මේසෙන් බාස්ගේ පැණි නාටකය ඉවරයි! එන්නත වහාම ගෙන්වීමට නියෝග කරයි

කොවිඩ් එන්නත කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවධානය යොමු වූ බව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා කොට ඇත.

ඇමරිකාව, එංගලන්තය, චීනය ප්‍රමුඛ රටවල් කිහිපයක් නිපදවා ඇති එන්නත් පිළිබඳ සවිස්තර අධ්‍යයනයකින් පසු අදාළ රටවල් සහ මෙරට සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කොට අවශ්‍ය එන්නත කඩිනමින් ගෙන්වීමට ලලිත් වීරතුංගට බලය පවරා ඇත .

මෙම තීන්දුව ගෙන ඇත්තේ ජනපතිගේ ප්‍රධානත්වයෙන් දෛනිකව රැස්වන කොවිඩ් කමිටුව රැස්වීමේදී (22) එනම් ඊයේ දිනයේදීය.

මේසෙන් බාස් ධනපාල විසින් 100% සාර්ථක ඖෂධයක් සොයා ගත්තා කියමින් නැ‍ටුවේ නාඩගමක් බව වහල් ජනයා දැන් වත් තේරුම් ගත යුතුව ඇත.කෙසේ වුවද මෙවනි නාඬගම් නිසා ලංකාව අප්‍රිකානු ගොත්‍රික රාජ්‍යකටත් වඩා හෑල්ලුවට ලක්වී ඇත.

ලංකාව යනු සක්‍රයා නොව ලෝක සිතියමේ තවත් එක් රටක් බව ( හිඟන රටක් බව ) පාලකයන් සහ බයි ජනයා තේරුම් ගත යුතුය

මෙතෙක් පැණි නාඩගම් නැටූ ගෝඨාභය ඊයේ දිනයේ හිස ගිණි ගත් අයෙකු සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ විදෙස් රටකින් ණය ලබාගෙන කොරෝනා එන්නත ගෙන්වීමට තීරනය කොට ඇත

Add Comment