විරුවන් ගෙදර, රෙදි නැතිව කඩේ ගිය කමල්ට සහ රෙදි ඇඳන් කඩේ ගිය ශවේන්ද්‍රට උසස් වීම්, මරු සිස්ටම් චේන්ජ් එක ?

මිලිටරි ක්‍රියාන්විතය මගින් කොටි ත්‍රස්තවාදීන් පරාජය කිරීම මෑත ඉතිහාසයේ සිදුවූ සුවිශේෂී සිදුවීමකි. එහිදී සරත් ෆොන්සේකා මිලිටරියට ලබා දුන් නායකත්වය නොවන්නට අප මේ කියවන ඉතිහාසය වෙනස් වීමට බොහෝ ඉඩකඩ තිබුණි. නමුත් යුද්ධය අවසන් වීමත් සමග හමුදා සෙන්පතිවරු රාජපක්ෂලාගේ දේශපාලන දං පෙතේ ඉත්තන් බවට පත් විය . යුධ ජයග්‍රහණයයෙන් අනතුරුව රාජපක්ෂ ආණ්ඩුව හමුදාපති සරත් ෆොන්සේකාට බිය විය .හැකි සැම විටම ඔහුගේ ත‍ටු කැපීමට උත්සාහ කළේය.

ෆොන්සේකාගේ සමග හිතවත් යයි සැක කළ හමුදා ඉහල නිළධාරීන් 39 කිසිදු චෝදනාවකින් තොරව හමුදාවෙන් නෙරපා හැරියේය. රාජපක්ෂලා මිලිටරි ජයග්‍රහණය සිය නමට ලියා ගත්හ, මිලිටරිය සිය ග්‍රහණයට ගත්හ . එතැන් පටන් රාජපක්ෂලාට ගොට්ට නොඅල්ලන හමුදා සෙන්පතිවරුන්ට පැවැත්මක් නොමැති ව්ය.

හමුදාපති ෆොන්සේකාට පසු මිලිටරි ක්‍රියාන්විතයේ සුවිශේෂතම කාර්ය භාර්ය ඉ‍ටු කළේ, 59 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත, 57 වැනි සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ඩයස්‌, 55 වැනි සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප‍්‍රසන්න සිල්වා යන සෙන්පතියන්ය. මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ ඉ‍ටු කළ සේවයද අමතක කළ නොහැක. මොවුන් ශවේන්ද්‍ර, කමල් ගුණරත්න මෙන් මාධය සංදර්ශන තැබුවේ නැත. නියම සෙන්පතිවරු ලෙස රාජකාරිය ඉ‍ටු කළහ.

ජගත් ඩයස් , චාගි, ප්‍රසන්න නන්දන ගෝඨාගේ වියත් මග වේදිකාවට ගොඩ වූයේ නැත.මැදමුලන වලව්වේ වළං සේදීමට ඔවුන් කැමති වූයේ නැත. ගෝඨා පුම්බන පොත් ලිවීමට කැමති වූයේ නැත. ඒ නිසා ඔවුන්ගේ සේවයට ඇගයීමක් නැත. ඔවුන්ට ප්‍රමෝෂන් නැත. එය විශාල අසාධාරනයකි, ඊටත් වඩා නරක පූර්වාදර්ශයකි.රාජපක්ෂලා පැහැදිලිවම කියන්නේ අපිට ගොට්ට අල්ලන උන්ට මිස අනෙක් උන්ට පැවැත්මක් නැති බවය .

අදදින ප්‍රමෝෂන් ලැබුනේ ගෝඨායට රෙදි නැතිව කඩේ ගිය කමල්ට සහ රෙදි ඇඳන් කඩේ ගිය ශවේන්ද්‍රට පමනි. රටට කල සේවය වෙනුවෙන් ප්‍රමෝෂන් දුන්නේ නම් ප්‍රසන්න, නන්දන, ජගත්, චාගි අමතක කළ නොහැක. එබැවින් ඔබ ප්‍රමෝෂන් දී ඇත්තේ කඩේ ගිය අයට බව පැහැදිලිය. ඔබේ ප්‍රතිපත්තිය ” කඩේ යන උන්ට ප්‍රමෝෂන්, කෙලින් වැඩ කරන උන් ගෙදර ” බව පැහැදිලිය

තවද විශ්‍රාම ගිය ආරක්ෂක ලේකම් ප්‍රමොෂන් අදින විට සතුරා සමග මුහුනට මුහුනලා සටන් කොට ආබාදිත තත්වයට පත්වූ බ්‍රිගේඩියර්ලා 5ක්, නාවික කොමද්‍රෝරු වරයෙක් සහ ගුවන් කොමදෝරු වරයෙකුට නීත්‍යානුකූලව ලැබිය යුතු උසස් වීම් පවා අහිමි කොට ගෙදර යැවූහ. ඔවුන්ගෙන් කිහිප දෙනෙක් සාධාරණය අයදිමින් අධිකරණය හමුවට ගොස් ඇත.