇත. අසරණයන් තවම කාන්තාරයේය. අම්මලා ගණිකා වෘත්තියේ යෙදෙමින් දිවි ගැට ගසා ගනියි. තවත් බොහොමයක් සිඟමන් යදිමින් දිවි ගැට ගසා ගනියි. තත්වය එසේ වූ කල ජබුරේවල හිමි මැදපෙරදිග අසරණයන්ට මුහුණ දිය නොහැකි තැනට පත් විය

මේ අතර මැදපෙරදිග උන් කාන්තාරයේ මියදෙන්න හැර රට ආරක්ෂා කරගැනීමට ගෝඨා ගැසූ ප්ලෑන් එක බ්‍රන්ඩික්ස් හිමිකරු විසින් අල කලේය. අවසානයේ මැදපෙරදිග උන්ටත් , රටේ උන්ටත් යන දෙගොල්ලන්ටම කෙල විය .

උන්වහන්සේ විවෘත්ත ලිපියක් ලියා ගෝඨාගේ රෙද්ද කඩන්නේ එවැනි තත්වයකදීය.කෙසේ වුවද ජබුරේවල හිමි ගෝඨාභයට ලියු ලිපිය ඇඟ බේරා ගැනීමට ලියූ එකකි. රජයේ අනුග්‍රහයෙන් විදේශ ශ්‍රමිකයන්ගෙන් ලක්ෂ තුන හමාරක් පමන අය කරමින් මව් රටට ගෙන්වීමේ ජාවාරම පිළිබදව උන් වහන්සේ කෙල බිදක් හෙලා නොමැත.

ජබුරේවල හිමි ගෝඨා වෙනුවෙන් දර දිය ඇදි හිමි නමකි.ඒ කවරක් වුවද ගෝඨා සර් දිනෙන් දිනම පිරිහෙමින් ජනයා අතර අප්‍රසාදයට පත්වන බව දැන් මොනවට පැහැදිලි වී ඇත.

උන් වහන්සේ වැඩ බැරි ගෝඨා සර්ට ලියු ලිපිය පහතින්

ගරු ජනාධිපතිතුමනි,
නිරෝධායන මධ්‍යස්ථානවලින් 20%ක් විගමනික ශ්‍රමිකයන්ට වෙන්කරන්න.ඩුබායි හි සිටින ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වා ගැනීමට අදාළව ගුවන් ගමන් සඳහා වැය වන වියදම වන මිලියන 22ක මුදලක් ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමේ සභාපති දිලිත් ජයවීර මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පරිත්‍යාග කරනු ලැබීය. ( 2020.05.06 දෙරණ පුවත් )

දැනට මාස හයකට පෙර අදාල මුදල් පරිත්‍යාගය පිළිබඳව ප්‍රවෘත්ති වාර්ථාවක් පළ වී තිබෙණු දුටුව ද එම මුදල් වියදම් කර ඩුබායි සිට හෝ වෙනත් මැදපෙරදිග රටක සිට ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් ගෙන්වා ගත් බවක් නම් වාර්ථා නොවීය. (එවැනි දෙයක් ඔබ දන්නවා නම් මටත් දන්වන්න.)
එමෙන් ම ලංකාවට පැමිණි සියලු ශ්‍රමිකයන් පාහේ ඉතා විශාල මුදලක් පෞද්ගලිකව වැයකොට ( සාමාන්‍ය ගුවන් ගමනක් මෙන් දෙගුනයකට වැඩි මුදලක් ) ලංකාවට පැමිණියේය. මා දන්නා පරිදි එකදු ශ්‍රමිකයෙක් හෝ නොමිලේ ලංකාවට ගෙන්වාගෙන නැත.


එමෙන් ම මැදපෙරදිග කලාපයේ අනාත වී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට තානාපති කාර්‍යාල මගින් ආධාර/ රැකවරණ සැලසීමක් කොට නැත . එසේ නම් අදාල මිලියන 22ක මුදලට කුමක් ද සිදුවූයේ ?

ජනාධිපතිතුමනි, විදේශ විනිමය රටට ගෙන දෙන රටින් පිටත සිටින පුරවැසියන්ගේ අයිතිවන්නේ ඔබේ රජයට නොවේ ද ? කිසිදු වරප්‍රසාදයක් නොමැතිව ඔවුන් කොතරම් නම් විදේශ විනිමය රටට ලබා දී ඇත් ද ? තීරු බදු රහිත වාහන බලපත්‍ර, විශ්‍රාම වැටුප්, විශේෂ සහන කිසිවක් නැතිව රට වෙනුවෙන් යුතුකම් ඉටුකරන මේ මිනිසුන්ට මෙවැනි ව්‍යසනකාරී අවස්ථාවක දී ජීවත්වීමේ අයිතිය හෝ තහවුරු කිරීම රජය සතු වගකීම නොවේ ද ?

මැදපෙරදිග ශ්‍රී ලාංකිකයන් මියැදීමට ඉඩ දී බලා සිටීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නම් ප්‍රකෝටි ගණනක් වැය කරමින් නඩත්තු කරන විදේශ කටයුතු අමාත්‍යංශය, විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශය, කම්කරු අමාත්‍යංශය ආදී අමාත්‍යංශවලි ඇති ප්‍රයෝජනය කුමක් ද ?

මනුෂ්‍යත්වයේ නාමයෙන් අභය ඉල්ලා යදින මේ මිනිසුන්ට රැකවරණයක් ලබාදීමට කටයුතු කිරීම සේනාධිනායකයා ලෙසත් ආණ්ඩුවේ ප්‍රධානියා ලෙසත් රාජ්‍යයේ නායකයා ලෙසත් ඔබතුමා සතු වගකීමක් නොවේද ?. කුමන තත්ත්වයක දී වුවත් එම වගකීමෙන් මිදිය හැකි ද ?.

ජඹුරේවල චන්දරතන හිමි