සිරිසේන ආණ්ඩුවට එරෙහි කුමන්ත‍්‍රණයක.. වෙලාව ආවාම පනින්න සූදානමක.. ශෙහාන් සේමසිංහ හෙළිකරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව තුළ සිටම ආණ්ඩුව විරුද්ධව කුමන්ත්‍රණයක් කරන ආකාරයක් හැඟී යන බව රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ 2015 වසරේදී මෙන් ආණ්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණයක් සිදුවන බවට සැක මතු වී ඇති බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ඇමැති දයාසිරි ජයසේකර විසින් මෑතකදී සිදුකරන ප්‍රකාශයද එවන්න සේ සැලකිය හැකි බවද ඔහු කියා සිටියේය.

දැනට ආණ්ඩුව තුල සිටිමින් තීරණාත්මක මොහොතක සිය කුමන්ත‍්‍රණය ක‍්‍රියාත්මක කිරීමට මෙම පිරිස් බලා සිටිනවා යයිද ඔහු පැවසීය. ඔහු මෙම අදහස් පළ කළේ අනුරාධපුරයේදී පැවති උත්සවයක් අමතමිනි.

Add Comment