කොළඹ ජනතාව කෑම ඉල්ලා විරෝධයේ ,විදෙස් ශ්‍රමිකයන් ජිවිතය ඉල්ලා විරෝධයේ

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා තව දුරටත් වසා දමා ඇති කොළඹ නගරයේ ඇතැම් ප්‍රදේශ වල ජනතාව එක්රැස්වී විරෝධතා පවත්වමින් සිටින අතර ජනතා විරෝධය දිනෙන් දින තිව්‍රර වෙමින් පවතියි. තමන්ට කෑමට බීමට නොමැති බව ජනයා පවසති. කොළඹ ජනයා විරෝධාතා පවත්වන බව බැසිල්ගේ වෙබ් අඩවිය වන ලංකා සී නිවුස් වාර්තා කොට ඇත

මේ අතර ‍රැකියා අහිමිව මැද පෙරදිග සිරවී සිටින ජනයාට අණ්ඩුව තිත්ත වි ඈති අතර , තමන්ට ගුවන්තො‍ටුපල වැසීම පිළිබදව පසුගියදා එක්සත් ජාතීන්ගේ සංවිධානයටද පැමිණිලි කළහ.ගුවන්තො‍ටුපොල වසා විදේශ ශ්‍රමිකයන් අනාථ කල ලොව එකම රජය ගෝඨාණ්ඩුවය.

ලක්ෂ ගණනින් මුදල් අයකොට ඇති හැකි විදේශ ශ්‍රමියන් පමනක් ගෙන්වූ ලොව එකම රජය ගෝඨාණ්ඩුවය. අත යටින් ගානක් තබාගෙන ටෙස්ට් කිට් , මාස්ක් ඇතුළු වෛද්‍ය උපකරණ ගෙන්වූ ලොව එකම රජය ගෝඨාණ්ඩුවය. වසංගතය වසන්තයක් කරගත් ලොව එකම ආණ්ඩුව ගෝඨාණ්ඩුවය

ජනයා කුස ගින්නේ පෙලෙන විට , ජනයාගේ ප්‍රශ්න ඇසීමට කැමති යයි ලෑන්ඩ් ලයින් නම්බර් එකක් වෙන් කොට අත සෝදාගත් ලොව එකම විපක්ෂ නායකයා මෙසිරි ලංකාවේ සජිත්ය.විකල්ප සැලසුමක් නොමැතිව බාල වර්ගයේ විරෝධතා වලින් එදා වේල ගැට ගසා ගන්නා ලොව එකම විපක්ෂ නායකයා සජිත්ය