තත්වය දරුණු වෙයි, කොරෝනා මළ සිරුරු 20ක් මෘත ශරීරාගාරවල

කොවිඞ් 19 රෝගය නිසා මිය ගිය පුද්ගලයින් 20කට ආසන්න පිරිසකගේ මළ සිරුරු රෝහල් මෘත ශරීරාගාරවල ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.එම මළ සිරුරු අදාල ඥාතීන් විසින් බාරනොගතහොත් ආදාහනය කිරීමට මීට පෙර තීන්දුවක් ගණු ලැබීය.එය එසේ සිදු කිරීමට නීතිපතිවරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා නියෝග ලබා දී ඇත.

නමුත් එම කර්තව්‍ය නිසි යාත්‍රණයක් යටතේ සිදු කිරීමට කොරෝනා කාර්ය සාධක බලකාය අසමත් වී ඇත.

තත්වය මෙසේ තිබියදී කොරෝනා මර්දනය දැන් බලවත් අභියෝගයක් වෙමින් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරී සංගමය අද දින කොළඹදී මාධ්‍ය අමතමින් සඳහන් කළේය.

රට පුරා රෝහල්වල දැඩි සත්කාර ඒකකවල ඇත්තේ ඇඳන් 700කට ආසන්න ප්‍රමාණයක් බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

පවතින තත්වය තුළ දිනපතා අසාමාන්‍ය අගයකින් රෝගීන් වාර්තා වුවහොත් අවශ්‍ය ඉඩ පහසුකම් මදි වීමෙන් දැඩි අසීරුතාවයකට පත් වීමට ඉඩ ඇතැයිද ඔහු කියා සිටියේය.