කොළඹ වරායේ ඉතිරි කොටස ඉන්දියාට හෝ චීනයට විකුණනවා ! – නාමල් කියයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදෙන්නේද චීනයට ලබාදෙන්නේද යන්න රජය මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති බවත් යම්කිසි තීරණයකට එළඹෙන්නේ නම් ඒ වරායේ දියුණුව තකා බවත් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි. 

“නෑ, අපි ඉන්දියාවට දෙනවද චීනයට දෙනවද කියන කාරණයක් අපි සඳහන් කරලා නෑ. ඉතිං ඔය කියන ජනතා විමුක්ති පෙරමුණ අපි කියන සාකච්ඡා එකක්වත් හිටියෙත් නෑ. මං දන්නෑ කොහොමද ඒ කට්ටිය දන්නෙ කියලා, හැබැයි යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්නවා නම් වරායේ දියුණුවටයි” . නාමල් රාජපක්ෂ මේ බව පැවසුවේ පෙරේදා (14) මහනුවරදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. 

පසු සටහන – මේ වන විට වරාය විකිනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වී ඇති නමුත් ඒ සමබන්ධව අවසන් තීන්දුව ගෙන නැත. කරුනු එසේ හෙයින් නිසැකවම ඉදිරියෙදී නැගෙනහිර පර්යන්තය ඉන්දියානු හෝ චීන සමාගමකට විකුනා දමනු ඇත. නාමල්ගේ කථාව සම්පූර්ණ සත්‍යයක් වන අතර එය බලලා මල්ලෙන් එලියට පැනීමකි