මැතිවරණය අප්‍රේල් මාසයෙදී – රාජපක්ෂ ජුන්ටාවට එරෙහිව නව පුළුල් පෙරමුණක්

පාලත් සභා මැතිවරණය පැවැත්වීම සදහා අදාල කැබිනට් පත්‍රිකාව රාජ්‍ය සේවා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර විසින් ඊයේ ඉදිරි පත් කොට ඇත. ඒ අනුව මැතිවරණය සදහා දින නියම කිරීම රාජපක්ෂ අභ්‍යන්තර කවය විසින් සිදු කරනු ඇති අතර මේ වන විට එය බැසිල් රාජපකෂ වෙත පවරා ඇත .

එලඹෙන මාර්තු මාසයේදී එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සැසිවාරයෙදී ලංකාවේ රජයට එරෙහිව ප්‍රභල යෝජනා සම්මතයක් ගෙන ඒමට නියමිතව ඇත. පසුගිය රජය 2017 මානව හිමිකම් සැසිවාරයෙදී වගවීම සහ සංහිදියාව පිලිබදව 30/1 යෝජනාවලිය ගෙන එමින් කරුණු 9ක් ක ක්‍රියාත්මක කිරීමට එකඟ විය . නමුත් ගෝඨාණ්ඩුව ඒකපාර්ෂිකව ඉන් ඉවත් විය.

ගෝඨාණ්ඩුව එම එකගත්වයෙන් ඒකපාර්ෂිකව ඉවත් වී ඉතා සුළු කාලයක් තුල ඉන්ටපොල් එක බාරදුන් පාතාල සාමාජිකයන්, නිරායුධ සිරකරුවන් ඝාතනය කළේය. තවත් අතෙකින් සමූහ මිනීමැරුම් චෝදනාව යටතේ මරණ දණ්ඩය නියමව සිටි සුනිල් රත්නායක වැනි සිරකරුවන් නිදහස් කළේය. ජනමාධ්‍ය වෙදීන් 50 කට වැඩි පිරිසක් අත් අඩංගුවට ගත්තේය.

මේවන විට කෝවිඩ් ආසාදිත මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනය කරන ලෝකයේ එකම රට ලංකාව වන අතර එයද මානව හිමිකම් උල්ලංඝනයක් ලෙස චෝදනා අතරට එක් වීමට නියමිතය.(චීනයේ මුස්ලිම් ජනයා ජීවත්වන ප්‍රදේශ වල සිරුරු භූමදානය කරනු ලබයි)

මෙවැනි තත්වයක් තුල ලංකාවේ රජයට එරෙහිව බරපතල යෝජනා සම්මතයක් ඉදිරිපත් වීමට නියමිතය.මෙම තත්වය ඡන්ද ගුන්ඩුවක් ලෙස යොදා ගැනීමට බැසිල් සැලසුම් කරමින් සිටින බව වාර්තා වෙයි. එනම් ” මෙන්න මම විදුලි පු‍ටුවට ගෙනියනවෝ ” වැනි නාටකයක් පෙන්වා ජනතාවගේ අනුකම්පා ජන්ද ලබා ගැනීමට රාජපක්ෂලා තීරනය කොට ඇත. ඒ අනුව ඔවුන් මැතිවරණය අප්‍රියෙල් මාසයේ පැවැත්වීමට තීන්දු කොට ඇත.

තවද කොරෝනා වලට බෙහෙතක් සොයා ගත්තා කියන කූට නාටකය රඟ දක්වන්නේ මැතිවරණය ඉලක්ක කොට ගෙනය. පාර්ලීමෙන්තු මැතිවරනයේදී කොරෝනා පාලනය කළ ලෝකයෙ එකම රට කියා ජනයා රවටා ඡන්ද ගරා ගත්තේය.මෙවර කොරෝනාවට බෙහෙතක් සොයා ගත් ලෝකයේ එකම රට කියා ජනයා මුලා කොට ඡන්ද ඩැගැ ගැනීමට බැසිල් සැලසුම් කොට ඇත.කෑගල්ලේ මේසෙන් බාස් පැණිය පි‍ටුපස බැසිල්ද සිටියි.

මේ අතර රාජපක්ෂ ජුන්ටාවට එරෙහිව පුළුල් පෙරමුණක් ගොඩ නැගීම දැනටමත් ආරම්භ වී ඇත.එම පෙරමුණට ශ්‍රිලනිප ප්‍රභලයන් කිහිප දෙනෙකුද එක් වීමට නියමිතය. පොදු ජන පෙරමුණ සහ ශ්‍රීලනිප අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුම ප්‍රකාරව 30% නියෝජනය නොලද හොත් ඔවුන් දැඩි තීන්දුවක් ගැනීමට සූදානමින් සිටියි.

මේ අතර කාන්තා කටයුතු ඇමති ධූරය අපේක්ෂාවෙන් පිල්මාරු කළ ඩයනා මේ වන විට අපේක්ෂා භංගත්වයට පත්ව ඇති අතර රාජපක්ෂ ජුන්ටාවට එරෙහිව ගොඩනැගෙන නව සංධානයට එක්වීමට ඇයද සූදානමින් සිටියි.

තවද වඩාත් බැරෑරුම් ප්‍රශ්නය වන ආර්ථික ප්‍රශ්නය ලබන මැයි මාසය වන විට පුපුරා යාමට නියමිතය. රජයේ සේවකයන්ගේ සම්පුර්ණ වැ‍ටුප ගෙවීමට රජයයට හැකියාවක් නැති අතර වැ‍ටුප් කප්පාදුක් සිදුකිරීමට පවා ආණ්ඩුව සැලසුම් කොට ඇත. මෙවැනි තත්වයක් තුල ගොඩ නැගෙන පුළුල් පෙරමුණ ජයග්‍රාහී ‍රැල්ලක් බවට පත්වීම නිතැතිනම් සිදු වනු ඇත