මාරපන ගිය කළුවා සේ මොණරාගල ගිය රුවන් සහ තෙවා අනූ නමයෙන් බේරෙයි

එ.ජා.ප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ මොණරාගලදී පැවති හමුවක් පාක්ෂිකයන්ගෙන් එල්ල වූ විරෝධය නිසා අතර මැද නවතා දැමීමට සිදු විය.

මේ වන විට රුවන් සිය නැණ පමනින් පක්ෂය ගොඩ දැමීමට වෙහෙසෙන සෙයක් පෙනෙයි. රුවන් සිය දේශපාලන සගයා ලෙස ‍තෝරාගෙන ඇත්තේ පාලිත තෙවරප්පෙරුමය. එජාපය ගොඩ දැමිය හැක්කේ තෙවරප්පෙරුමට සහ තමාට යයි රුවන් අදහස් කළාට සැක නැත.

හීන් නූලෙන් දඟ දැමීම දේශපාලනයේ නැතිවම බැරි අංගයකි. අන්දරේගෙන් පටන් ගත් එම භූමිකාව රඟ දැක්වූ චරිත බොහොමය. ඒ.ජේ රණසිංහ , මර්වින් සිල්වා ආදී වශයෙන් නම් ලැයිස්තුවකි.එනිසා ලාංකීය දේශපාලනය තුල තෙවරප්පෙරුම වැනි පුද්ගලයන්ට ඉහල ඉල්ලුමක් ඇත

කෙසේ වුවද රුවන්ගේ න්‍යය පත්‍රයට අනුව තෙවරප්පෙරුම කථාව කරගෙන යනවාත් සමග ‍රැස්ව සිටි පාක්ෂිකයන් පහර දීමට කඩා පැන ඇත. පාක්ෂිකයන්ගේ විරෝධය හමුවේ රුවන් සහ තෙවරප්පෙරුම ‍රැස්වීම නවත්වා ඇත.

පසුසටහන – එජාපය ගොඩ දැමීම රුවන්ට සහ තෙවරප්පෙරුමට තනිව කළ නොහැක . ඊට පුලුල් වේදිකාවක් අවශ්‍යය. වහල ගැසීමට පෙර බිත්ති බැදීම කල යුතුය . කරුණු එසේ හෙයින් තනිව සෙන්චරි ගැසීම නොව කන්ඩායම් හැගීමෙන් මැච් එක දිනවීමට කටයුතු කළ යුතුය