ආසියාවේ හොදම පන්දු විදින්නිය මෙලනි අමාගේ ඝාතකයා ඒලියන්ත වයිට්,හොර වෙදාගේ ගැලවිජ්ජාවට විශාඛා විදුහල්පතිනිය ලියුම් දීලා

ඒලියන්ත වයිට් නොහොත් රාජපක්ෂ ගුබ්බෑයමේ  හොර වෙදා  දුන් සාන්ද්‍ර කුප්පියක් විෂ වී ජාතික දැල් පන්දු කණ්ඩායම නියෝජනය කළ මෙලනි අමා මිය ගිය බව ඊයේ පැවති පුවත්පත් සාකච්ඡාවකදී හෙළිදරව් විය. පාර්ලීමෙන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක  විසින් මෙම කරුණු හෙළිදරව් කළේ   ලංකාවේ ප්‍රධාන ධාරාවේ සියළුම මාධ්‍ය ආයතන ඉදිරියේය. තවද එම පුවත්පත් සාකච්ඡාවට මිය ගිය මෙලනිගේ පියා වන ඩබ්.එම් ධම්මික නිෂාන්ත සහ  මව චන්ද්‍රිකා අමරදාස යන අයවලුන්ද සහභාගි වීම විශේෂ සිදුවීමක් විය. මෙලනි අමාගේ   පියා  යුධ හමුදා සේවා බලකායේ අවුරුදු 22 සේවය කොට විශ්‍රාම ගිය  ජේ.අ.නො නිලධාරියෙකි. 

නිරන්තරව ක්‍රීඩා කිරීමට නිසා අතේ මතුවූ වේදනාව

මියගිය මෙලනි  කොළඹ විශාඛා විද්‍යාලයේ  ශිෂ්‍යාවක වූ අතර ඇය ආසියාවේ හොදම පන්දු විදින්නිය ලෙස අභිෂේක ලැබ සිටියාය. ඇයගේ දෙමාපීයන් හෙළිදරව් කළ පරිදි සිද්ධිය සැකෙවින් මෙසේය . නිරන්තරව ක්‍රීඩා කිරීම නිසා  2019 ජූලි මාසයෙදී පමන මෙලනිගේ  අතේ වේදනාවක් මතුවී ඇත. එවිට මෙලනි බටහිර වෛද්‍ය ප්‍රථීකාර සදහා යොමු වී ඇති අතර   මාස කිහිපයක්  විවෙකීව සිටින ලෙස  ඇයට වෛද්‍ය උපදේශ ලැබී ඇත. මෙලනි නොමැති වීම  විශාඛා විද්‍යාලයේ නෙට් බෝල් කණ්ඩායමට දැරිය නොහැකි පාඩුවක් වූ අතර පාසැලේ  පුහුණුකරු සහ ක්‍රීඩාභාර ගුරුවරුන්න් ඇය යලි කණ්ඩායමට එක් කර ගැනීමට බලවත් පරිශ්‍රමයක් දරා ඇත.

මෙලනි අමා හොර වෙදා ලගට ‍‍රැගෙන යාම සහ සාන්ද්‍ර කුප්පි බී රෝගී වීම

මේ අතර මෙලනිගේ මිතුරියකගේ මවක් වූ හැටන් නැෂනල් බැංකුවේ සේවය කරන  සුදුආරච්චි නම් කාන්තාව ඇයව ඒලියත වයිට් හොර වෙදා වෙත ‍රැගෙන යාමට කටයුතු කොට ඇත. සුදුආරච්චි  පමනක් නොව ඒලියන්ත වයිට් ලගට පැමිනෙන අයගෙන් 99% ක් කාන්තාවන්ය. එම කාන්තාවන්ගෙන් බහුතරය ලංකාවේ නම ගිය දේශපාලකයන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ බිරින්දෑවරුන්ය.  එය වෙනම ලිවිය යුතු කථා වස්තුවකි. කෙසේ හෝ දෛවෝපගත කරුමයකට මෙන් මෙලනි  හොර වෙදා ලග නතර විය.එහිදී  හොර වෙදා ඇයගේ අත පරීක්ෂා කොට එහි ස්නායු  මැරී ඇති බව පවසා ඇත.ඉන් පසු කුප්පියක වූ  යම්  සාන්ද්‍රණයක් ලබාදී එය එක හුස්මට බොන ලෙස දන්වා ඇත. මෙලෙසින් වාර හතරකදී කුප්පි 4ක් ඇයට පොවා ඇත. 

