ලාංකීය දේශපාලනයේ උකුස්සා ක්‍රියාත්මක වෙයි- සඟ සතු වූ හෙළ උරුමය සහ ලඟ එන පෙරළිය

චම්පික රණවක, හෙල උරුමය නායකත්වයන් ඉවත්ව සජබ හා එක් වූ පුවත මේ වන විට සමස්ත දේශපාලනය උණුසුම් කොට ඇත . නමුත් සජිත් සහ සජබ පිල යනු පක්ෂයක් නොමැතිව අහසේ පාවෙන සත්ව කොට්ඨාෂයකි. එවැනි පිරිසක් සමග චම්පික එක්වූයේ මන්ද යන්න ප්‍රහේලිකාවකි. නමුත් ලාංකීය දේශපාලනයේ උකුස්සා නොහොත් සිරිසේනගේ යටිකූට්‍ටු වැඩ පිළිබදව විමසා බලන විට ඊට පිළිතුරු සොයා ගත හැක.

2015 මහින්දගේ පරාජයට චම්පිකගේ බිඳීයාම තීරනාත්මකව ලෙස බල පෑවේය. චම්පිකගෙන් ලද සහයෝගයට කෘතුගුණ දැක්වීමටදෝ වරෙක චම්පික අගමැති කිරීමට සිරිසේන කැමත්ත ප්‍රකාශ කළේය. ඒ අනුව 2015 පාර්ලීමේන්තු මැතිවරණයන් පසුව අගමැති සිහිනය චම්පික තුලද විය. ඔහු ඒ වෙනුවෙන් ගීතයක්ද නිර්මානය කළේය . නමුත් රාජපක්ෂලා පැජට් පාරේ ලයිට් නිවාගෙන කළ රහස් කථා එම තීන්දුව වෙනස් කළේය.

එම මතකය ආවර්ජනය කරමින් චම්පික පසුගිය දින කිහිපය පුරාම සිරිසේන සහ නිදහස් පක්ෂය සමග රහස් කථා කිහිපයක් පැවැත්වූයේය. ඒ අනුව එලඹෙන මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සංධානය යටතේ පුළුල් පෙරමුණක් හැදීමට යෝජනා විය . තවද එම පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස චම්පිකව නම් කිරීමට යෝජනා විය.

මෙම බලවේගයට සහයෝගය දැක්වීමට පොහොට්‍ටුවේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රභලයන් ගනනාවක් කැමැත්ත පල කොට ඇත. ඇල්මැරුණු කළකිරියාව නිසා සජිත්ගේ නායකත්වය මේ වන විට වැට උඩ ඇති බව රහසක් නොවේ.එපමනක් නොව සජිත්ගේ පිල පළු කිහිපයට දෙදරා ගොස් ඇත. දෙදරා ගිය කන්ඩායම ආරක්ෂා කරගනු වස් චම්පිකට නියොජ්‍ය නායකත්වය දීමට සජිත් සිතුවා විය හැක.

චම්පිකගේ ප්‍රාප්තියෙන් පසුව එනම් තව නොබෝ දිනකින් නම ගිය දේශපාලකයන් කිහිප දෙනෙකු සජබ පිල සමග එක් වීමට නියමිතය.ඒ අනුව සජිත් ශක්තිමත් වුනා යයි කෙනෙකුට සිතිය හැක .නමුත් එය වැරදි වැටහීමකි. මක්නිසාදයත් ඔවුන් එක් වන්නේ සජිත් සමග නොව, තීරණාතමක් හෝරාවේදී බිහිවන නව දේශපාලන සංධානයේ කොටස් කරුවන් ලෙසිනි. උදාහරණයක් ලෙස අර්ජුන රනතුංග ගත හොත් එක්සත් ජනතා නිදහස් සංධානය යනු ඔහුගේ මහගෙදරය.

සිරිසේන ජනාධිපති ධූරය දරන කාලයේ සජිත් අගමැති කිරීමට සැරසුනේ ඔහුට ඇති ආදරයට නොව සජිත් තමාට අවැසි පරිදි නැටවිය හැකි නිසාය. නමුත් දැන් සිරිසේනගේ අභිලාශ වෙනස්ය. සජිත් වැනි පෙන්දෙකුගෙන් දැන් වැඩක් නැත.

සජිත් එජාප පාක්ෂිකයන්ට කොකා පෙන්වමින් සිරිසේන සමග කළ කුමන්ත්‍රණ වල ණය ගෙවන කාලය පැමින ඇත. එජාප නියෝජ්‍ය නායකයා ලෙස පක්ෂය සහ සිය නායකයා විනාශ කිරීමේ පාපය පල දෙන කාලය එලඹ ඇත. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දිට්ඨ ධම්ම වේදනීය කර්මය සජිත් කරා පැමින ඇත.