ලංකාව බංකොලොත් ගැට්ටේ , ජාත්‍යන්තර වෙළද කටයුතු වලට බාධක

මෙම වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 15ක් (රුපියල් කෝටි 1500000) වන බවට පුරෝකථනය කොට ඇත. මෙය සමස්ථ දේශීය ආදායමේ ප්‍රතිශතයක් ලෙස ගත් කළ 90 % ඉක්මවා යන ප්‍රමාණයකි. මෙරට ආර්ථිකය ඉහල අවධානම් සහිත එකක් බව  Morgan Stanley සහ ‍fitch පසුගිය නොවැ මාසයෙදී  වාර්තා කළේය. මේ අතර කෙටිකාලීන ණයවල (විශේෂයෙන් ගිණි පොළියට ගත් චීන ණය) ඉහළ අනුපාතය ශ්‍රී ලංකාවේ ප්‍රධාන දුර්වලතාවයක් ලෙස ඔවුන් පෙන්වා දුන්නේය.

ලංකාව ණය උගුලකට හසුව ඇති බව 80-90 දශක වල සිට සාකච්ඡාවට බදුන් වූ මාතෘකාවකි. තත්වය එසේ තිබියදී රාජපක්ෂලා කොමිස් කුට්ටි වලට කෑදර කමින් ගිණි පොලියට චීනයෙන් ණය ලබා ගැනීම නිසා මේ වනවිට  ලංකාව බංකොලොත් ගැට්ටට පැමින ඇත  . මේ වන විට ලංකාව ලෝකයේ ණය ගෙවීමට අපහසු රටවල් අතර 5 වන තැනට වර්ග කොට ඇත. 

ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීම් ආයතනය වන Fitch   පසුගිය නොවැම්බර් මාසයෙදී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව CCC දක්වා පහත හෙලනු ලැබීය.අවාසනාවට රාජපක්ෂ ආණ්ඩුව කළේ ‍ෆිස්කල් ප්‍රතිපත්ති නිවරදි කිරීම නොව කඩපිලේ චන්ඩියා මෙන්   Fitch ආයතනයට බැන අඬ ගැසීමය. 

කෙසේ වුවද ජාත්‍යන්තරයට බැන අඬ ගැසූ රාජපක්ෂ රජයයට දැන් මහපොළොවේ යථාර්තයට මුහුණ දීමට සිදුව ඇත.  පසුගියදා Fitch  ආයතනය ලංකා බැංකුවේ විදෙස් ණය ශ්‍රේණිගත කිරීම B- කාණ්ඩයේ සිට CCC කාණ්ඩය දක්වා පහළ  දැමීමට කටයුතු කළේය.

 ලංකා බැංකුව  ණය ගෙවීමෙ සඛ්‍යතාවය CCC  දක්වා පහත හෙලිමේ ප්‍රතිවිපාක පහත පරිදිය .  

1. ලංකාවේ පිහිටවූ පලමු වාණිජ බැංකුව ලංකා බැංකුවය. ජාත්‍යන්තර බැංකු පද්දතියේ විශ්වාසය දිනාගෙන සිටි එකම බැංකුව ලංකා බැංකුවය.එය කොතෙක්දයත් විදෙස් ගනුදෙනු සඳහා ණයවර ලිපි ( LC ) විවෘත කරන විට ලොව සුප්‍රකට බැංකු,  ලංකා බැංකුව නිර්දේශ කළේය.  

2. ඒ අනුව එම  බැංකුවලට ලංකා බැංකුව හරහා ඇප තැන්පත් කිරීමකින් තොරවම  ණයවර ලිපි විවෘත කිරීමේ අවස්ථාව  ලැබුනි. නමුත් ලංකා බැංකුවේ ණය ශ්‍රේණිගත කිරීම් පහළ වැටීමත් සමඟ දැන් ගණුදෙණුකරුවන්ට 100% ක් ඇප තැන්පත් කිරීමට සිදුව තිබේ. 

3. ලංකා බැංකුවේ රේටින්  CCC දක්වා පහත හෙලීමත් සමග  කෙස් කෙලින් කරන තවත් අර්බුධයක් හටගෙන ඇත. ලංකාවේ ගණුදෙනු කරුවන් 100% ඇප මුදල් තැන්පත් කළ ද ලොව ඇතැම් බැංකු මෙරට ණයවර ලිපි පිළිගැනීමට අකමැති වන තත්වයක් ද උද්ගතව ඇත 

4. ලංකා බැකුවේ රේටින් පහල දැමීමත් සමග ලංකාවේ අනෙකුත් වණිජ බැංකුවල රේටින් ද පහල යන ප්‍රවණාවයක් උද්ගතව ඇත 

5. තවද ලෙබනනයේ මෙන් විනිමනය අර්බුධයකට ලක්වීමේ තත්වයක් උද්ගතවීමට බොහෝ ඉඩක් ඇත . මේ වනවිට මෙරට අසංවිධිත මුදල් වෙළද පොලේ  ඇමරිකානු ඩොලරයක මිල රුපියල් 197ක් දක්වා ඉහළ ගොස්  ඇත

6. කරුනු එසේ හෙයින් මෙරට සමස්ත මූල්‍ය ක්ෂේත්‍රයම  විශාල අර්බුදයකට ලක්වීම නොවැලැක්විය හැක . එය ලබන වසරේ මැය මාසය වන විට පුපුරා යනු ඇත.

ලංකාවේ සහ මාලදිවයිනේ ණය ගෙවීමේ හැකියාව  ccc පහත දමන ලද අවස්ථාවේදී මුදල් ඇමති මහින්ද රාජපක්ෂ හිටපු මුදල් ඇමතිවරයෙකු වූ රවි කරුණානායකට කථා කොට අර්බුධයෙන් ගොඩ ඒමට රජය සමග එක්වන ලෙස ඉල්ලීම කොට තිබුණි.

නමුත් මහජන මතයට ගරුකිරීමේ යුතුකමක් ඇති බව පවසමින්  රවි කරුණානායක අගමැතිවරයාගේ ඉල්ලීම කාරුණිකව ප්‍රතික්ෂේප කොට තිබුනි.කෙසේ වුවද   ඔවුන්  දෙදෙනා අතර පැවති සාකච්ඡාවේදී බැංකු පද්දතිය ආරක්ෂා කරගැනීමේ වගකීම රවි කරුණානායක විසින් පෙන්වාදී තිබූ අතර මේ වන විට ඔහු පැවසූ දෑ සත්‍ය වී ඇත.