‘හූ’ කියනකන් විශ්වාස කළේ නෑ නේද ?

යුද්ධෙ කාලෙ ජෙනරල් සරත් ෆොන්සේකා ඒක මෙහෙයවපු හැටි ගැන ජෙනරල් ජගත් ඩයස්, කමල් ගුණරත්න, ශවේන්ද්‍ර සිල්වා ඇතුලු මුල් කවයේ හිටපු ගොඩක් අය කියන දෙයක් තියෙනවා. ඒ තමා ඔහු කොළඹ ඉඳගෙන ස්ට්‍රැටජීස් හදමින් වෙනස් කරමින් නියම නායකත්වයක් දුන්නා කියන එක. මෑතකදි ඉන්ටවීව් එකකවත්මන් හමුදාපති ශවේන්ද්‍රත් ඒ ගැන ලස්සන පැහැදිලි කිරීමක් කලා.

හැබැයි ඒ කවුරුවත් කියන්නෙ නෑ අලිමංකඩ කෑම්ප් එකේ හත් අට දෙනෙකුට උණක් හැදුනාම ෆොන්සේකා ගිහිල්ලා දොස්තරලාට උපදෙස් දුන්නාය, මුලතිව් කෑම්ප් එකේ නිවාඩු ගිය අය ආයි නාවාම ෆොන්සේකා ජීප් එකක් අරං උංව අල්ලන්න ගියාය, කිලිනොච්චියෙ ෆුඩ් සප්ලයි එක අප්සට් වුනාම ෆොන්සේකා මුට්ට කර ගහලා කෑම පටවලා යැව්වාය වගේ දේවල්.

එහෙම එකකට නායකත්වය දීපු කෙනෙක් නං දන්නවා.. .. ඉතිං රටේ ජනාධිපති කියන්නේ කියන්නෙ RMV එකට කඩා පැනලා උපදෙස් දෙන්න, මහ බැංකුවෙ කට්ටියට ටූල්ස් පාවිච්චි කරන හැටි කියලා දෙන්න, සේනා දළඹුවෝ මර්ධනේ කරන හැටි ස්පෙශලිස්ලාට කියලා දෙන්න, පොහොර සහනාධාරෙ ලැබෙන එක ගැන ගොවියොන්ට කතා කරන්න ඉන්න කෙනෙක් නෙමේ.

ජනපති කියන්නේ රටේ ස්ට්‍රැටජික් (උපාය මාර්ග සැකසීම, අධීක්ෂණය පිළිබද වගවන්නෙක්) වැඩ කරන්න තියෙන කෙනෙක් . ඉතිං කැමරා ටිකක් උස්සගෙන ගිහිං සංදර්ශන තියලා හරියන්නේ නෑ . ස්ට්‍රැටජි විදියට වැඩ කරන්න , රිසල්ට් ඩිලිවර් කරන්න මොලේ පොඩ්ඩකුත් තියෙන්න ඕනෙ.

රවීශ තිලකවර්ධන

පසු සටහන- අපි කොච්චර කීවද ඔය ඉන්නේ සායම් බාල්දියට වැ‍ටුන නරියෙක් කියාලා…කෙහෙද, හූ කියනකන් විශ්වාස කලේ නෑ නේ… දැන් හරිනෙ….

Add Comment