
මෙරටට පැමිණි යුක්රේන සංචාරකයින් කණ්ඩායමක් ඊයේ (02) පස්වරුවේ යාල ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරත වී තිබේ.ඊට යුක්රේන ජාතිකයින් 102ක් සහ ළමුන් 11 දෙනෙකු එක්වී ඇත. ඔවුන් ඉකුත් 28 හා 29 දෙදින තුළ මෙරටට පැමිණි සංචාරක කණ්ඩායමට අයත් පිරිසකි. ඔවුන්ගෙන් 6 දෙනෙකුට කොරෝනා පොසිටිව් බව සෞඛ්‍ය අංශ වාර්තා කර තිබුණි
ඊයේ දිනයේ කැකිල්ලේ නඩු තීන්දු සිහි කරමින් යුක්රේන ජාතිකයින් සංචාරයට රැගෙන ගිය ලාංකික සෆාරි ජීප් රථ රියදුරන් 28 දෙනෙකු දින 14ක නිරෝධායනය සඳහා රැගෙන ගොස් තිබුණි. සෆාරි රියදුරන් රැගෙන ගියේ යුධ හමුදාවේ කණ්ඩායමක් විසිනි.එදා වේලා ගැට ගහ ගන්න්නා මොවුන් සහ යැපෙන්නම් මේ හේතුව නිසා අසරණව ඇත
“සෆාරි ගිහින් ආවට පස්සෙ යුද හමුදාවෙන් ඇවිත් අපිව අරන් ගියා. අපි කිසිදෙයක් දන්නෙත් නෑ. දන්නවා නම් අපි එන්නෙත් නෑ. හිඟන යුක්රේන් සුද්දෝ රට වටේ ඇවිදිනවා. අපිව කොටු කරනවා, මේක මහ උන් හම්බකරගෙන කන මාෆියාවක්” යන ආදී වශයෙන් සෆාරි රියදුරන් අම්මා මෝ නැතිව සුද්දන් ගෙන්වූ උන්ට බැන වදිමින් සාප කරන අයුරු දැන් දැක ගත ගැකිය.