27 දෙනකු ගැන පුළුල් පරීක්‍ෂණ ආරම්භ කළා – නි.පො අජිත්

කොරෝනා සම්බන්ධයෙන් අසත්‍ය පුවත් සමාජ මාධ්‍ය ජාල (ෆේස්බුක්) ඔස්සේ ප‍්‍රචාරය කළ විදේශගතව සිටින දෙදෙනකු හා මෙරට පුද්ගලයන් 27 දෙනකු අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇතැයි අජිත් රෝහණ අද දින පවසා ඇත.

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අසත්‍ය පුවත් පළකර ප‍්‍රචාරය කළ ජපානයේ සේවය කරන පුද්ගලයකු හා ඕස්ටේ‍්‍රලියාව රැඳී සිටින කාන්තාවක අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියේ සහාය ඉල්ලා ඇතැයිද හෙතෙම කීය.

දැනටමත් කොරෝනා සම්බන්ධයෙන් අසත්‍ය පුවත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළ කළ පුද්ගලයන් 31 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයිද හෙතෙම කියා සිටියේය.

කොරෝනා ගැන මුහුණු පොතේ පෝස්ට් දමන උන් ගැන පරීක්ෂණ පවත්වනවා කියන අජිත් රෝහන ලංකාවට කොරෝනා බෝ කළ බ්‍රැන්ඩික්ස් ඛේදවාචකය ගැන මීක් නැත . එම සිද්ධිය ගැන නීතිපතිවරයා ඉල්ලු වාර්තාව නිසි ආකරයෙන් සම්පූර්ණ කිරීමට මේ දක්වා අපොහොසත් වී ඇත.

වෙන එකක් අවශ්‍ය නැත , පිලියන්දල ප්‍රදේශයෙ පන්සලක බුදුන් වඳින දැරියට ලිංගේන්ද්‍රය පෙන්වා ගිය සල්ලාලයා අත්අඩංගුවට ගැනීමට මේ දක්වා අපොහොසත් වී ඈත. පොලීසිය ෆේස් බුක් පසු පස ලුහු බඳින නිසා බිසී ඇතැයි අප සිතමු, ඒ නිසා හෙට දිනයේ හෝ එම සල්ලාලයා අත් අඩංගුවට ගැනීමට හැකි වේවා යයි ප්‍රාර්ථනය කරමු

මේ අතර ගවුම් ඉරාජ් නොහොත් බයියන්ගේ මහා ගාන්ධර්භයා මේ වන විට ලොකු සෑර් ගේ මාධ්‍ය උපදේශක බවට පත්ව ඇති අතර , ‍තෝරා ගත් වෙබ් අඩවි කිහිපයක් නිහඬ කරන ආකාරය ගැන සැලසුමක් ලොකු සෑර් අතට පත් කොට ඇත.

මේ හා සම්බන්ධව තවත් කෙස් කෙලින් කරන පුවතක් අද වාර්තා විය. ප්‍රධාන පෙලේ සමාජ ජාලා ක්‍රියාකාරීන් 200ක් අත් අඩංගුවට ගැනීමට සැලසුම් කොට ඇති බව , පාර්ලීමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් අද ප්‍රකාශ කළේය.අපට කීමට ඇත්තේ මෙපමනකි . ඇත්ත කථා කිරීමට කිසිවෙකු බිය විය යුතු නැත. ජන මතය නිදා සිටින සිංහයෙකු මෙනි.එය අවධි කළ යුතුය

අජිත් රෝහනට තවත් කරුනක් මතක් කළ යුතුව ඇත . ඉන්ට් පෝල් එකෙන් බාරදුන් මදූෂ් වෙඩි තබා මරා දැමූ ලංකාවේ පොලීසියට ඉන්ටපෝල් නිලධාරීන් නැවත වරක් බලු කුක්කෙක්වත් බාර දෙන්නේ නැත