බන්ධනාගාරය මිලිටරීකරනය කිරීමට ගෝඨාභයගෙන් විශේෂ නියෝගයක්

බන්ධනාගාරගත විශේෂ ගණයේ සිරකරුවන් නියාමනයට විශේෂ ඒකකයක් පිහි‍ටුවීමට ගෝඨාණ්ඩුව සැලසුම් කොට ඇත.

ගෝඨාභයගේ විශේෂ නියෝගක් ප්‍රකාරව වසර 12 ක් හමුදාවේ සේවය කොට ඉවත්වූ හමුදා සෙබළුන් කණ්ඩායමක් බන්ධනාගාර නියාමකවරුන් ලෙස බඳවා ගැනිමට නියමිතය,

දැනට කි‍්‍රයාත්මක බන්ධනාගාර බුද්ධි ඒකකයට අනුබද්ධ නමුත් විශේෂ ඒකකයක් ලෙස මෙය පිහි‍ටුවීමට නියමිතය. මීට අදාල කැබිනට් පත්‍රිකාව දැනටමත් සකසා ඇති බව වාර්තා වෙයි..

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඊයේ (23දා) පැවති මාධ්‍ය හමුවකදී මෙම පුවත සත්‍ය එකක් බව ප්‍රකාශ කළේය.

මේ පිළිබදව බන්ධනාගාර අධිකාරීවරයෙකුගෙන් අප විමසීමක් කලෙමු. ඔහු කීවේ මෙවැන්නකි. බොහෝ විට ඉදිරියේදී බන්ධනාගාරයත් ගජබා රේජිමේන්තුවේ නිලධාරීන් අතට පත් විය හැකි බව ඔහු කීවේය. තුනෙන් දෙකේ බලයක් ලැබූ ජනපති එවැනි තීන්දුවක් ගැනීම විවේචනය කළ නොහැකි බව ඔහු කීවේය. නමුත් ගජබා නිළධාරින්ට බාර දුන් කිසිම සිවිල් වැඩ කටයුත්තක් සාර්ථක නොවූ බව ඔහු මතක් කළේය.