දිනෙන් දින පිරිහෙන ගෝඨාභයට ජාතික සංවිධාන වලින් රතු එළියක් – විමල් කැ‍රැල්ලක් අභියෙස

තව දින කිහිපයකින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පදවි ප්‍රාප්තියේ වසරක් සම්පූර්ණ කිරීමට නියමිතය. නමුත් කිසිවකු බලාපොරොත්තු නොවූ අයුරින් ඔහුගේ ජනප්‍රියත්වය හීන විය. වසරක් වැනි කෙටි කාලයක් තුළ ඔහුගේ ජනප්‍රියත්වය හීන වූවා පමණක් නොව ඔහුට එරෙහිව විශාල විරෝධයක් ජනතාව කෙරෙන් එල්ල වෙමින් පවතීයි.ඊයෙ විමල් වීරවංශගේ  මූලිකත්වයෙන් ගෝඨාගේ   පදවිප්‍රාප්තියේ පළමු වසර පිළිබද ගුණදොස් විචාරීමට රැස්වීමක් කැඳවා තිබුණි. එය ජාතික සංවිධාන වැඩමුළුවක් ලෙස හැඳින්වුවද වරදක් නැත.

ගෝඨාභයට සහ රජයට එල්ල වන මහජන විරෝධය රැස්වීමේ  අංක එකට සාකච්ඡාවට ලක්විය. විමල් වීරවංශ ‍රැස්වීම ආරම්භ  කරමින්,  ගෝඨාභය කොතෙක් දුරට මහජන අප්‍රසාදයට  ලක් වී ඇතිද යන්න වටහා ගැනීමට සමීක්ෂණ , ඇප්  අවශ්‍ය නොමැති බවත් ගෝඨාභයගේ මුහුණු පොත බැලීමෙන් තත්වය වටහා ගත හැකි බව කීවේය .මේ වන විට  පීඩාවට පත්ව ඇති ජනතාව ගෙන්  ගෝඨාගේ ෆේස්බුක්  පිටුවට  රළු ප්‍රතිචාර එල්ල වෙමින් පවතී. එල්ල වන රළු ප්‍රතිචාර පාලනය කරනු වස්  ගෝඨාගේ ෆේස්බුක් ඇඩිමින්ලා  පුරවැසියන් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් බ්ලොක්  කොට ඇති බව හෙළිදරව් කළේය.


විශේෂයෙන් ගුවන් තොටුපොළ වැසීම නිසා අසරණභාවයට පත්ව ඇති මැදපෙරදිග ශ්‍රමිකයන් ගෝඨා ගේ මුහුණු පොතට පැමිණ අම්මා මෝ නැතුව බැන වදින බව  කීවේය.වසංගතය සහ සෞඛ්‍ය ගැටළුව මුළු ලෝකයට ම පොදු වූවත් ගෝඨා ලෝකෙන් අංක එක වීමට  ගොස් ඇනගෙන ඇතිබව බොහෝ දෙනකුගේ මතය විය.මැද පෙරදිග ශ්‍රමිකයන්ට පැමිණිය නොහැකි සේ ගුවන්තොටුපල වැසීම විශාල වරදක් බව ඒකමතික විය . ගුවන්තොටුපල වැසීම පමණක් නොව ගහෙන් ගෙඩි එන්නාක් මෙන් ගුවන්  වාර කැන්සල් කිරීම අමානුෂික බව සභාවේ මතය විය . යුරෝපයට ඇරෙන දොර මැද පෙරදිගට වැසීම රජයක් ලෙස ලැජ්ජාවට කරුණ ක් බව කීවේය


රෝහල්වල බෙහෙත්  හිගය, PCR පරීක්ෂණ අවම වීම , පොහොර හිගය ,මෝටර් සයිකල් කර්මාන්තකරුවන් මහපාරට වැටීම , ගොවීන්ට අස්වැන්න අලෙවි කරගත නොහැකි වීම , නැගෙනහිර  පර්යන්තය ඇතුළු මහජන දේපල විකිණීම,රජය විසින් පාරිසරික නීති හෑල්ලුවට ලක් කිරීම,රජයේ  මිත්‍යාදෘෂ්ටික නැඹුරුව ,විනිවිද භාවයක් නොවූ පොම්පියෝගේ සංචාරය ,බැසිල් විසින්  ජාතික බලවේගය ඉලක්ක කොට එල්ල කරන ප්‍රහාර හමුවේ ගෝඨා නිහඬ ප්‍රේක්ෂකයෙකු ලෙස සිටීම අනුමත කළ නොහැකි බව සභාවේ සාකච්ඡා විය  .

එක්සත් ජාතික පක්ෂ රජය කාලයෙදිවත් ජාතික සංවිධාන මෙතරම් අපහසුතාවයට පත් නොවූ බවත් තමන් විසින් බලයට ගෙනා ගෝඨාභයගේ කාලයේදී පාච්චල් වීම දෛවෝපගත සරදමක්ය යන්න සාකච්ඡා විය .විශේෂයෙන් සිරිසේන ජනපති ධූරය දරන කාලයෙදී ජාතික සංවිධාන කිසිදු අවස්ථාවක හෑලුවට ලක් නොකල බව සියල්ලන්ගේ මතය විය

දේශපාලනය පිලිබදව ගෝඨාභයට අද්දැකීම් නැති වුවද අනුගත වීම සදහා වසරක කාලය ප්‍රමාණවත් බවත් රාජ්‍ය විචාලීමෙහිලා සුභවාදී සහ සාධනීය වෙනසක් කිරීමට ඔහු අපොහොසත් වන්නේ නම් ඔහු ඔසවා තැබුවා මෙන්ම ඔහු බිම හෙලීමට පසුබට නොවිය යුතු බව අවසානයේ කථා බහට ලක් විය