ගෝඨාට කොන්දක් නැතැයි ගැටඹේ හිමි මූනටම කියල

ගෝඨාභය බලයට ගෙන ඒමට සිවුර සහ පන්සල ඉ‍ටුකළ කාර්යභාරය අසමසම එකකි. නමුත් ගෝඨා බලයට ගෙන ආ සිවුරු බලවේගය පසුගියදා ගෝඨා වැඩ සිටින ජනාධිපති ලේකම් කාර්යාලය වැටළුවේය. ඒ මුස්ලිම් කොවිඞ් මරණ භූමදාන කළයුතු යැයි ගෝඨාගේ ආණ්ඩුවේ අධිකරණ ඇමැති අලි සබ්‍රි ගෙන යන සටනට එරෙහිවය.

සිවුරු බලවේය මේ තරම් ඉක්මනට ජනපති ලේකම් කාර්යාලය වටලාවි යයි ගෝඨා හීනකින් වත් සිදුවේ නැත. සිවුරු කැ‍රැල්ලේ කසකරුවන් වූයේ ගෝඨා බලයට එළි පිටම කඩේ ගිය මැඩිල්ගේ හිමි, මාගල් කන්දේ හිමි , ඇතුලු පිරිසය.

කැරළිකාර භික්ෂූන්ගේ ආක්‍රමනයෙන් ඉස් මොළ රත්වූ ගෝඨා මහනායක හිමිවරු සොයා නුවට බලා ගියේය. නමුත් මෙවර මහනායක හිමිවරුන්ගෙන් ගෝඨාට අස්වැසිල්ලක් නොවුනි. විශේෂයෙන් ගෝඨාභයට කෙලින් තීරනයක් ගැනීමට කොන්දක් නැතැයි කියා ගැටඹේ නාහිමි මූනටම කීවේය.

වඳින්ට ගිය දේවාලය ඉස මත කඩා වැ‍ටුණු ගෝඨා කොළඹ පැමිනි විගස කැරළිකාර භික්ෂුන් ගැන බුද්ධි අංශ වාර්තාවක් කැඳවූයේය. සංඝ කැ‍රැල්ල පි‍ටුපස විජේදාස රාජපක්ෂ සහ ඔහුගේ පුත් රඛිත රාජපක්ෂ සිටින බවට පුවතක් පලකරන්නේ ඉන් පසුවය. අලි සබ්‍රිගේ අධිකරණ ඇමති ධූරය ඩැහැ ගැනීමට විජේදාස සහ රඛිත කුමන්ත්‍රණනය කරමින් සිටින බවට පුවත් නිර්මානය වන්නේ ඉන් අනතුරුවය.

ගෝඨාභයට කොකටත් තෛලය ලෙස ආලේප කරන්නේ සැලේගේ බුද්ජි අංශය සහ දෙරණ දිලිත් ජයවීර දෙන සැලසුමය. නමුත් ඒවා සිවුරට ඇප්ලයි කිරීම භයානකය.බණ්ඩාරනායකට කෙලවුනේද එතැනය

Add Comment