  හොර වෙදාගේ  ගැලවිජ්ජාවට සහ උගේ  කූට ඩිස්පැන්සරිය ප්‍රවර්ධනයට  විශාඛා විදුහල්පතිනිය ලියුම් දෙයි  

පලවෙනි කුප්පිය ශරීර ගතවීමත් සමග ඇයගේ අතේ වූ වේදනාවට යම් සහනයක් ලැබී ඇත. ඒ සමගම ක්‍රියාතමක වූ ඒලියන්ත වයිට්  සිය ගැලවිජ්ජාව සහ හොර  ඩිස්පැන්සරිය ප්‍රවර්ධනය  සදහා ලියුම් තුනක් ලබාගෙන ඇත . එම ලියුම් තුන ලබා ගත්තේ විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනියගේ අත්සනින් බව කිව හොත් ඔබ එක් වරම විශ්වාස නොකරනු ඇත . නමුත් එය සත්‍යකි.  ප්‍රතිකාර කිරීම සදහා  ඒලියන්ත වයිට්ගෙන් ඉල්ලුම් කරන ලිපියකුත්, රෝගි තත්වය සුව වූ බව ප්‍රකාශ කරන තවත් ලිපියකුත්  , රෝගය සුව කිරීම පිළිබදව ස්තූතිය පලකරන ලිපියකුත් ලෙසින් ලියුම් 3ක්  විශාඛා විදුහලේ විදුහල් පතිනියගෙන් අත්සනින්  ලබා ගෙන ඇත.මිත්‍යාව ඉදිරියේ ලංකාවේ අංක එකේ බාලිකා පාසැලේ විදුහල්පතිනියගේ කලකිරියාව මෙලෙස නම් මෙසිරි ලංකාවේ ඉරණම  ගැන සිතා ගැනීම ඔබට බාරය . මෙම ලිපි නිකුත්කර දින කිහිපයක් ගතවෙත්ම ඇයගේ  හදවත ආශ්‍රිතව සංකූලතා මතුව ඇති අතර එය අවසන් වූයේ මෙලනි අමා අවසන් හුස්ම හෙලීමෙනි.

  ඒලියන්ත වයිට් හොර වෙදාගේ සාපය  

ඒලියන්ත වයිට් හොර වෙදාගේ සාපය ව්‍යාජ බෙහෙත් වලින් සිදු කරන සාහසික මනුෂ්‍ය ඝාතන වලට පමනක් සීමා නොවෙයි. මොහු සැම මාස තුනකටම වරක් බෙහෙත් සොයන්න හිමාල වනයට යනවා කියා ජනාධිපති අරමුදලින් කෝටි ගණනින් මුදල් ‍රැගෙන ඉන්දියාවට යාම සිදු කරයි. මොහු ගමන් බිමන් යන්නේ අගමැති  වාහන අංගනයේ වාහනයකිනි . එපමනක් නොව ඉදිරියෙන් සහ පි‍ටුපසින් පරිවාර ආරක්ෂක වාහන තුනක් හෝ හතරක් ගමන් කරයි. මොහු නිසා විනාශ වූ, සී සී කඩ ගිය සහ දික්කසාද ගැට්ටට පැමිණි ප්‍රභූ විවාහ එමටය.  මිනිසුන් මොහු පසු පස යන්නේ මොහු දෙන කුප්පි වල ඇති  ගුණයක් නිසා නොව  මොහුගේ නරිවාදන්  වලට ‍රැවරීම නිසාය.  මේ වන විට මොහුගේ බෙහෙත් කුප්පි බී මිනිසුන් දුසීම් ගණනක් අවසන් හුස්ම හෙලා ඇත ,  වෛද්‍ය  ගීතාංජන මෙන්ඩිස්ද ඒ අතර වෙයි. සදාකාලික රෝගීන් වූ පිරිස  සහ අතුරු ආබාද වලට ලක් වූ පිරිස දහස් ගණනකි.

