මැදපෙරදිග ශ්‍රමිකයන් අනාථ කොට යුක්‍රේනුවන් ගෙන්වීම ද්‍රෝහී වැඩක් ! යුක්‍රේනයේ කොරෝනා වලින් දිනකට 200 ක් මිය යනවා

යුක්‍රේරේනය යනු ලංකාව මෙන්ම ඉතා අඩු PCR ප්‍රමාණයක් කරන රටකි. එවැනි අඩු පර්යේෂණ ප්‍රමාණයක් සිදු කරන අතර තුරදී වුවද සෑම දිනකම කොරෝනා රෝගීන 10000 පමන වාර්තා වෙයි . තවද කොරෝනා වසංගතය හේතුවෙන් සෑම දිනකම මිනිසුන් 200 වැඩි පිරිසක් මිය යයි. යුක්‍රේනය කොරෝනා රෝගීන් මිලියනය ඉක්මවූ රටකි .

පසුගියදා (28දා) සංචාරකයින් 180 දෙනෙකු රැුගත් විශේෂ ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපළට පැමිණියේ එවැනි රටක සිටය. ලංකාවට වින කරන යුක්‍රේන ජාතිකයන් පිරිස මල් මාලා දමා පිලිගත්හ. නැටුම් ගැයුම් වලින් සමන්විතව විශේෂ පිළිගැනීමකට ලක් කෙරුණි. යුක්‍රේනුවන් පිලිගැනීමට අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග, ඞී. වී. චානක ඇතුළු පිරිසක්ද පැමිණියහ. තවද යුක්‍රේනයේ සිටි සංචාරකයන් 40000 ක් ගෙන්වා ගැනීමට නියමිත බව ප්‍රකාශ විය.

යුක්‍රේනයේ සිට පැමිනි පිරිස කොරෝනා වාහකයන් වීමට අමතරව තවත් සැක සංකා බොහොමයක් විය.එම ගුවන්යානයේ පැමිනි යුක්‍රේන් ජාතිකයන් උදයංග වීරතුංගගේ හිතවතුන් විය .ඔවුන් ගුවන් යානයේ ‍රැගෙන ආ බඩු භාණ්ඩ නිසි පරිදි නිෂ්කාශනය නොවූ බවට මාධ්‍ය හරහා වාර්තා පල විය.

මෙම ගුවන් යානය පැමිනීමට දින කිහිපයකට පෙර කොත්තමල්ලි ලෙස සදහන් වූ බහලුම් බහාලුම් 28 ක් ලංකාවට ආනයනය කොට තිබුණි. නමුත් යුක්‍රේනය්න් එවූ බහලුම් තුල කොත්තමල්ලි නොතිබුනි. බහාලුම් තුළ අඩංගු ද්‍රව්‍ය හඳුනා ගැනීම සඳහා අඛණ්ඩව පරීක්ෂණ ක්‍රියාත්මක බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය .

කෙසේ වුවද බහළුම් තුල වූ දෑ මේ දක්වා හඳුනා ගෙන නැත.මෙම බහළුම් ආනයනය කොට තිබුනේ යුක්රේනයේ පිහිටි ඇග්‍රොනිකා ට්‍රේඩ් (Agronika Trade) නම් ලෝපතල ජාවාරම්කාර ආයතනයකින් ය.

තවද දුෂ්ඨ ගෝඨාණ්ඩුව යුක්‍රේන් ජාතිකයන් 40000 ක් මෙරටට ගෙන්වන්නේ ලංකාවේ විදේශ ශ්‍රමිකයන් දහස් ගණනක් මැදපෙරදිග අනාථ වී සිටියදීය.දුෂ්ඨ ගෝඨාණ්ඩුව යුක්‍රේනුවන් ගෙන්වන්නේ මැදපෙරදිග අම්මලාට ලෝකයේ පැරණිතම වෘත්තිය උරුම කරමිනි. තවත් බොහෝ දෙනෙකු සිඟමනට සහ මහ පාරට ඇද දමමිනි. මෙවැනි දුෂ්ඨ ආණ්ඩුවක් දන්නා ඉතිහාසයේ කිසි දිනක අප නම් දැක නැත

Add Comment