ධම්මික බන්ඩාර පැණිය සැක සහිතයි-වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර

කෑගල්ලේ ධම්මික බණ්ඩාර නොහොත් මේසෙන් බාස් ධනපාල විසින් හදුන්වා දී ඇති කොරෝනා මර්දන ඖෂධය භාවිතයෙන් කොරෝනා ආසාදනයන් සුව වීම හෝ ආසාදන වීම වැලැක්වීම සැක සහිත බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

පැණිය පිළිබද පර්යේෂණය මේ වන විට මහාචාර්යවරුන් විසින් සිදුකරන බවත් පර්යේෂණයකට ලක් කෙරූ පමනින් එම ඖෂධය සාර්ථක යැයි හැඟී නොයන වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර පෙන්වා දෙයි .ඔහු මේ බව කියා සිටියේ තම කාර්යාලයේ දී මාධ්‍ය අමතමිනි.

අවසන් නිගමනයකට පැමින නැති මේසෙන් බාස් කොරෝනා පැණියට මේසා ප්‍රසිද්ධියක් ලැබුනේ යටි අරමුණක් සහිත බව මින් මනාව පැහැදිලි වෙයි. එම යටි අරමුන බොහෝ විට,

  1. මේ වන විට ලෝකයේ බොහෝ රටවල් නවීන විද්‍යාව අනුව නිපදවූ එන්නත් නොමිලේ ලබා දීම සිදු කරනු ලබයි, නමුත් දුප්පත් ලංකාවට එවැන්නක් කිරීමට නොහැකි නිසා කොරෝනාවට පිලියමක් ලෙස කුමක් හෝ ලබා දී ජනයා ”කූල් ඩවුන්” කිරීමට පැණිය ජනගත කළා විය හැක

2. දිලිත් ජයවීර වැනි කොරෝනාවවෙන් ගසා කෑ ව්‍යාපාරිකයන් පැණිය ආහාර අතිරේඛයක් ලෙස වෙළද පොලට නිකුත් කරීමේ අභිප්‍රායෙන් පැණියට අනිසි ප්‍රචාරණයක් ලබා දුන්නා විය හැක

3. බලධාරීන් විදේශ සංචාරකයන්ට රට විවෘත කිරීමට යන හෙයින් ජනයා තුල ඇතිවන බිය සමනය කිරීමේ පියවරක් ලෙස පැණිය ජනගත කළා විය කැක