මහින්දගේ කෝපය පුපුරා යයි ! චන්න ජයසුමනට ඇමතිධූරය අහිමි වෙයිද ?

දිලිත් ජයවීරගේ දෙරණ නාලිකාව නිෂ්පාදනය කළ ” පැණි” නාටකයේ රඟ පෑ නළු නිළියන් මේ වන විට ගොරකා කෑ රිලව් මෙන් අසරණ වී ඇති බව රජයේ ප්‍රභල ඇමතිවරයෙක් අප සමග පැවසුවේය. තවද පැණි නාටකයේ ප්‍රධාන නළුවා වූ චන්න ජයසුමනගේ ඇමති ධූරය අහිමි වීම කප්පාදුවකට ලක් වීම නිසැකව සිදු වන බව ඔහු කීවේය .

ලංකාවේ ඖෂධ ඇමතිවරයා වන්නේ ඡන්න ජයසුමනය . මහින්දගේ නියෝගයෙන් කෝවිඩ් එන්නත ගෙන්වීම ලලිත් වීරතුංගට පැවරීම නිසා ජයසුමන කර කියා ගත දෙයක් නොමැතිව අසරණව සිටින බව ඔහු ඔහු කීවේය .

එපමනක් නොව එන්නත ගෙන්වීමට මහින්ද මැදිහත් වීම තුලින් චන්න ජයසුමන , වියත් මග සහ ගෝඨා යන පාර්ශව සියල්ල ”ෆේල්” බව සක්සුදක් සේ පැහැදිලි වූ බව ආණ්ඩුවේ ප්‍රභල ඇමතිවරයා පැවැසුවේය.

ධනපාලගේ පැණි නාඩගම සම්බන්ධයෙන් මහින්ද දැඩි ලෙස දැඩි කෝපයෙන් සිටි බවත්, කඩිනමින් එන්නත ගෙන්වන ලෙස නියොග දී ඇත්තේ #*** භාෂාවෙන් බව වැඩිදුරටත් හෙලි කළේය.

තවද, පැණි නාඩගම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂද විරුද්ධ වූ බව ඔහු කීවේය. යම් හෙයකින් නාමල් ඒ පිළිබදව අදහස් ප්‍රකාශ කළේ නම් නාමල් දේශීයත්වයට ගරහනවා කියා නාමල්ගේ අනාගතයට හානි කිරීමට ගෝඨාගේ පිල සූදානමින් සිටි බව ඔහු කීවේය.

සමුගැනීමට පෙර රජයේ ප්‍රභල ඇමතිවරයා තවත් කථාවක් කීවේය. ඔහු කී කථාව වචනයක්වත් වෙනස් නොකොට ඒ අයුරුන්ම ලිවීමට සිතුවෙමු.

”දේශීයත්වය ගැන කථා කරන ඔය කල්ලිය තමයි කොරෝනාවෙන් හම්බ කළේ , කොරෝනා ‍රැපිඩ් ටෙස්ට් කිට් ගෙන්වලා හම්බ කළේ ඔය මිනිහා නෙවෙයිද ? එතකොට ඖෂධ ඇමති ඕවට සපෝට් කලේ නැද්ද ? නිරෝධායනය කරන මුවාවෙන් අසරණ විදේශ ශ්‍රමිකයන්ගෙන් ගසා කෑවේ ඔය මිනිහා නෙවෙයිද ? මේව ඔයාල හොයලා ලියන්න ඕනෑ දේ”

රජයේ ප්‍රභල ඇමතිවරයා සියළුම ජනමාධ්‍ය වේදීන්ට චෝදනාවක් එල්ල කරමින් කියා සිටියේය.