සජිත් සහ සිරිසේන අතර රහස් කතාවක්- වලව් දේශපාලනය අතුගා දැමීමේ සැලසුමක්

සජිත් සහ සිරිසේන අතර මීට දෙදිනකට පෙර රහස් හමුවක් සිදුව ඇති බවත් එහිදී ඉදිරි දේශපාලනය ගැන ඉතා වැදගත් තීන්දු කිහිපයක් ගත් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් අපට වාර්තා විය

ශ්‍රීලනිප තවදුරටත් ආණ්ඩුවේ පාර්ෂවයක් ලෙස කටයුතු කරන බව එහිදී ප්‍රකාශ වී ඇත. තවද රාජපක්ෂලාට සිදු හුණු ගෑම සහ ආණ්ඩුව ආරක්ෂා කිරීම වෙනුවෙන් මාධ්‍ය හමු වැනි දෑ පැවැත්වීම නවතා දමන බව ප්‍රකාශ කොට ඇත . එපමනක් නොව විපක්ෂය විවේච්නය කිරීමද මින් ඉදිරියට නොකරන බව ප්‍රකාශ කොට ඇත.

බලය ලබාගැනීම ‍රැල්ලක් නිර්මානය කිරීම අත්‍යවශ්‍ය බවත් එය තනි පුද්ගලයෙකු වටා ගොණු කරනවා වෙනුවට කණ්ඩායම වටා ගොනු කිරීමේ අවශ්‍යතාව සාකච්ඡාවට බදුන් වී ඇත.

කණ්ඩායමක් ලෙස ජනතා ‍රැල්ලක් නිර්මානය නොකළ හොත් එය පුද්ගලයෙකු වටා ගොනු විය හැකි බවත් , එසේ වුවහොත් එම පුද්ගලයා චම්පික බව පෙන්වා දී ඇත.

ඒ අනුව 2015 ‘යහපාලන’ තේමාව ගෙන ආවාක් මෙන් යම් කිසි තේමාවක් යටතේ ‍රැල්ල නිර්මානය කළ යුතු බව දෙදෙනාම එකඟ වී ඇත.

ඒ අනුව වලව් දේශපාලනයට එරෙහි ‍රැල්ලක් නිර්මානය කිරීමට දෙදෙනාම එකග වී ඇත.

කරුනු එසේ හෙයින් ඉදිරි කාලය රුවන්, රනිල්, චන්ද්‍රිකා ඇතුළු වලව් පැලැන්තියට රිදෙන කාලයක් වනු ඇත

Add Comment