ඖෂධ ඇමති සහ සෞඛ්‍ය ඇමති නරිනාටක රඟන විට රජයේ රෝහල් ඉතිහාසයේ බලපතලම අර්බුධය අභියෙස

මෙරට ඉතිහාසයේ බරපතලම ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ හිඟයක් දැන් වාර්තා වී ඇති බව රාජිත සේනාරත්න මාධ්‍ය හමුවක් අමතමින් පැවැසුවේය. තවද ඖෂධ ඇමති පැණි සුමනේ නොහොත් චන්න ජයසුමන ඊට විසඳුම් නොදී කූට මාධ්‍ය සංදර්ශන පවත්වමින් සිටින බව රාජිත සේනාරත්න පැවැසුවේය. 

”මම දැන් ලංකාවේ රජයේ රෝහල් වල තත්වය ගැන සාක්කි ඉදිරිපත් කරනව” ( රාජිත අදාල වාර්තා මධ්‍ය වේදීන්ට පෙන්වයි). රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 50කට වඩා හිඟයි.  හෘදවස්තු ,පිලිකා, ශ්වසන රෝගවලට තියෙන ඖෂධ හිඟයි. ඒ විතරක් නෙවෙයි දැන් බොහෝ රෝහල්වල ශල්‍යකර්ම කරන්නට බෑ, ඊට හේතුව ශල්‍යකර්ම කරන්න අවශ්‍ය උපාංග නෑ. “ජාතික රෝහලේ හදවත් සැත්කම් වලට බෙහෙත් නෑ” රාජිත පැවැසුවේය. 

රජයේ රෝහල් වලින් බෙහෙත් ගන්නේ නැති බැරි මිනිසුන්ය. සත්‍ය වශයෙන්ම අද රජයේ රෝහල් වල බරපතල ඖෂධ හිගයක් ඇත .ශ්‍යල්‍ය කර්ම , දන්ත වෛද්‍ය කටයුතු අඩපන වී ඇත.ඖෂධ ඇමති පැණි සුමනේ සහ සෞඛ්‍ය ඇමති පවිත්‍රා දැවෙන ප්‍රශ්න වලට පිලියම් යොදනවා වෙනුවට නරි නාටක රඟ දක්වමින් සිටියි. රජයේ වෛද්‍යවරු මේ නරි නාටක වලට හු මිටිතියන පිරිසක් බවට පත්ව ඇත