අවුරුද්දකට මෙච්චර කළා නම් ඉතිරි 4 කොහොම කරයිද ?

අපේ වැඩ කරන ගෝඨා සර් පදවිප්‍රාප්තවෙලා අවුරුද්දකට කිට්‍ටුයි . ඉතින් ඔහුට කරන ගෞරවයක් වශයෙන් පසුගිය අවුරුද්ද පුරා ගෝටා සර් කළ වැඩ කොටස යලි සිහිපත් කරන එක අපේඅ යුතුකමක්. හරියටම කියනව ගෝඨා සර්ගෙ ධූර කාලයෙන් 1/5ක් ඉවරයි. ඉතින් අවුරුද්දකට මේ තරම් වැඩ කොටසක් කළා නම් ඉතිරි අවු 4 කොයි තරම් වැඩ කොටසක් රටට කරයිද. ගෝඨා සර් අපේ රට සිංග්ප්පූරුවක් කරන එක ඉර හඳ වගේ විශ්වාසයි. මේ ගෝඨා සර් පසුගිය පලමු අවුරුද්ද පුරා රටට කළ සේවයෙන් බිදක් විතරයි.

1) පාස්කු බෝම්බ ගහපු එවුන් ඇල්ලුවා, මහබැංකු හොරු කුදලං ආවා

2) මුස්ලිම් අන්තවාදය අකුලෝලම දැම්මා,බුර්කාව ,මද්‍රාසා තහනම් කලා. ෂරියා විශ්ව විද්‍යාලය රජයට ගත්තා

3) විකුණූ සම්පත් නැවත පවරා ගත්තා,චීනා හොල්මන් කරමින් හම්බන්තොට වරාය ජනසතු කළා

4) ජනතා කේද්‍රීය ආර්ථිකය ඔප් නංවමින් ඉන්දියන් මෝටර් සයිකල් තහනම් කළා, ඒ විතරක් නෙවෙ, ඉන්දියන් මොටර් සයිකල් විකුනපු උන්ට ඇඩ්‍රස් නැති කළා

5) පවුලේ උන්ට තනතුරු දීම නැති කලා, පවුලේ කාටවත් තනතුරු දුන්නෙ නෑ.ඥාති සංග්‍රහය දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් කළා

6) කොරෝනා උවදුර තුරන් කලා

7) කොරෝනා නිසා මැදපෙරදිග ‍රැකියා අහිමි වෙලා අසරණව හිටපු අයට ‍රැකියා ‍ දුන්නා ( ලෝකයේ පැරණිතම වෘත්තිය කරන්ඩ වට පිටාව හැදුවා )

8) ලංකාවට එන්න කැමති විදේශ ශ්‍රමිකයන්ට රු ලක්ෂ තුන හාමරක් වැනි සුළුමුදලක් ගෙවා එන්න පුළුවන් ක්‍රමයක් හැදුවා

9) සහල් මාෆියාව දණ ගැස්සුවා

10) වන විනාශය නතර කලා,විල්පත්තුවේ පරන ගස්කොලන් ටික අයින්කරලා ලස්සන කෝමාරිකා හිටෙව්වා

11) රාජ්‍ය ආයතනවලට කඩා පැනලා ඒවා අති කාර්‍යක්ශම කලා

12 ලොවම වික්ෂිප්ත කරමින් මැටි මුට්ටි වලින් කොරෝනා වලට ප්‍රතිකාරයක් හොයා ගත්තා

13) මාකදුර මදූශ්ව අල්ලලා පාතාලේ ඔක්කොම තොරතුරු ටික එලියට ගත්තා

14) සහරාන්ගේ ගෑනිට දෙන්න පුලුවන් උපරිම දඩුවම විදිහට නිරෝධායන කඳවුරකට යැව්වා.තව ටික දවසකින් කොරෝනා හැදිලා එයා වල කජ්ජ ගහයි

15) ලෝකයේ ඕනම පුරවැසියෙක්ට ලංකාවේ ජනාදිපතිවෙන්න පුලුවන් ව්‍යාවස්තාවක් හැදුවා

මම කලින් කීවා වගේ මේ ලියලා තියෙන්නෙ ගෝඨා ‘ස’ රටට කරපු සේවයෙන් බිදක් විතරයි. අමතක වුන දේ කමෙන්ට් විදියට ඔයාල එකතු කරන්න