රාජපක්ෂලාට එරෙහි උකුසු ප්‍රහාරය ඇරඹෙයි – පලාත් පාලන ආයතන 50ක බලපෙරළියක්

ගෝඨා ජනපති අපේක්ෂකයා ලෙස සිටියදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේය . ජනාධිපතිවරණයෙන් අනතුරුව ආණ්ඩුවක් පිහිටුවීම හා ඉදිරි මැතිවරණවලට තරග කිරීම සම්බන්ධයෙන් වන එකඟතා එහි ඇතුළත්ව තිබිණි. ඒ අනුව ග්‍රී ලංකා පොදුජන සන්ධානය නමින් අළුත් පෙරමුනක් හැදීමට එකග විය .එහි සම නායකයන් ලෙස  පක්ෂ දෙකේ නායකයන් නම් කිරීමට එකග විය. පාර්ලීමේන්තු මැතිවරණයට කරන විට 30% අවස්ථාවක් දීමට එකග විය. නමුත් රාජපක්ෂලා නිදහස් පක්ෂයට දුන්  පොරොන්දු  උල්ලංඝණය කළහ.  

ශ්‍රිලනිප මන්ත්‍රීන්ට  පසුගිය එජාප ආණ්ඩු කාලයේදී  සුපිරි ඇමතිධූර හිමි විය .නමුත් තමන්  කඩේ ගිය රාජපක්ෂ ආන්ඩුවන් ඔවුන්ට ලැබුනේ  වේදනාත්මක  කුඩම්මාගේ සැලකිලිය. ඔලොක්කුවට මෙන් ශ්‍රීලනිප ලේකම්ට ලැබුනේ  බතික් ඇමති කමය. නියෝජ්‍ය අගමැති කම දෙනවා කියූ සිරිසේනට කිසිවක් ලැබුනේ නැත.  කැබිනට් ඇමතිධූරය ඇන්ජිම ගැලවූ ලොරියකි. ශ්‍රීලනිප මන්ත්‍රීන් සිය ප්‍රශ්න ගැන කථා කිරීමට වේලාවක් ඉල්ලුවද ලැබුනේ නැත. 

ශ්‍රීලනිප චම්පික සමග නව දේශපාලන ගමනක් යාමට සැරසුනේ මෙවැනි පසුබිමක් තුලය.නමුත් යටිබිම්ගතව සිදුවන දේශපාලන සංවාදය රාජපක්ෂලා දැන සිටියේ නැත. ශ්‍රීලනිප – චම්පික දේශපාලන පෙරමුණ කන වැකීමත් සමග බලයෙන් මත්වී සිටි රාජපක්ෂලා පියවි සිහියට ආහ. රාජපක්ෂලා සිරිසේනට විශේෂ සාකච්ඡාවකට ඇරයුම කළහ. එම සාකච්ඡාව තුලදී රාජපක්ෂලා පි‍ටුපෑ අවබෝධතා ගිවිසුම සිරිසේන මතක් කළේය . මහින්ද සහ සිරිසේන අතර පැවති එම සාකච්ඡාව අසාර්ථක එකක් විය .

සිරිසේනට කෙනහිලි කම් කරන විට ඔහු අමුතු කථාවක් කීවේය. තමන් පහර දෙන්නේ උකුස්සෙකු ලෙස යයි කීවේය. එනම් මේ ගෙවී යන්නේ  උකුස්සා කුරුමානම් අල්ලන හෝරාවය. උකුසු ප්‍රහාරයට සැරසෙන සිරිසේන ඉදිරි මාස කිහිපය තුලදී  අවම වශයෙන් පලාත් පාලන ආයතන  50 ක බල පෙරළියක් කිරීමට සූදානමින් සිටියි. රාජපක්ෂලා එලවා දමන පළමු සටන ඇරඹෙන්නේ එලෙසිනි.එම   බල පෙරළිය සිදු කරන්නේ එජාප සහ ශ්‍රීලනිප ප්‍රාදේශීය දේශපාලකයන් එකට එකතු වීමෙනි. එහි සජිත්ට කළ හැකි දෙයක් නැත.  

ඉදිරි කාලය තුල දේශපාලන පොර පිටියේ සිදුවන දෑ සජිත්ගේ දේශපාලන ශරීරයට ගුණ දායක නැත. නමුත් සිරිසේන – චම්පික හවුලේ ප්‍රගමණයට හේතු වනු ඇත. නයි නටවන්නාට පි‍ටුපා  පොලේ තනියම නටන්න ගිය නයාට අත්වූ ඉරණම සජිත්ට අත්වෙමින් පවතියි.නොසිතන ආකාරයේ නව ‍රැළි පෙරළි ප්‍රවනතා ඇති වීම දේශපාලනයේ ස්වභාවය වෙයි