ඩයනගේ මාරුව සමග සජබ දෙදරයි- ප්‍රාදේශීය දේශපාලකයන්ගෙන් ක‍රැල්ලක්

සජිත් ප්‍රේමදාස අලුත් පක්ෂයක් හයර් කරමින් එජාපය දෙකඩ කිරීම බහුතරයක් පාක්ෂිකයන්ගේ ගේ නොසතුටට හේතු විය. ලක්ෂ 30කට ආසන්න එජාප පාක්ෂිකයන් පිරිසක් ඡන්දපොළට නොපැමිණියේ එහෙයිනි.


සජිත් හයර් කළ පක්ෂයේ නීත්‍යානුකූල අයිතිය සතු වන්නේ ඩයනා සහ ඇගේ සැමියාටය. ඩයනා බැසිල්ගේ ඔඩොක්කුවට පැනීමත් සමගම  සජිත් පිල අවතැන් වූ අතර සජිත්  අහසේ පාවෙන දේශපාලන සත්වයෙකු බවට  පත්විය.


පක්ෂයක් නොමැතිව සජිත් අහසේ පා වුනද ඔවුන්ට  පාර්ලිමේන්තු  වරප්‍රසාද  හිමිය. නමුත්  සජිත් වටා රොක්වූ ජනතාවට සහ පරාජිත අපේක්ෂකයන්ට සියල්ල අහිමිය. මේ වන විට ඔවුන්ට පක්ෂයක් නැත .රෙද්දක් ඇඳගෙන ගමේ ගොඩේ කඩපිලේ දේශපාලනය කතා කිරීමට  නොහැකිය.


ඩයනා ගමගේ බැසිල්ගෙ පදයට නටන බව සක්සුදක් සේ දැන් පැහැදිලි වී ඇත . ගංජා නීතිගත කළ යුතු යයි ඩයනා කල කතාවෙන් එය පැහැදිලි විය. මීට සති කිහිපයකට පෙර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස් වූ විටෙක ගංජා නීතිගත කිරීමේ ලිඛිත ලියවිල්ලක් බෙදා හැර තිබුණි . එම ව්‍යාපෘතිය ය බැසිල්ගේ එකකි

ඩයනා පක්ෂයෙන් ඉවත් කළ බවට කඩදාසියක් නිතුත් කළද තවදුරත් පක්ෂයේ නීතීමය බල තල සියල්ල ඇය සහ ඇයගේ සැමියා සතුය.ඩයනා පක්ෂයෙන් ඉවත්කළා යයි ලිපියක් මධ්‍යයට නිකුත් කිරීම නිසා ඩයනා කෝපයට පත්ව සිටින අතර බැසිල් සමග එක්ව සජිත්ට එරෙහිව එලි පිටම වැඩ කිරීමට ඇය තීන්දු කොට ඈත. එහි ප්‍රතිවිපාක තව නොබෝ දිනකින් දැකිය හැකි වනු ඇත


පසුගියදා රවි කරුණානායකගේ මූලිකත්වයෙන් පාලිත තෙවරප්පෙරුමගේ සුවදුක් බැලීමට එජාපයේ ජේෂ්ඨයන් පිරිසක් ගියහ. එම ගමනට රුවන් විජේවර්ධන ද එක්ව තිබුණි. ඉදිරි මැතිවරණ වලට  ශක්තිමත් කණ්ඩායමක් ලෙස එජාපය ඉදිරිපත්  වියයුතු  බව එහිදී සාකච්ඡාවට බඳුන්ව තිබුණි.  එපමණක් නොව ඊට පසු දිනම එජාප මැතිවරණ සිතියම සැකසීම ආරම්භ විය.

ඩයනාගේ පිල් මාරුව සමග ගම් මට්ටමේ සජිත් වාදීන්ට යන එන මං නැති විය, ඔවුන් දේශපාලනයෙන් කොන් විය. මෙම තත්වය සජිත්වාදී ප්‍රාදේශීය දේශපාලකයට තදින්ම දැනුණි.මේ පිළිබදව සජිත් සමග සාකච්ඡා කිරීමට කාල වේලාවක් ඉල්ලා තිබුනද එය මෙතෙක් ඉ‍ටු වී නැත.ගම් මට්ට්ම පිළිබදව පුරසාරම් දොඩවන සජිත් මේ වන විට සිය දේශපාලනය කොළඹ 7 විපක්ෂ නායක කාර්යාලයට සීමා කොට ඇත.

මෙම අර්බුධය කොතෙක්දයත් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට දුරකථනයෙන්  තරඟ කොට පරාජය වූ අපේක්ෂකයන් නව දේශපාලන ගමනක් පිළිබඳව විකල්ප නායකයන් සමග  සාකච්ඡා කිරීමට පටන් ගෙන ඇත. කලකදි ග්‍රාමීය ජනයාගේ වීරයා බවට පත්ව සිටි සජිත්ට එරෙහි පළමු කැරැල්ල  ගමෙන්ම පැනනැගීම දෛවයේ සරදමකි .කරන කලට පව් මිහිරිය මී සේ විඳින කලට දුක් දැඩිවෙයි ගිණි සේ කීවේ ඕකටය