පිස්සු ආචාරියා මහජන පරමාධිපත්‍ය උඩ පහරයි, ආයතන සංග්‍රය උල්ලංඝනය කරයි, බාස් පැණි බි පිස්සු තද වෙලා !

අපේ රට වයවස්ථාවෙන් ස්ථාපිත කොට ඇත්තේ ”ජනරජයක්” ලෙසිනි . ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ලෙස එය ව්‍යවස්ථාපිතය. ජනරජයක ඡන්දයෙන් පත්වන නියොජිතයන් බලයෙන් අග්‍රය. රාජ්‍ය නිලධාරීන් සිටින්නේ මහජන නියෝජිතයන්ට පහලිනි. පාර්ලීමේන්තු මන්ත්‍රිවරයෙකුට හමුදාපති, පොලිස් පති පවා ආචාර කරන්නේ එබැවිනි.

මානසික ආබාධයක් ඇතැයි සැක කරන නලීන්ද සිල්වා අද දින තම ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් රාජ්‍ය ඇමතිනි සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේට දෝෂාරෝපනය කොට ඇත.

උපුටා ගැනීම, ”සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙ කියන්නෙ බටහිර වෙද හාමිනේ කෙනෙක්. ඇය හොඳ හොඳ කතා කියනවා… මේ අය ආදාහනයට විරුද්ධ වෙලා තමන්ගෙ දෙවියන් වහන්සේට නිග්‍රහ කරනව… ඔවුන් කියන්නෙ දෙවියන් වහන්සෙ මැවූ ආත්මය මිනිසුන්ට විනාශ කරන්න පුළුවන් කියල… ඒ කියන්නෙ මේ සතපහකට වැඩක් නැති මිනිසුන් සර්වබලධාරී දෙවියන් වහන්සේට වඩා බලවත් කියන එක ද?” උපුටා ගැනීම අවසන්.

ජනරජයක පරිපාලන රේඛාවේ පහල සිටින නලීන් සිල්වා වැනි අයෙකු, අණදෙන රේඛාවේ ඉහලම සිටින ව්‍යවස්ථාදායක නියෝජිතයෙකුට මේ ආකාරයෙන් ඇමතීම ආයතන සංග්‍රහය කෙලසීමකි ( Disobedience to establishment code )

මෑතකදී China Communications Construction Company, Ltd කලාපීය නියෝජිතයා රාජ්‍ය නිලධාරින් ගැන අපූරු කථාවක් කීවේය.දේශපාලකයන් සමග ගණුදෙණු කරනවාට වඩා රාජ්‍ය නිලධාරීන් සමග ගණුදෙනු කිරීම වාසිදායක බව ඔහු කීවේය. මක්නිසාදයත් දේශපාලකයෙකුගේ පැවැත්ම අවු 5කි . නමුත් රාජ්‍ය නිලධාරියෙකුගේ අල්ලාගත් විට එක දිගට අවු 30 – 40 වැඩ ගත හැකිය.

ජනතා පරමාධිපත්‍ය මත පහරමින් පිස්සු කෙලින නලීන් සිල්වා වැනි රාජ්‍ය නිලධාරීන් වහාම බැඳ දැමිය යුතුය. ලංකාව අසාර්ථක රාජයක් බවට පෙරලීමේ මූලික වගකීම දැරිය යුත්තේ මහජන නියෝජිතයන්ට වඩා දූෂිත සහ පිස්සු කෙලින රාජ්‍ය නිලධාරීන්ය.

Add Comment