රතන හිමි කළ වැඩේ හරිද ?

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව අනතුරේ කියා අද සියළු මුස්ලිම් ඇමතිවරු තමන්ගේ ඇමති ධූර වලින්  ඉල්ලා අස් වූහ. ලංකාවේ බහුතරය වූ සිංහල බෞද්ධ ජන කොටස අපවාදයට ලක් කරමිනින් මේ පුවත ලොව පුරා ගින්නක් සේ පැතිර යමින් ඇත. සිදුවීම වාර්තා වී පැයක් ගතව යාමටත් මත්තෙන් ලොව පළමු පෙලේ සියලු මාධ්‍ය ආයතන මෙම පුවත වාර්තා කොට ඇත. නීතියේ ක්‍රියා පටිපාටියෙන් බැහැරව අන්තවාදයට අන්තවාදයෙන් පිළිතුරු දීමට යාම නිසා සිංහල ජනයා ලෝක අපවාදයට ලක් වෙමින් ඇතුවා පමනක් නොව පාස්කු ප්‍රහාරයෙන් පසු ඔවුන් සතු වූ වාසිය මුස්ලිම් ජනයා වෙත පාවා දෙමින් සිටියි.

දේශයේ මුර දේවතාවන් ලෙසින් පෙරට ආ කල්ලි ජාතියට කල විනාෂය

පාස්කු ප්‍රහාරයෙන් පසු ඇති වූ සිද්ධිදාමය දෙස සිහියෙන් බලන අයෙක් වෙත් නම් ජාතියේ මුරදේවතාවන් ලෙස පෙරට ආ  කල්ලි කණ්ඩායම්  අවිචාරශීලීව කල කී දෑ නිසා සිදුවූ විනාශය තේරුම් ගැනීම දුෂ්කර නැත. මුලින්ම කලේ ගෙවල් වලින් සොයා ගන්නා පරණ කැති පොරෝ වලට අනවශ්‍ය ප්‍රචාරයක් ලබා දීමය.  එහි වාසිය අත්වූයේ සහරාන්ගේ කල්ලියටය මක් නිසාදයත් හමුදාවේ සෝදිසි මෙහෙයුම් ”සෝඩා ‍රැල්ලක්”  බවට පත් වී පසුව එය මුළුමනින්ම අඩාල වීමය. අහිංසක මුස්ලිම් ජනයා ඉලක්ක කොට එල්ල කල මිනුවන්ගොඩ බිහිසුනු ප්‍රහාරයෙන්  සිංහල ජනයා වරද කරුවන් වී මුස්ලිම් ජනයා ශාන්තූවරුන් බවට පත් කලහ.

සාධාරණ නඩු විභාගයක හිමිකම නොහොත් ස්වාභාවික යුක්ති මූල ධර්ම

උසාවියට අපහාස කිරීමේ චෝදනාව යටතේ 17 වසරකට අච්චු කල ඥානසාර හිමි නිදහස් කිරීමේ   වාසිය අත්වූයේද  මුස්ලිම් ජනයාට මිස සිංහලායාට නොවේ. සාක්ෂි සහිතව ඔප්පු කරනවා වෙනුවට වඳ සැත්කම් චෝදනාවක් එල්ල කොට ජනමාධ්‍ය හරහා නඩු විභාග කිරිමට යාමෙහි වාසිය අත් වූයේද චූදිතයාට මිස සිංහලායාට නොවේ . චෝදනා පත්‍රයක් නොමැතිව ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වීමට  බල කරනු වස්  ජනපති  අනුග්‍රහයයෙන් කළ උපවාසයේ සමස්ථ වාසිය අත්වූයේද මුස්ලිම් ජනතාවටය. මේ සිංහල දේශප්‍රේමීන්ට වැරදු තැන් වලින් අන්ශු මාත්‍රයක් පමනි

හෙළුව තවත් වරක් ලොවට පෙන්වීම

වත්මන් අගරදගුරු මහින්ද හිතවාදී බව ප්‍රසිද්ධ කරුනකි  අගරදගුරු මැල්කම් රංජිත් රතන හිමි උපවාස කරන ස්ථානයට පැමින එම ක්‍රියාදාමයට වලංගු භාවයක් දුන්නේය. අගරදගුරුවරයා වෙවැනි වැඩක් කලේ රතන හිමිගේ උපවාසය බෞද්ධ ජනයාගෙන් බහුතරයක්  අනුමත නොකරන තත්වයක තිබියදීය. අගරදගුරුවරයාගේ මේ ක්‍රියාව පිළිබඳව  මංගල සමරවීර ලොව කලඹන  ට්විටර් පණිවිඩයක් තැබූවේය . ‘‘වතිකානුවේ නිසි අවධානය පිණිසයි  පා.ම රතනගේ උපවාසය විසිට් කරමින් අගරදගුරු වෛරය සහ ජාතිවාදය ඇවිළුවා’’ ලෙස එහි සදහන් විය.  මංගල සමරවීර තැබූ මෙම ට්විටර් පණිඩයෙන් බෞද්ධ පූජක ඉහල ඇවරිය අස්වැසිල්ලක් ලැබූ බව නොරහසකි . නමුත්  ශ්‍රී ලාංකික ජාතියක්  ලෙස අපගේ හෙළුව තවත් වරක් ලොවට පෙන්වූ බව අකමැත්තෙන් වුවද පිලිගත යුතුව ඇත

By – තුෂාරා වන්නිආරච්චි

Editor Lanka news app