නෙදර්ලන්ත හිමිගේ මරණය මිනී මැරුමක් බවට සාක්ෂි,පාත්තරය විසිවෙලා, පොළු මුගුරු තැන තැන

අත පය බැඳ දමා , කොන්ක්‍රීට් ගලක්ද කකුලේ බැඳ ඝාතනය කොට මාදු ගගේ තිබියදී හමුවූ නෙදර්ලන්ත හිමියන්ගේ සිරුර සම්බන්ධයෙන් මේ වනවිට වැදගත් සාක්ෂි රාශියක් ලැබී ඇති බව වාර්තා වෙයි.

නෙදර්ලන්ත හිමිගේ පාත්තරය විසිවී පොලොවේ උඩුකුරුව තිබී ඇත. උන්වහන්සේ පැද යන ඔරුව එක්තැනකත්, හබල තව තැනකත් තිබී ඇත. තවද ආරන්‍යයේ සිටින බල්ලන් එලවා දැමීමට භාවිතා කලා යයි සැක කරන ගල්, පොලු මුගුරු කුටිය අවට තිබී සොයා ගෙන ඇත.නෙදර්ලන්ත භික්ෂුව ඔරුවෙන් පිඩුසිඟා වැඩිය පසු ආරන්‍ය අවට සිටින බල්ලන්ට පූසන්ටද කෑම දැමීම සිතක් විය. උන්වහන්සේගේ කුටිය අවට බල්ලන්, පූසන් 25 කට වඩා සිට ඇත .

තවද උන් වහන්සේ වැඩ සිටින රත්ගම දොන්ඩදූවට චීන ජාතිකයන් පිරිසක් කිහිපවරක් පැමිණ ඇති බව වාර්තා වෙයි. චීන ජාතික ව්‍යාපාරිකයෙකු සී ප්ලෙන් , බෝට් රයිඩ් , Flyboard activity , මාළුවන්ට ඊතලයෙන් විදීම, Water Scooter , scuba diving , jet skiing ඇතුලු ජලාශ්‍රිත සංචාරක ව්‍යාපෘතියක් සදහා සැලසුම් සකස් කොට ඇත (water tourism).

මෑතකදී අම්බලන්ගොඩ ප්‍රදේශය නියොජනය කරන රජයේ ඇමතියෙකු වන චන්දිම වීරක්කොඩි මාළුවන්ට ඊතලයෙන් විදින ක්‍රීඩාව නීතිගත කළ යුතු යයි ප්‍රකාශ කළේය. නෙදර්ලන්ත භික්ෂුව වැඩ සිටි පොල්ගස් දූව වටා පිහිටි මාදු ගඟ මාළුවන්ට ඊතලයෙන් විදින ක්‍රීඩාව ඇතුලු වෝටර් ‍ටුවරිසම් සදහා සුදුසුම පරිසරය බව චීන ජාතිකයන් හඳුනාගෙන තිබී ඇත

කෙසේවෙතත් හොරාට කලින් කෙසෙල් කැන වැට පැන්නා සේ නෙදර්ලන්ත හිමි අයත්වූ නිකායේ මහනායක නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ සිය දිවි නසාගෙන ඇති බව කීවේය.මෙම නිවේදනය නිකුත්කළ තිරිකුණාමලයේ ආනන්ද යනු සිවුර පසෙක දමා ගිහියෙකු සේ රාජපක්ෂලා බලයටගෙන ඒමට වැඩ කළ චීවරධාරී තැනකි