රාජිතට පන්සල් තහනම් කල භික්ෂුව වසර 7කට හිරේ ගිය අයෙක්- චෝදනාව බුදුරුව පාමුල දරුවෙකු දූෂණය

පසුගියදා මංගල,රාජිත සහ  චතුර සේනාරත්න කිසිම විහාරස්ථානයකට ඇතුළු කර නොගැනීමට  ගම්පහ  ශාසනාරක්ෂක බලමණ්ඩලය ගත් තීන්දුව කොයි කාගේත් අවධානයට ලක් විය. රාජිතලා මහා සංඝරත්නයට අපහාස කරන්නේ යයි කියා මෙම තීන්දුව ගත්තේ පහළගම සෝමරතන හිමියන්ගේ මූලිකත්වයෙනි. එම තීන්දුවෙන් පසු අදහස් දැක්වූ සෝමරතන හිමි කියා සිටියේ ඉදිරියේදී අනෙක් විහාරස්ථානද රාජිතලාට ඒ හා සමාන දණ්ඩනයන් පන වනු ඇති බවය. නමුත් සිදුවූයේ අනෙකකි. ඇත්තටම සිදුවූයේ මංගලලාට පන්සල් වැසීයාම නොව මෙකී තහනම පැනවූ භික්ෂුව කුඩා දරුවෙකු දූෂණය කොට හිරේ ගිය අයෙකු බව හෙලි වීමය.

සෝමරතන හිමි කල අපරාධය පිලිබද සත්‍ය විස්තරය

මේ පිළිබද වැඩි විස්තර ‘ළමුන් ලිංගිකව අපයෝජනය කොට දඬුවම් ලැබූ චීවරධාරියෝ’ නමින් ඇති විකිපීඩියාවෙන් ලබා ගත හැක.  අපචාර නඩුව අධිකරණයට ඉදිරිපත් වූ විට සෝමරතන හිමි කීවේ තමා ඒ කිසිවක් නොදන්නා බවය. ඒ අනුව සාක්ෂි කැදවීම සිදුවූ අතර එහිදී  චෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු  විය. අනතුරුව තීන්දුව ප්‍රකාෂයට පත්කරමින් විණුසුරුවරයා කියා සිටියේ සෝමරතන කල අපරාදය පිළිබදව කිසිදු පසුතැවීමකින් තොරව හැසිරෙන ආකාරය චිශ්මය දනවන බවය. මෙම නඩුවේ තීන්දුව ප්‍රකාෂයට පත් වූයේ 2012 වසරේදීය .

සෝමරතන 7 වසරකට හිරේ ගිය පුවත ලංකාදීප වෙබ් අඩවිය 2012 ජූනි 1 දින වාර්තා කල අතර එම පුවත මෙම දිගුවෙන් කිය විය හැක .http://www.lankadeepa.lk/latest_news/%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%9C%E0%B6%B8-%E0%B7%83%E0%B7%9D%E0%B6%B8%E0%B6%BB%E0%B6%AD%E0%B6%B1-%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92-%E0%B7%84%E0%B6%AD%E0%B7%8A-%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A-%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%9A-/1-46107

නීතිය නැවිය හැකි නිසා ලංකාවේදී එල්ල වූ චෝදනා වලින් ගොඩ ගියේය

සෝමරතන හිමි  හිරේ ගියේ ලන්ඩන් වලදීය. මෙම කුඩා දැරිය දූෂණය කලේ ලන්ඩන් බෞද්ධ විහාරයේ බුදුරුව පාමුල දීය.  දූෂණයෙන් අනතුරුව දරුවා බිය ගන්වා එය දෙමාපියන්ගෙන් වසන් කිරීමට උත්සාහ කර තිබුණි. සෝමරතන හිරේ ගියේ එංගලන්තයේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වල කාර්යක්ෂමතාව සහ ස්වාධීනත්වය නිසාය.  කෙසේ වුවද ඔහුට එරෙහිව ගොනු වූ බාල අපචාර චෝදනා ගනනාවක් දැන් කරලියට පැමිනෙමින් ඇත . 2007 වර්ෂයේ හැටී සෙනවිරත්න නමින්  ළමා සංවර්ධන මධ්‍යස්ථානයක් ආරම්භකොට එහි වූ ලමුන් 6 දෙනෙකු අපයෝජනයට ලක්කොට ඇති බවට චෝදනාවක් වෙයි.

සෝමරතන හිමිට හූ මිටි ඇල්ලූ උන් ගලේ පැහැරූ බලලුන් බවට පත් වීම

සෝමරතන හිමි හිරේ ගිය පුවත මේ දක්වා දැන සිටියේ ඉතා සුළු පිරිසකි. කොටින්ම කියතොත් රාජිතලාට පැනවූ වාරණයට හූමිටි තියමින් සෝමරතන හිමි සමග එකට සිටගත් ගම්පහ දේශපාලකයන්වත්  ඔහු බාල අපචාරකරුවෙකු බව දැන නොසිටියහ . සෝමරතනගේ පැටිකිරිය එලියට පැමිනීමත් සමග ඔහු සමග ඡායා රූප වලට පෙනී සිට් දේශපාලකයන් ගලේ පැහැරූ බලලුන් බවට පත් වී ඇත. කුනු කේස් එකක් ජනගත වීම නිසා දැන්  උපාසක අම්මලා සෝමරතනගේ පන්සලට නොඑන තත්වයක් උද්ගත වී ඇත . ඉදහිට අම්මලා එකෙක් දෙන්නෙක් ආවද ඒ කිසිවෙකු කුඩා ලමුන් ‍රැගෙන ඒමෙන් වැලකී ඇත.

By තුෂාරා වන්නිආරච්චි