රාජකීය හොර වෙදාගේ පැටිකිරිය 

ඒලියන්ත වයිට්ගේ ගම මැනික්හින්නය. මැනික්හින්න කට්ටඩියන් සදහා වෙන්වූ ප්‍රදේශයකි.  මොවුන්  වෘත්තියක් ලෙස  බොරුවෙන් ජීවත්වන පිරිසකි. මේකාගේ  ‍රැහේ  උන්  සියල්ල කරන්නේ  විශ්ව ශක්තිය සමග ගණුකරනවා , දෙවියන් සමග ගණුදෙනු කරනවා වැනි කතා කියා  ජනයා ‍රැවටීමය. මුන්ගේ බොරුව  හෙලි වු මෑතක වූ සිදුවීමක් මෙසේය .මුන් කියන පරිදි විශ්ව ශක්තියෙන් වශී බන්ධයක් කිරීමට  කිරීමට අවශ්‍ය වන්නේ කාන්තාවගේ සහ පුරුෂයාගේ නම පමනි. කාන්තාව සහ පුරුෂයා ලෝකේ කොහේ සිටියත් කම් නැත. ( විදේශ ශ්‍රමිකයන්ගෙන් ගසා කෑ හැක්කේ එවිටය )   මුන්ගේ වශී ගැන කියවෙන දැන්වීම නිතර දෙවේලේ මුද්‍රත සහ ඩිජිටල් මාධ්‍ය වල ප්‍රචාරය වෙයි.

දිනක් ඉතාලියේ වෙසෙන තරුණයෙක් වශී බන්ධනයක් කිරීමට කථා කළේය .

තරුණයා –  අනේ මෑනියනි, මට වශී බන්ධනයක් කර ගන්ඩ ඕනේ.හැබැයි කෙල්ල ඉන්නෙ වෙන රටක 

මෑනියෝ  – හරි පුතේ කිසි ප්‍රශ්නයක් නෑ .. මට පුතාගේ නමයි , ඒ දුවගෙ නමයි දෙන්නකො .. මම වැඩේ කරන්නම් 

තරුණයා  – මගේ  නම අමරසිංහ, ගෑනු ලමයගෙ නම මීයා කලිෆා  ( තරුණයා සදහන් කරන්නේ  ඇමෙරිකාවේ නිලියකගේ නමකි )  


ගුරුකම කරන්නේ වැඩේ හරිගිය පසු මුදල් ගෙවීමේ පදනම යටතේ බවත් , ගුරුකම සදහා අවශ්‍ය භාන්ඩ ගැනීම සදහා  පමනක් මුදල් එවන ලෙස මෑනියෝ  දැනුම් දෙයි.  මෑනියන්ගේ වශී ඇත්ත නම් මෙලහකටත් නම් අපේ උන් ඔක්කොම හොලිවුඩ්-බොලිවුඩ් කෑලි බැඳ ගෙන හමාරය. ඒලියන්ත වයිට් කුඩා කල හැදුනේ මෙවැනි පරිසරයකය. උගේ ‍වර්ගයේ උන් එසේ මෙසේ උන් නොව බොරු ඇවිද්දවන පිරිසකි

පාලකයා මිත්‍යාදෘෂ්ඨිකයෙකු වීම  ශෝඛාන්තයකි 

ලංකාව යනු ථේරවාදී බුදුදහම පවතින ලෝකයේ එකම රටය. හේතුපල දහම යථාභූතව දේශනා කරන ලෝකයේ එකම රටය. මාර්ග ඵල ලාභින් වැඩ වසන ලෝකයේ එකම රටය. එවැනි රටක පාලකයා මිත්‍යාදෘෂ්ඨිකයෙකු වීම කෙතරම් ශෝඛාන්තයක්ද ? මිත්‍යාව පැළ කිරීමට පාලකයා දායක වීම කොතරම් අභාග්‍යක්ද ? කට්ටඩින්ට , ෆෙන්ෂුයි කාරයන්ට, හක්ගෙඩි කාරයන්ට , විශ්ව ශක්ති හොරුන්ට උදෑසන රූපවාහිනී කාලය වෙන් කරන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාවය.අත කට පුරා වශී බෝල, කුන්ත, ඇට මාල එල්ලා ගත් ලෝකයේ එකම පාලකයා අපේ එකාය. කොරෝනාවෙන් බේරීමට  කල ගෙඩි සෙල්ලම් පාන ලෝකයේ එකම රට ලංකාවය.මිත්‍ය දෘෂ්ඨිය ආනන්තර්ය පාප කර්මයක් වීම වෙනම කථාවකි. නමුත් සිංහළ බෞද්ධයන්ට ඉතිරිව ඇති  ලෝකයේ එකම රටේ පාලකයා මිත්‍යාදෘෂ්ඨිකයෙකු වීම මහා ඛේදාන්තයකි.  මිත්‍යාවේ පෙර ගමන් කරුවා රටේ පාලකයාය . බෞද්ධ දර්ශනයට කරන ලොකුම හානිය සිදු කරන්නේ මෙකී මිත්‍යාදුෂ්ඨික පාලකයන්ය. 

උපුටා ගැනීම ලංකා ඊ නිවුස්